බාල තෙල් නැව ගොඩබාන්නැයි අර්ජුනට බලපෑම් කර ඇත්තේ ජනාධිපති හෝ අගමැති…

November 8, 2017 at 3:00 pm | lanka C news
බාල තෙල් නැව ගොඩබාන්නැයි අර්ජුනට බලපෑම් කර ඇත්තේ ජනාධිපති හෝ අගමැති…

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා එවූ ලිපියට පිළිතුරු වශයෙන් යවන ලද ලිපියෙන් නියෝජනය වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරාධනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සියලු දෙනාම දරන්නේ එකම මතයක් බව පැවසූ රණතුංග මහතා ආණ්ඩුවේ නායකයන් කල්පනා කරන ආකාරයේ කිසිදු බෙදීමක් ඒකාබද්ධ විපක්ෂයේ නැතැයි තමන් වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරන බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

ලියාපදිංචි තැපෑල, කුරියර් සේවාව සහ අතින් භාරදීම යන තුන් ආකාරයටම මෙම පිළිතුරු ලිපිය පක්ෂය වෙත ලැබෙන්නට සැලැස්වූ බව පැවසූ රණතුංග මහතා ලිපියත් සමඟ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේම අත්සන් සහිත අත්සන් ලේඛනයක් ද යවන ලද බවත් පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වන තුරු ඇතැම් ඇමැතිවරුන් දවල් හීන දකිමින් සිටින නමුත් ඒවා කිසිදිනෙක සැබෑ නොවන බව පැවසූ රණතුංග මහතා අනුන්ගේ ඇසේ ඉඳිකටු සොයන වෙලාවේදි තමන්ගේ ඇසේ තියෙන  පොල් පරාළය ගැන සෙවීම ආණ්ඩුවේ කාගේ කාගෙත් ඇඟට ගුණ විය හැකි බවත් පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් ඇති නිසා වෙනම තරග කරන්නට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් රණතුංග මහතා කීවේ ඩීල්කාරයන් කවුද කියා රටම දන්නා බවය.

“පාරේ නිරුවතින් දුවන් යන මිනිහා හිතනවා අනෙක් මිනිස්සුත් ඉන්නේ නිරුවතින් කියලා. ඒක තමයි අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ගිහින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම් දරන අයටත් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අය වැරැද්ද කරන ගමන් අපිට ඇඟිල්ල දික් කරනවා. අපි කියන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල්ගහන්න එපා කියලයි.

අපේ අහිංසක පාක්ෂිකයන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගිහින් මිනීමරු එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නට වෙලා ඉඳුල් කන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොවෙයි. මේ අය සිරිකොතේ ඉඳුල් කන ගමන් අපිට කියනවා එක්සත් ජාතික පක්ෂය එක්ක ඩීල් දානවා කියලා. තනතුරු, වරප්‍රසාදවල පාක්ෂිකයන් පාවා දුන්නේ කවුද කියලා රටම දන්නවා.

මම මුල ඉඳලම හිටපු ස්ථාවරය තමයි එක්සත් ජාතික පක්ෂය එක්ක හවුල් දීග කන්න බැහැ කියන එක. ඒ මතයේ මම අදත් ඉන්නවා. මේක හරියට ගණිකාවක් එක්ක නිදා ගත්තු මිනිහා අනෙක් මිනිස්සුවත් ගණිකාව ගාවට ඇදගෙන යනවා වගේ වැඩක්. ඒ වගේ විලිලැජ්ජා නැති වැඩ කරන්න අපට පුළුවන්කමක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ සිරිකොතේ ඉඳුල් කන එක නවත්තලා ආණ්ඩුවෙන් අයින් වෙන එකයි. අපි යවපු ලිපියේ ඒ බව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එහෙම කළොත් පක්ෂය රැකෙයි. එහෙම නැතුව එ. ජා. ප වලිගේ එල්ලිලා ඉන්න අය ගැන පාක්ෂිකයෝ තීන්දුවක් ගනියි.

රට මුහුණ දී සිටින තෙල් අර්බුදය පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය වැනි මහාප්‍රාණ කතා කියමින් බලයට ආ ආණ්ඩුවට හරියට තෙල් ටිකවත් බෙදා ගන්නට පුළුවන්කමක් නොමැති බව දැන් පැහැදිලි වී ඇති බවය.

