බැකෝ යන්ත්‍රයක් පාරේ ගිය පාසල් සිසුවාගේ උඩට පෙරලී එතනම මියයයි… රියදුරුට බරපතලයි.

January 10, 2018 at 12:40 pm | lanka C news
බැකෝ යන්ත්‍රයක් පාරේ ගිය පාසල් සිසුවාගේ උඩට පෙරලී එතනම මියයයි… රියදුරුට බරපතලයි.

කිලිනොච්චිය මුලංකාවිල් මාර්ගයේ ඊයේ (09) සවස ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු මතට ගමන් කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක් පෙරලීමෙන් පාසල් සිසුවා එම ස්ථානයේදීම මියගොස් රියදුරුද බරපතල තුවාල ලබා ඇති බවට මුලංකාවිල් පොලීසිය කියා සිටියේය.

මුලංකාවිල් මාර්ගයේ ක්‍රිෂ්ණා කෝවිල අසලදී අදාල බැකෝ රථය අධික වේගයකින් ගමන්කොට ඇති අතර එහිදී ැකෝ රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පෙරලී ගොස් ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකුද යටකරමිනි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මුලංකාවිල් ප්‍රදේශශයේ පදිංචි උදයකාන්තන් ප්‍රසාද් නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර ඔහුගේ මළ සිරුර මුලංකාවිල් රෝහලේ තැන්පත් කොට ඇත.

අදාල අනතුරින් පසුව බැකෝ යන්ත්‍රෙය් රියදුරුදු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් මුලංකාවිල් පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,883 Viewers

2 Comments to “බැකෝ යන්ත්‍රයක් පාරේ ගිය පාසල් සිසුවාගේ උඩට පෙරලී එතනම මියයයි… රියදුරුට බරපතලයි.”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

    • Jonaa'S Brother says:

      කවදද විග්නෙශ්ට නිවන් සැප ලබාදෙන්නෙ, උතුරට මුගේ අපලේ ඒරාශ්ටකේ බලපාලා.

Main News