බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුවට බහුතරය අහිමි වේ.. යෝජනාව අකුලා ගනී..

March 8, 2017 at 3:38 am | lanka C news
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුවට බහුතරය අහිමි වේ.. යෝජනාව අකුලා ගනී..

හවුල් ආණ්ඩුවේ වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කරමින් බස්නාහිර පළාත් සභාව වෙත ඊයේ (07) ගෙන ඒමට සූදානම් වූ යෝජනාවක් සභාවේ බහුතර මන්ත්‍රීන්ගේ සහයෝගය නොමැති වීම නිසා අකුලාගෙන තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඉදිරියට ගෙන යනු ලබන යහපාලන  වැඩපිලිවෙලට සහයෝගය දැක්වීම සදහා මෙම යෝජනාව පළාත් සභාව වෙත යොමු කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය විසිනි.

පළාත් සභාවේ නියමිත කටයුතු නිමවීමෙන් අනතුරුව දහවල් 12.30ට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඒ වන විට සභාවේ රැඳී සිටියේ යෝජනාවට පක්ෂ මන්ත්‍රීවරුන් නව දෙනකු පමණි.

සභාවේ රැඳී සිටි මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය මෙම සුදු හුණු යෝජනාවට විරුද්ධ විය හැකි බව දුටු ‍කිත්සිරි කහටපිටිය ඇතුළු පිරිස සභාවේ ඝන පූර්ණය නැති බව කියමින් යෝජනාව කල් දමා ගැනීමට කටයුතු කළහ.

යෝජනාව ගෙන එන විට සභාවේ රැඳී සිටි පිරිසෙන් එක් අයකු වූයේ සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරන ලලිත් වනිගරත්න ඇමැතිවරයා වන අතර අනෙක් අටදෙනා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වූහ.

සභාවේ රැඳී සිටි අනෙකුත් සියලු මන්ත්‍රීවරු මහින්ද පාර්ශ්වය නියෝජනය කරන අය වීම නිසා යෝජනාව අකුලා ගැනිණි.

– සුදේශ්

10,582 Viewers

2 Comments to “බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුවට බහුතරය අහිමි වේ.. යෝජනාව අකුලා ගනී..”

  1. asaranaya says:

    පුලුවන් කාරයන් හමුවෙහි දණින් වැටී
    සුලු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී,
    බලුකම් වලින් අන්තිම බලුකමේ හැටී
    බැලුමට කැමතිනම් මුන් දෙස බලනු වටී.
    කියන්නට ඇත්තේ එපමණයි.

  2. Dickie Bird says:

    Its time WPC focus on the Bond issue fulltime and demand the truth.
    Because Sirisena does not have a backbone to stand up.

    People need to rise against the bond scam and where are the deshapremi UNP’ers?
    Stand up for what is right…………….

    Listen to prof. Rajiv Wijesinghe being interviewed by Faraz Shaukatally on this bond scam on News first.
    UNP’ers should be hiding in ashamed.

Main News