“මේ ආණ්ඩුවට තෙල් ටිකවත් හරියට බෙදා ගන්න බැහැ. මෙයාලා බලයට ඇවිත් අවුරුදු දෙකහමාර ඇතුළත අවුල් නොවී හරියට කරගෙන ගිය එකම ‍ක්ෂේත්‍රයක්වත් නැහැ. හැමතැනම අවුල්. ඇත්තටම කිව්වොත් මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්. ඇමැතිවරුනුත් හරියට වෙලේ ඉන්න පඹයෝ වගෙයි.

ඛනිජ තෙල් ඇමැතිවරයා කියනවා මේ තෙල් හිඟය පස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. දේශපාලන බලපෑම් ආවා කියනවා. කැබිනට් ඇමැතිවරයකුට බලපෑමක් කරන්න සාමාන්‍ය මනුස්සයකුට බැහැ. එක්කෝ බලපෑම එන්න ඕනේ ජනාධිපතිගෙන්. එහෙම නැත්නම් අගමැතිගෙන්.එහෙම බලපෑමක් ආවා නම් ඒවා හෙළිදරව් කරන එක ඇමැතිගේ වගකීම.

එහෙම බලපෑම් කළා නම් ඒවාට අභියෝග කරලා එළියට බහින්න ඇමැතිවරයාට කොන්ද පණ තියෙන්න ඕනේ. කුමන්ත්‍රණ කරපු අය එක්කම ඇමැතිවරයා දිගටම ඉන්නවා නම් අපිට කියන්න තියෙන්නේ ඇමැතිත් හොරුත් එක්ක හෙලුවෙන් කියලා තමයි. නිකම් ජනතාව ඉස්සරහට ඇවිත් වීරයෝ වෙන්න බොරු කතා කිව්වට වැඩක් නැහැ.

මේ ආණ්ඩුවට ඡන්‍දයක් කියපු ගමන් පිස්සු හැදෙනවා. පළාත් පාලන ඇමැතිවරයා දැන් ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. මහ ලොකුවට ගැසට් එකට අත්සන් කළා කියලා පත්තරවලට ෆොටෝ යැව්වට මුද්‍රණාලෙට යවපු ගැසට් එක ආපහු හොරෙන් ගෙන්න ගෙන තවත් ඡන්ද කල්දාන්න හදනවා. තවත් ඡන්ද කල්දැම්මොත් ජනතාව පාරට බහින එක වළක්වන්න කාටවත් බැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

23,086 Viewers

6 Comments to “බාල තෙල් නැව ගොඩබාන්නැයි අර්ජුනට බලපෑම් කර ඇත්තේ ජනාධිපති හෝ අගමැති…”

  1. asaranaya says:

    එහෙනම් අර්ජුනයෝ හොරුත් සමග හෙලුවෙන්.
    එලියට ආවොත් සුර සැප කොයින්ද මලෝ, නැවත ලබන්නද?

  2. Sampath says:

    Aga misak mole nathi amanayo amathakada Mahindage kale susil amathi Bala thel gennalla wahana baraganaka kelewwa. Ogallanta athithe amathaka unata apita hodata mathakai

  3. රාහුල කොලුවා says:

    පිස්සුද අනේ… අර්ඡුන ඇමතිවරයාට බලපෑම් කරලා තියෙන්නේ පෙට්රෝලියම් එකේ පොම්ප ක්‍රියාකරුවෙක්… පැත්තක ඉන්න ඡනාධිපතිතුමයි අගමැතිතුමයි ඕවට ගාව ගන්න එපා…ඒගොල්ලෝ ඔය වගේ තුට්ටු දෙකේ වැඩවලට අත ගහන්නේ නෑ.. දැක්කනේ අගමැති වැඩ කිඩ මහ බැංකුවේ….

    • Piyasiri Wijenayaka says:

      පිස්සුද ! බලපැම් කලේ මගේ නෝනා හිටන්

  4. Chinthaka Zoysa says:

    පෙට‍්‍රල් නෑ කියලා මගේ කෑලි යන්න බනින්නේ ෂෙඞ්වලට පෙට‍්‍රල් බෙදන්නේ මමද..- ජනපති අසයි..

    http://lankacnews.com/%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%91/

    මෙහෙම කියන්න ජනාධිපතිල මොකටද? එහෙමනම් ජනාධිපතිට හැම දේකින්ම බේරෙන්න පුලුවන්නෙ. අනේ අපිටත් ඉන්නෙ තමන්ගෙ වගකීම දන්නෙ නැති ජනාධිපති කෙනෙක්නෙ… රටකට යන කල….

  5. W M Fernando says:

    In other countries transport minister resigns due to delay of a train but the minister is not the driver. Sri Lankan president is not aware of the meaning of accountability. What a shame for good governance.

Main News