බස්නාහිර ගොඩනැගිල්ල සුවදවත් කරන්න වසරකට කෝටි 03ක්.. යන්ත‍්‍රවලට පමණක් එක්කෝටි හැට ලක්‍ෂයක්..

October 11, 2018 at 3:00 pm | lanka C news
බස්නාහිර ගොඩනැගිල්ල සුවදවත් කරන්න වසරකට කෝටි 03ක්.. යන්ත‍්‍රවලට පමණක් එක්කෝටි හැට ලක්‍ෂයක්..

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල සුවඳවත් කිරීම සඳහා රුපියල් එක්කෝටි 63 ලක්ෂ 62500ක මුදලක් වියදම් කර එයාර් ප්‍රෙෂ්නර් යන්ත‍්‍ර සවිකර ඇති බව එම පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී සුලෝචන ගමගේ මහතා චෝදනා කරයි.

මෙම එයා ප්‍රශ්න නැවත පිරවීම සඳහා එක් වතාවකට රුපියල් 2,625,000 මුදලක් වැයවන බව ද ඔහු සඳහන් කරයි.

මහල් 15 කින් යුතු නව ගොඩනැගිල්ලේ සෑම කාමරයකටම එයාර් ප්‍රෙෂ්නර් සවිකර ඇති අතර ඒ අනුව රුපියල් 18,700 බැගින් යන්ත‍්‍ර 875 මිලට ගෙන ඇති බව ද ඔහු පවසයි.

සති 03කට වතාවක් මෙම යන්න සුවඳ පිරවිය යුතු එක්වතාවක් නැවත පිරවීම සඳහා එක් යන්ත‍්‍රයකට රුපියල් 3000ක් බැගින් යන්ත්‍ර 875ට 2,625,000 මුදලක් වැය වන බව ද ඔහු සඳහන් කරයි.

වසරක කාලයක් සඳහා මෙම යන්ත්‍ර වලට සුවඳ පිරවීම සඳහා පමණක් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැයවන බව ද ඔහු කියා සිටී.

7,565 Viewers

10 Comments to “බස්නාහිර ගොඩනැගිල්ල සුවදවත් කරන්න වසරකට කෝටි 03ක්.. යන්ත‍්‍රවලට පමණක් එක්කෝටි හැට ලක්‍ෂයක්..”

  1. sunimal says:

    මුන්ට මතක නැහැ මුන්ගේ ඇගේ තියන වැසිකිලිය

  2. Gayantha says:

    මේ යකා නන් උපන් ගෙයි හොරෙක් වගේ. හිටන් වුනත් සද්ද නැතුව ඉන්නේ මේවට එයත් සම්බන්ධ ඇති.

  3. Love nature says:

    කොතන වුණත් නැත මරු හට බාදා
    විදින මෙසැප පින් ඇති තෙක් වේදා
    ගෙවන සසර දුක් බුදු බණ නාදා
    කුමන නැටුම් කෙළි කවට සි නාදා

    “කොතනකදී වුවත් මරණයට බාදාවක් නැත. අප විඳිනා වූ සියලු සැප පින්ඇති තෙක් පමණි. සසර දුක් නැති කරන්නා වූ බුදුබණ නො අදහා සිනාසෙමින් කරන මේ නැටුම් ගැයුම් වැයුම් කුමණ විහිලුවක්ද?”

  4. janatahaawa says:

    පුන්නකු සුවඳ??. ජනතා මුදල් මෙසේ අවබාවිත කරන බූරුවන් එන චන්ඳෙන් ගෙදර​

  5. නිර්වස්ත්‍රං පරමං සුඛං. says:

    “කොට මොඩල් ළඟ පිකප් ” .මිටි නම් කම්කරු න්‍යායට අනුව නම් ඉසුරු සිටිය යුත්තේ ලක්‍ෂ හයේ පුටුුවක නොව පාර අතුගානා කම්කරු වෘත්තියේය​.එසේ කිරීමෙන් රටට විශාල සේවයක් කරනා කම්කරු මහතුනට අපහාසයක් සිදුවීම පිළිබඳව අපි කණගාටුව ප්‍රකාශ කරමු.කාණුවේ දුගඳ,කම්කරුවාගේ දහදිය සුවඳ නොහඳුනනා මෙවන් අඳ බාලයන් තැබිය යුතු තැන තබන්නට ජනතාව උනන්දු වන්නේ නම් ජාතික ධනය මෙලෙස නාස්ති වීම වලක්වා ගත හැකිය​.ජනතා මුදල් මෙලෙස කාබාසිනියා කරනා උන් කවදා හෝ නිවස්ත්‍රං පරමං සුඛං භාවයට පත් වනු නොඅනුමානය​..

  6. Love nature says:

    කුනුවෙලා දියවෙලා යන මේ සතර මහා ධාතුව කුනු සිරැර ඉල්ලන ඉල්ලන දේම පමනක් දිදී ඉන්න

  7. ශාන්ත බණ්ඩාර says:

    මේ රටට කරන අපරාධයට නුඹලාට හෙන ගන්න කියා ප්‍රාර්ථනා කරනවා හැරෙන්න රට වැසියන් වු අපට කියන්න දෙයක් ඉතිරි වි නැත.

  8. Saradiel says:

    ගමේ මිනිසුන් කන්නේ මුරුංගා කොළ ලැජ්ජයි මුන්ව ගමට ගන්න එපා

  9. සුවදවත් කරන්න වසරකට කෝටි 03ක්.. යන්ත‍්‍රවලට පමණක් එක්කෝටි හැට ලක්‍ෂයක්.. says:

    සුවදවත් කරන්න වසරකට කෝටි 03ක්.. යන්ත‍්‍රවලට පමණක් එක්කෝටි හැට ලක්‍ෂයක්..මුන් මාර ගද ගැස්වීමක් නේ කොරන්නේ. කුනුවෙලාද?

  10. migara says:

    godanegilla suwanda karanta kooti ganan mahajana mudala wiyadam karanawa.
    dawasin dawasa tel mila wedikaranawa.
    duppath minissu waahana duwanne unp aanduwe methi aemathilaage ammalaage hutthe
    keriwalinda. paahara jadayo..thuh….nodakin.

Leave a Comment

Main News