බැදුම්කරේට මං සම්බන්ධ නෑ.. මහ බැංකුව මා යටතේ තිබුණේ නෑ..- රවි කරුණානායක සියල්ල හෙලි කරයි..

September 3, 2017 at 10:45 am | lanka C news
බැදුම්කරේට මං සම්බන්ධ නෑ.. මහ බැංකුව මා යටතේ තිබුණේ නෑ..- රවි කරුණානායක සියල්ල හෙලි කරයි..

මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන බැදුම්කර ගණුදෙනුව සිදු වූයේ තමන් ඇමති ධුරය දැරු අමාත්‍යංශයේ නොවන බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා අද ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් කියා ඇත.

මහ බැංකුව හා ඊට සම්බන්ධ ආයතන තම අමාත්‍යංශයේ විෂය පථය යටතේ නොතිබූ බවද පවසන ඔහු තම බාලනය යටතේ නොතිබූ ආයතනය සම්බන්ධයෙන් තමනට වගකීමක් නැති බද කියා සිටී.

බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයිද පවසන ඔහු අදාල ගණුදෙනවු ගැන සියල්ල ඉදිරි කාලයේදී හෙලිවනු ඇති බවත් කියයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව ගැසට් කර ඇත්තේ අගමැතිවරයා යටතේ ඇති ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේය.

22,286 Viewers

7 Comments to “බැදුම්කරේට මං සම්බන්ධ නෑ.. මහ බැංකුව මා යටතේ තිබුණේ නෑ..- රවි කරුණානායක සියල්ල හෙලි කරයි..”

  1. Aurora says:

    තමුන්ට ඇමතිකම නැතිඋනේ මහබැංකු හොරකම කළා කියල නෙවෙයි. බැඳුම්කර හොරාගෙන් වෙනත් වැඩකට (පගාව ගත්තේ මම නෙවෙයි මගේ ගැනියි දුවයි කියල බේරෙන්න බැහැ.) පගාවක් අරන් පගාකාරයෙක් කියල රටට ඔප්පුඋන නිසයි. එතැනදී මහබැංකු මහහොරා තමුන් බැඳුම්කර හොරකම කළා කියන ඇඟවීම සිදුකරමින් තමුන් බිලීබෝයි ලෙස යොදාගත්තා. පගාකාරයෙක් වෙනවට වඩා බිලීබෝයි වෙනඑක තොරගත්තේ තමුන්මයි. පගාකාරය කියන එක උඩට අවනම් රිමාන්ඩ්, ඊළඟට නඩු සහ උසාවි. ඒකෙන් බේරෙන්න තමයි විජේදාස රාජපක්ෂ අයින් කරලා තලතව දාගත්තේ. දැන් බොරුවට නහයෙන් අඬන්නේ නැතුව ඉන්නවා.

  2. Banku Hora says:

    Maha bankuwa thibiya yuththe mudal amathyanshaya yatathei. E unata janadipathi eka Ranilta pawarala deela hari illagena hari mankolla kewa. Ekata mudal amathi sambanda nowenna puluwan. Habai mudal amathi nodanuwathwa wenna baha, karannath baha. Eka wahaganna thamai mudal amathita apartment ekak thagi dunne. Kata wahanna.

  3. David Milli-Banda says:

    We are aware of that. However, you are a thief of the highest order and a scoundrel. බැඳුම්කර හොරාගෙන් වෙනත් වැඩකට පගාව ගත්තේ මම නෙවෙයි මගේ ගැනියි දුවයි කියල බේරෙන්න බැහැ you lived in that appartment for 09 months with the rent paid by Aloysius.

  4. bend to bend says:

    සියල්ල හෙලිවී හමාරය.සුපිරි නිවස අහසින් කඩා පාත්වූවේ නැත​.ඇලාගේ කරුණාවෙන් මෙලාගේ මග පෙන්වීමෙන් එය සන්තක වූ බව ප්‍රසිද්ධ රහසකි.සිංහල ඉංග්‍රීසියෙන් කියවා සිහලුන් රැවටිය නොහැක​.මහ බැංකුව ක්ලීන් කල උන් මේ ආණ්ඩුව තිබෙන තුරු ක්ලීන් කල නොහැකිය​.සරල මිනිසාද රටට කෙලවුනත් ආණ්ඩුව ඇද ගෙන යාම එකම අභිප්‍රාය කර ගනිමින් මේ කුණු තවරාගෙන දසත ගඳ ගස්වමින් අමුඩ ගැටය තද කර ගන්නා බවක් පෙනේ.බැංකුව ,වරාය ,ගුවන් තොට,පමණක් නොව ජනයාගේ පංචස්කන්ධය හෝ විකුණා තම පැවැත්ම තහවුරු කර ගැන්ම මොවුන්ගේ අභිප්‍රාය වන්නේය​.රවීට කල කී දේ අමතකය​.වෙනෙකක් තබා තමා සුපිරි නිවසේ නිදා ගත්තේ කා සමගද කියාත් අමතකය​.අපේ මුදල් නෝට්ටුවේ අත්සන් කලේත් අමතක වීමකින් වන්නට පුළුවන​.රනිල්ට සියල්ලම විහිළුවකි.මැති සබයේ කලිසම් සාක්කුවට අත දමාගෙන කුමක් හෝ සමග විහිළු කරමින් සිටීමට ඔහු ඇබ්බැහි වී ඇත​.සිරිසේන උන්නැහේට පත්තර කාරයා පත්තර නොබෙදුවොත් අබ සරණය​.සියළු පුවත් ලොස් වන්නේය​.ආණ්ඩුවේ සෙස්සෝද එසේමය​.හැම එකාගේම අතේ සුදු හුණු බාල්දියක් ඇත.මඩ තවරා ගත් සැනින් ෆුට් නෝට් එකක් දමා සුදු හුණු තැවරීම ඔවුනගේ රාජකාරිය වී ඇත​.හොරු අල්ලන්නට හොරුන් බලයට බලයට පත් කල ජනයා අනාථය​.ජනයා ඇන්දූ එන්.ජී.ඕ.ඩොලර් කාක්කෝ උන්ගේ අනාගතය හදා ගත්හ.අපි වෙනුවෙන් අපි කියා කියන්නේ උන්ටය​.

  5. Bora says:

    Well said Aurora!

  6. aruna says:

    Not only Ranil, President also responsible for Bond Scam. President dissolved Parliament just before COPE Committee report of Dew Gunasekara released after the first bond scam. Not only the main thief, the persons who protected the thieves also resonsible for the robbery. If that COPE report allow to forward in the parliament, the second time bond scam would have prevented.

  7. world traveler says:

    Amaruwen laba sareth arumu sapaganna

Main News