බාරකාර ආණ්ඩුව කෙරෙනවාද නැද්ද.. තීරණාත්මක සාකච්චාවට පොහොට්ටුවේ සියළු මන්ත‍්‍රීන් මහින්ද කැදවයි..

October 8, 2018 at 1:20 pm | lanka C news
බාරකාර ආණ්ඩුව කෙරෙනවාද නැද්ද.. තීරණාත්මක සාකච්චාවට පොහොට්ටුවේ සියළු මන්ත‍්‍රීන් මහින්ද කැදවයි..

මේ දිනවල සාකච්චට ලක්වෙමින් ඇති භාරකාර ආණ්ඩු යෝජනාව සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් හෙට දිනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැත්වීමට නියමිතය.

මෙම විශේෂ හමුව සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කරන මන්ත‍්‍රීන් සියළු දෙනාට ආරාධනා කර ඇත.

මෙම විශේෂ හමුව පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර මන්ත‍්‍රිවරුන් සියළු දෙනා මෙම හමුවට සහභාගී වීම තහවුරු කර තිබේ.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් පාලන සංසදයද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද බත්තරමුල්ල නෙළුම් කාර්යාලයට කැදවා ඇත.

11,201 Viewers

6 Comments to “බාරකාර ආණ්ඩුව කෙරෙනවාද නැද්ද.. තීරණාත්මක සාකච්චාවට පොහොට්ටුවේ සියළු මන්ත‍්‍රීන් මහින්ද කැදවයි..”

  1. පංච මහා බලවේගය says:

    මේ වෙලාවේ මහින්ද රාජපජ්ෂ විසින් තෝරා ගත යුතු උපාය වනුයේ

    (1) ශ්‍රීලනිපය ට ආණ්ඩුවෙන් ඉවත් වීමට බල කිරීම
    (2) ශ්‍රීලනීපය සහ පොහොට්ටුව සහ තවත් කණ්ඩායම් එක් කර ගෙන අය වැය පරාජය කිරීම
    (3) මැතිවරණයක් දිනා ගැනීම
    (4) මැතිවරණයට මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් තරඟ කිරීම (සිරිසේනට කොනකට වී සිටිය හැක.)
    (5) මැතිවරණයෙන් ජයගෙන මහින්ද අගමැති වීම

    එය 2001 දී චන්ද්‍රිකා සිටිය දී රනිල් අගමැති වීම හා සමාන තත්වයක් රට තුල නිර්මාණය කරනවා ඇත.

    • මැදමුලනෙ මුත්තා says:

      භාරකාර ආණ්ඩුව හොඳයි.
      මහින්ද රාජපක්ෂ අගමැති විය යුතුයි.
      ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමති විය යුතුයි.
      වෙනත් රාජපක්ෂලා කිසිවෙකුට තනතුරැ දීම අවශ්‍ය නැත.
      මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබෙිගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම වැනි හොරැන් එලවා දැමිය යුතුයි.
      මහින්ද රාජපක්ෂ රජය විනාශ කළ පී.බී.ජයසුන්දර, අජිත් කබිරාල්, නාලක ගොඩහේවා, ගාමිණී සෙනරත් වැනි උන් පැත්ත පලාතක වැද්ද නොගත යුතුයි.

  2. Suba Anagathayak says:

    It would be like marrying a prostitute until the marriage due next year!!

  3. Suba Anagathayak says:

    Throwing a lifeline to Sirisena who is sinking (and stinking!)

  4. Suba Anagathayak says:

    Operation “SAVING PRIVATE SIRISENA!!” (Not Saving Private Ryan)

  5. ආප්ප න්‍යාය ට උත්තර ඉදිආප්ප න්‍යායෙන් පටලවල දීපියව් says:

    ආප්ප න්‍යාය ට උත්තර ඉදිආප්ප න්‍යායෙන් පටලවල දීපියව්. හොදි නැතුවකුරහන් තලප හ්ප්දී නැතුව හිල්ලවපල්ලා.

Main News