බස් නැවතුම්පලේ දෙපාර්ශවය සමගි කරන්න නියෝජ්‍ය පොලිස්පති මැදිහත් වෙයි…

January 6, 2018 at 2:06 am | lanka C news
බස් නැවතුම්පලේ දෙපාර්ශවය සමගි කරන්න නියෝජ්‍ය පොලිස්පති මැදිහත් වෙයි…

දින 4ක් පුරාවට වසා තිබූ වව්නියාව පැරණි බස් නැවතුම්පලේ සියලු වෙළඳසැල් ඊයේ (04) සිට විවෘත්ත කොට ඇති අතර බෙදන ලද නව බස්නැවතුම්පලේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා අකාරය පිළිබඳ සාකච්ඡාවක් වන්නි දිශාව භාර  නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

වව්නියාව නව බස්නැවතුම්පලේ පැවති අදාල සාකච්ඡාවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් හා ලංගම බස්හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් සහභාගී වූ අතර නව බස් නැවතුම්පලේ සිට ඉදිරියට ආරවුලක් ඇති නොකොට ධාවන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් අවශ්‍ය උපදෙස් ලබාදුනී.

එහිදී නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් වැඩි දුරටත් බස් සංගම් නියෝජිතයින්හට දැනුම් ධී සිටියේ ඉදිරියේදී බස් ධාවන කටයුතු සමගියෙන් සිදු කළ යුතු බවටත් එසේ නොකොට අධිකරණ නියෝග කඩකිරීම් හා සාමය කඩකිරීම් සිදු කරන්නේ නම අදාල පිරිස් වෙතට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවටද කියා සිටියේය.

ඊට අමතරව දැනට ලංගම බස් හිමියන්ට බස් ධාවනයේදී කාලසටහන් සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව ඉදිරියේදී අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කොට ඉක්මන් විසඳුමක් ලබාදෙන තුරු දැනට පවතින් කාලසටහනට අනුව ගැටුම් ඇති නොකර ගනිමින් ධාවනයේ යෙදෙන ලෙසට දෙපාර්ශවයටම නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් උපදෙස් ලබා දුන්නේය.

මේ වන විට වව්නියාව නව බස්නැවතුම්පල දෙකට බෙදා ලංගම සහ පෞද්ගලික බස් ගාල් කොට ධාවන කටයුතු සිදුවන්නේ නව බස්නැවතුම්පල ඉදිකොට වසරකට පමණ පසුව වීමද විශේෂත්වයකි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,237 Viewers

Leave a Comment

Main News