බහුතරය පෙන්වන්න සුදානම්.. රනිල්ගේ කාලය අවසන්..- දිනේෂ්..

February 17, 2018 at 2:10 pm | lanka C news
බහුතරය පෙන්වන්න සුදානම්.. රනිල්ගේ කාලය අවසන්..- දිනේෂ්..

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාටදැයි හෙට හෝ අනිද්දා වන විට පෙන්වීමට සූදානම් යයි ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අගමැතිවරයා ඉවත් කිරීමට අමුතු නීතියක් උවමනා නැති බවත් ශ‍්‍රීලනිපය හා එජාපය අත්සන් තබන ලද ජතෙික ආණ්ඩු ගිවිසුම අවසන් වී ඇති නිසා අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය මේ වන විටත් අහෝසි වී ඇතැයිද ඔහු සදහන් කරයි.

එනිසා අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා අමුතු වෙහෙසක් දැරිය යුතු නැති බවත් ගිවිසුම අවසන් බව පාර්ලිමේන්තුවට දන්වා බහුතරය සහිත පුද්ගලයෙකු නව අගමැතිවරයා ලෙස පත් කිරිමට කටයුතු කල යුතු බවත් ගුණවර්ධන මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේ පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය.

37,866 Viewers

27 Comments to “බහුතරය පෙන්වන්න සුදානම්.. රනිල්ගේ කාලය අවසන්..- දිනේෂ්..”

  1. kamalasirikuruwita says:

    දැන් මේ පෙන්වන්නේ රනිල් මයිත්‍රී චිත්‍රපටි කොම්පනි යේ අලුත්ම නාට්‍ය ” අපි කපටියි රට කොටියට ” නාට්‍ය හෝ
    ” සැප අපිටයි රට බල්ලට ” යන නාට්‍ය වෙන්න බැරිද ?

  2. බන්ඩා says:

    රනිල්ගෙ සහ එජාපයේ මතය වන්නේ ජනාධිපතිවරයා 2015 අගෝස්තු අගමැති පත් කොලේ ජාතික අාණ්ඩු ලියවිල්ලක සඳහනක් කර නොවන නිසා 46(2) වගන්තිය අනුව අමාත්‍ය මංඬලය තියන තාක් සහ මංත්‍රි කම තියන තාක් ජනාධිපති පත්කල අගමැති එම තනතුර දරන බවය් ඔවුන්ගේ අදහස. ඉතින් රනිල් තනතුරේ එල්ලිලා ඉන්න එක පුදුමයක් නෙවෙය්. සිරිසේනට තිබුනේ හිටපු අග්‍රවිනිශ්ච කරැ ඉවත් කල අාකාරයට රනිල් අගමැතිත් ඉවත් කිරීමටය්. රනිල්ට උවමනා නම් උසාවි යයි. එතකොට වැඩේ කෙරිල ඉවරය්.

    • බන්ඩා says:

      එදා චිට් එකෙන් තනතුරේ ඉන්න CJ ගෙදර යවන්නත් ගෙදර ඉන්න දේසාභියෝගයට අහුවෙච්ච CJ නැවත පුටුවෙ වාඩි කරවන්නත් රනිල් සිරිසේනගෙ කොන්දට පොල්පිති බැන්දා. ඉතින් වැරදි උනත් වැඩේ කලා. අද සිරිසේන අසරන වෙලාද?

      • Suba Anagathayak says:

        බණ්ඩම අහනව, බණ්ඩම උත්තර දෙනව. විජේබාහු ලියනව, චම්ප පිලිගන්නව. චම්ප ලියනව, හුචම්ප නලියනව. සිරිසේනව ගොඩ දාන්න පුදුම උත්සාහයක් දරන්නේ. අපරාදේ පුච්චන පෙට්‍රල්!!

  3. Sooraseana says:

    Bahutaraya pennapang ombagea …… heaneng tamaa rajayak pihuweavy!

    • Lion says:

      තමන්ගෙ නම ලියාගන්නවත් ඉගෙනගෙන නැති එකෙක් ලියන ඒව අපිට තේරෙයිද

  4. Dr Lakshman Fernando says:

    GRATE, CONGRATULATIONS !

  5. perera says:

    CONGRATULATIONS ,BUT NEXT ‘PRIMINISTER ‘ MUST BE DINESH GUNAWARDANA
    VERY EXPERIENCE AND EDUCATED PARSON WE HOPE EVEN PRASIDENT BETTER

  6. Susil says:

    ලොක්ක වල පයයි ගොඩ පයයි , බයිලා නොකියා පුළුවන් විටක් හපන් හිටු .

  7. Nim says:

    PERERA OBA HARI
    NIYAMA SUDUSTHA
    DINESH.

