බැදුම්කරයෙන් එජාපය හාන්සියි.. හවුල් ආණ්ඩුව ඇති කියා ප‍්‍රබලයන් තීන්දු කරති.. අන්තිම තීන්දුව රනිල් ගනී..

January 8, 2018 at 9:20 am | lanka C news
බැදුම්කරයෙන් එජාපය හාන්සියි.. හවුල් ආණ්ඩුව ඇති කියා ප‍්‍රබලයන් තීන්දු කරති.. අන්තිම තීන්දුව රනිල් ගනී..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග තව දුරටත් හවුල් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු නැති බවට එම පක්‍ෂයේ ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කර ඇත.

පක්‍ෂ දෙක අතර විටින් විට ඇතිවූ ප‍්‍රතිවිරෝධතා ජනාධිපතිවරයා විසින් බැදුම්කර වාර්තාව එලිදැක්වීමත් සමග උත්සන්න වීමත් සමග එම ඇමති පිරිස විසින් මෙම යෝජනාව සිදු කර තිබේ.

එමෙන්ම ඔවුන් කණ්ඩායම තව දුරටත් අගමැතිවරයා වෙත පෙන්වා දී ඇත්තේ වත්මන් ආමති මණ්ඩලයේ ඇමති ධුර බෙදා ගැනීමේදීද ශ‍්‍රිලනිපය විසින් ලබාගෙන ඇත්තේ ජනතාවට වැඩිපුරම වැඩ කල හැකි අමාත්‍යංශ බවත් එනිසා පාක්‍ෂිකයනට වැඩක් කර දීමට නොහැකි වීමෙන් පාක්‍ෂිකයන් බොහෝ කලකිරීමට පත්ව සිටින බවයි.

එක්සත් ජාතික පක්‍ෂය තුලද සිටින ඇතැමුන්ගේ දෙබිඩි හැසිරීම ගැනද එහිදී චෝදනා එල්ල කර ඇත.

මෙම තත්වය යටතේ එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ පැවැත්ම අතිශය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති අතර බෙහෝ දුරට කුමන හෝ පක්‍ෂයක් විසින් ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

34,805 Viewers

6 Comments to “බැදුම්කරයෙන් එජාපය හාන්සියි.. හවුල් ආණ්ඩුව ඇති කියා ප‍්‍රබලයන් තීන්දු කරති.. අන්තිම තීන්දුව රනිල් ගනී..”

  1. ඇත්ත says:

    මොන පිස්සුද? පෙබරවාරි 10 ඡන්දය අවසන් වනතෙක් පමණිය…බයියෝ සහ ටොයියෝ රැවටේ….

  2. බබා උක්කුන් says:

    ඔව් ඔව් පොලව ඇදයි, ඒකයි අඩව්ව වැරදුනේ. නැතුව බැරිකම නෙවෙයි. (සභාවේ දෙකොනින්ම හිනා)

  3. Sepala says:

    OK SLFP got good ministerial positions but Finance and policy planning with UNP. Foreign Ministry with UNP. Educatin ministry with UNP. There lot of ministerial positionswith UNP. So tell single project did for common people by these ministers do within last three years. The only thing they have been doing is trying to divide this country and sell our countries assests to foreign countries. Get lost bloody UNP.

  4. BARCARDI says:

    SLFP will go. But RW and MY3 will rule country another 2 years time till term ends.

    • Jonaa'S Brother says:

      යමුද? වඳයෝ නැවතත් තිරුපති යැද්දේ
      එනපොට දරුණුවී අහසේ හෙණ ශබ්දේ
      නාමය කුජීතයි , ඇරඹී “බොන්ඩ්” යුද්දේ,
      සැත්කම ලඟයි! වඳයා හට මළ බද්දේ .

  5. රවී says:

    තුනෙන් දෙකක අගමැතිවරයෙක් ඉවත් කර ජනතාව පත් නොකල අගමැති කෙනෙක් පත් කලේ කවුරුන්ද ? බැදුම්කරයේ වගකීම අර්ජුන්ව නිර්දේශ කල අගමැති නොව අගමැති සහ මහබැන්කු අදිපති පත් කල ජනාදිපති බාර ගත යුතුය.

Main News