බස් රථ අනතුරක්.. මගීහු 19 කට තුවාල.. රියදුරුට බරපතලයි…

July 25, 2018 at 5:30 pm | lanka C news
බස් රථ අනතුරක්.. මගීහු 19 කට තුවාල.. රියදුරුට බරපතලයි…

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී අද (25) සිදු වූ බස් රථ අණතුරකින් මගීහු 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කල බවට මැදවච්චිය පොලීසිය කියා සිටියේය.

කොලඹ සිට මුලතිව් පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක සහ විදුලි කනුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව මහරෝහලට සහ මැදවචිය රෝහලට රැගෙන ගොස් ඇත.

අනතුර සිදු වූ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලින් හෙලි වී ඇතයි මැදවච්චිය පොලීසිය කියා සිටියේය.

අනතුරින් බස් රථයටද බරපතල හානි සිදුව ඇති අතර බස් රථයේ වහල කොටස ගැලවී ගොස් ඇති අතරම තුවාල ලබා රෝහල්ගත කරන ලද පිරිසසෙන් බස් රථයේ රියදුරුගේ තත්වය බරපතල බවට වව්නියාව මහරෝහලේ වෛද්‍යවරුන් කියා සිටි අතර මැදවච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්සණ සිදු කරයි.

 

7,065 Viewers

3 Comments to “බස් රථ අනතුරක්.. මගීහු 19 කට තුවාල.. රියදුරුට බරපතලයි…”

  1. David Milli-banda says:

    Kawda ? Ara bada thadiya Nimal Siripaalada driver ?

  2. නෝනා says:

    ලංකාවේ පාරවල දුවන්නෙම ප්‍රය්වෙට් බස් එත් හැප්පෙන්නෙම ලංගම බස්. පදවන විට නිදාගන්න හරි සුරයි ලංගම ඩ්‍රය්වර් මහත්තුරු

  3. Saradiel says:

    ඉක්මන් සුවය ලැබේවා!

Main News