  8. Gemunu Ruhuna says:

    1. හෙජින් ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව රු. කෝටි 4000කට වැඩිය. පත් කරපු කොමිසමක් හෝ අහපු නඩුවක් නැත.
    2. ග්රී ක බැඳුම්කරවල සිදුකරන ලද ආයෝජනයෙන් සිදු වූ පාඩුව රු. කෝටි 1500/=කට වැඩියි. පත් කරපු කොමිසමක් හෝ අහපු නඩුවක් නැත.
    3. මහබැංකු බැඳුම්කර පාඩුවට අදාලව වැරදි කරුවන් නීතිය ඉදිරියට පමුනුවා ඇත. ආයෝජනය කරන ලද මුදල් මෙිවන විටත් රජය සතුව පවතී. එබැවින් අවම වශයෙන් පාඩුව හෝ පියවා ගතහැකිවනු ඇත.
    4. ඇති තරම් රජය විවේචනය කලත් මාධ්යැ ආයතන ගිනි තැබුවේ හෝ මාධ්යව වේදීන් මැරුවේ හෝ අතුරුදහන් වූයේ නැත.
    5. සයිටම් වැනි කිසිඳු වැදගැම්මකට නැති ගැටලු මුල් කරගෙන කොතරම් උද්ගෝශණ කලත් රතුපස්වලදී හෝ කටුනායකදී ලෙස කිසිවෙකු වෙඩි තබා මැරුවේ නැත.
    6. මහානායක හිමිවරුන්ගේ විරෝධය මැද දළදා මාළිගය වටා කාර් රේස් තැබුවේද නැත.
    7. තාජුඩීන් වැනි වටිනා ක්රීධඩකයින් අකාලයේ බේබිලා, ආර්යාවලා අතින් මැරුම් කෑවේද නැත.
    8. විනිසුරු වරුන් හට තමන්ගේ තීනදු ලබා දීමේදී අරලියගහ මන්ධිරයෙන් නියේාග ලැබෙන තෙක් බලාසිටීමට සිදුවූයේද නැත.
    9. චීනයට සින්නක්කර විකුනා තිබූ පොර්ට්සිටිය නැවත රජයට පවරා ගන්නා ලදී.
    10. රටට බරක් වී තිබූ හම්බනතොට වරාය 99 අවරුදු බද්දකට චීන සමාගමකට ලබා දී රටට සහනයක් ලබා දෙන ලදී.
    රටේ අවාසනාවට වැඩි දෙනෙකුට මේවා ත්රෙන්නේද නැත.

    • Boo says:

      1. රත්තරං අස්සයෝ තාම අසුවුනේ ද නැත.
      2. තාජුදීන් මැරැ හැටි දෑසින් දුටු මී හරක් ඒ ගැන තාම හෙලි කලේද වැත.
      3. ඩුබායි බැංකු ගිනුම් වල තිබූ මුදල් වලින් නය පියවූයේද නැත.
      4. රාජපක්සලාගේ යැයි කියූ ලෙිකොප්ටර් හයේ ⁣දොරක්වත් සොයා ගැනීමට රනිල්ගේ වහලුන්ට තවම හැකි වූයේද නැත.
      5. ආර්ථික ආක්රමනිකයා යැයි කියූ චීනයෙන් හිගමන් යැදීමෙන් වැලකීමටද නොහැකි විය.
      6. ආර්ථික ඔස්තාර් යැයි කියා සිටි අල ගෙඩිය මොන ඉටිගෙඩියක්වත් කරගත නොහැකි මැට්ටෙක් බව නොපෙන්වා සිටීමටද නොහැකි විය.
      7. කෙතරම් සුපුරැදු ලෙස බොරැ කිවුවත් මහ බැංකුව කැඩූ මහ හොරා නීතිය ඉදිරියට තවමත් පමුනුවා නැති බව සැගවිය නොහැක.
      8. රන විරැවන් දංගෙඩියට දක්කාගෙන යන ගමන් යුද්ධයෙන් අංග විකල වූ සොල්දාදුවන්ට මග දිගේ පහර දීමට මැලි වුනේද නැත.
      9. දිනපතා බොරැ කියමින් විහිලු සැපයීම අඩු වුනේද වැත.
      10. කෝටි ගනන්වල කාර් ගෙන්වා 100ක් පමන වූ ඇමති මන්ඩලයට සැප අඩු කපේත් නැත.
      11. රට කඩා කොටිනට දීමට නිසිම පැකිලීමක්ද නැත.
      12. සුද්දන් ඉදිරියේදී මුන්ට කොන්දක් හෝ අහවල් දෙකත් නැත.

      රනිල්ගේ වහලුන් ඔලුවෙන් හිටගෙන කීවත් දැන් ඉතින් රටේ ජනතාව යලි රැවටෙන්නෙත් නැත.

  9. Samann says:

    Dineshtanam harima lessei anduva kadanna.

  10. කෑගහන කොට රෙද්දේ චූ says:

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනෑලු…

  11. Alfred says:

    ranil ayin karala agamethi karanda yanne ara siripala badada ? oya yodaya giya thena buduyanawa. anika mahajanathawata epa kiyala ayin karapu miniha. listeken evith inne. thamusela kattiya ekathuwela aruge heenaya sebe karandada yanne…. UNP ekata chanda thiyenawa SLFP ekata wada. Sirisenalatayi chandha nette.

  12. Kurun Kurun says:

    Ranil kalisama path karala bahutharaya penwana eka sikurui !

  13. Attoney at Law says:

    මේ හි ඇති නීතිමය ගැටළුව වනුවේ හවුල් ආණ්ඩුවේ ගිවිසුම පසුගිය දෙසැම්බරයේ සිට කල් ඉකුත් වී ඇති නිසා ගිවිසුම අලුත් නොකොට තවදුරටත් රජයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි. අගමැති පැවතුනත් ගිවිසුම අලුත් නොකොට කැබිනට්ටුවක් පවත්වාගැනීම නිතියානුකුල නොවන තත්ත්වයකට පත්වීමයි.

    අගමැතිවරයා ඉවත් නොවීම තුළ ගිවිසුම අලුත් නොවන්නේනම් කැබිනට්ටුව රැස්වීම සිදු විය නොහැකි නිසා රජයක් ලෙස කටයුතු කළ නොහැකි නිසා නිරායාසයෙන්ම වෙනත් නව ආණ්ඩවුක් පිහිටුවීම හෝ ඉතාම කෙටිකලක් තුළ මහමැතිවරණයකට යාමට නිතැතින්ම සිදුවේ .

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද ?

  14. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    දිනේශ් කියන්නේ රනිල්ගේ ක්ලාස්මේට් –
    ටී වී කැමරා ඕෆ් වුනාම දෙන්නා බුදු ෆිට්
    මහින්දත් රනිල් එක්ක ෆිට් බව දන්නෝ දනිති – ඒ දෙන්නා හැසිරෙන්නේද පරණ යාළුවන් දෙදෙනෙකු මෙනි- අවුරුදු 40-45 ක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති ප්‍රභූ පවුල් වලට අයත් මහින්ද රනිල් දිනේශ් වැන්නන් තැම්බීමට අහිංසක ගමරාළට නම් නොහැකි බව පමණක් මෙහි සටහන් කරමි.
    ලංකාවට හොඳම නායකත්වය මා සිතන පරිදි මහින්ද ජනපති රනිල් අගමැති

  15. සයිමන් අයියා says:

    යක්කු නිකන් යන්නේ නෑ ආයුබෝවන්… දුම්මල ගහන්නම වෙනවා

  16. Wijebahu says:

    Rajapakse waradi wada diha bala bala ehei kiyapu boralugoda sunakaya. moota puluwanda andu wenas karanna.l

  17. SUNIMAL says:

    දිනේෂ් ව අගමැති හෝ මුදල් ඇමති කරවමු මේ වසර දෙකට

  18. Sarath says:

    අපෝ මුන්ගේ බලතන්හාව… ප්‍රාදේශීය සබාවක් දිනල මෙහෙම නම් පලාත් සබාවක් දින්නොත් කොහොම නටයිද …. හික් ගික් හික්…

    • Yaka says:

      Ane palayan yanna

    • Yaka says:

      Umbalata Padeshiya saba tikawath dina ganna beri una ne,

    • Boo says:

      අපෝ බැංකු හොරාගෙ බල තන්හාව ! ප්රාදේශිය සභාවක්වත් දිනාගන්න බැරැව ඔච්චර තන්හාව නං, සමූපකාරයක් වත් දිනා ගත්තොත් කොහොම තියෙයිද?

  19. Saradiel says:

    පසුගියදා පැවැති මැතිවරණයෙන් ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වී වාර්තාවක් තබා ඇත්තේ පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක ලෙස අනුරාධපුරය මහ නගර සභාවට තරග කර ජයගත් සචිනි කාරියවසම් මෙනවිය යි.

    පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන් විශ්ව විද්‍යාලය ට තේරි පත්ව ඇති ඇය මෙවර මැතිවරණයට අනුරාධපුරය මහ නගර සභාවට අංක 14 සිරිමෙවන් කොට්ඨාසයෙන් තරග කර ජය ලැබුවාය.

  20. Open mind says:

    ඇමැති තනතුරේ විශාල වැඩ කොටසක් කළ අයෙක්. ඔබට දැනෙනවා ඇති නේද ? දැනෙන දේ කීමට ඔබට අවස්ථාව

Main News