බැදුම්කර අරක්කු රටේම බේබද්දන් ප‍්‍රතික්‍ෂෙප කරති.. සල්ලි නැතිව සමාගම හාන්සියි… ගොඩ දාන්න සීට්ටු පොලූ අක්කා අත ගහයි..

October 26, 2018 at 10:40 am | lanka C news
බැදුම්කර අරක්කු රටේම බේබද්දන් ප‍්‍රතික්‍ෂෙප කරති.. සල්ලි නැතිව සමාගම හාන්සියි… ගොඩ දාන්න සීට්ටු පොලූ අක්කා අත ගහයි..

මහා පරිමාන වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින කුප්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් මත්පැන් නිෂ්පාදන සමාගමක් සිය ප්‍රතිරූපය ගිලිහී යෑම හේතුවෙන් තම වෙළදපල කොටස කඩා වැටීම නිසා සහ ලැබෙන ආදායම ණය ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් නොවීම නිසා බෙහෙවින්ම අසීරුතාවයට පත්ව ඇති බවට වාර්තා වේ.

මෙම කුප්‍රකට ව්‍යාපාරිකයා පැරණි අයිතිකරුවන්ගෙන් මෙම සමාගම මිලදීගත් දින පටන්ම සුරාබදු දෙපාර්තුමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ද සහයෙන් බදු නොගෙවා හොරට මත්පැන් නිෂ්පාදනය කරමින් අතිවිශාල බදු වංචාවක් සිදුකර දැවැන්ත මුදලක් උපයා ගෙන ඇති බවට සමාගම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.

මෙසේ බදු නොගෙවා හොරට නිෂ්පාදනය කරන මත්පැන් සමාගමේ නිලධාරින් සහ සේවකයන් විසින් හදුන්වන්නේ “නම්බර් ටූ” වශයෙන් වන අතර සමාගම සතු ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ නිෂ්පාදනාගාර තුල මෙම ජාවාරම මනා සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාත්මක වී තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට මෙම ජාවාරම පසුගිය දින වල සිට පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ටික දිනක් නැවතී සිට නැවත නව කළමනාකාරිත්වය යටතේ ද කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැති එහෙත් මෙම සමාගමේ සාමාන්‍යාධිකාරි තනතුරක් දරන පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් ආරම්භ කර තිබේ.

මෙම ජාවාරම කුප්‍රකට ව්‍යාපාරිකයා රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට ප්‍රථම බොහෝ කලක් තිස්සේ මෙහෙයවා ඇත්තේ කලක් සමාගමෙන් බැහැරව සිට නැවත සමාගමට එක්ව මේ වනවිට එම සමාගමේ මව් සමාගම පවත්වාගෙන යන කොල්ලුපිටියේ කාර්යාලයක සේවය කරන නිලධාරියෙක් විසිනි. ඔහුද මෙම කුප්‍රකට ව්‍යාපාරිකයා විසින් භාර දෙනු ලබන ඕනෑම දහදුරා වැඩක් සිදු කිරීමට නම් දරූ අයෙකි.

මෙම මහා පරිමාන බදු වංචාව පිළිබඳව කිසියම් රාජ්‍ය ආයතනයක්  විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නේ නම් ඉහත සඳහන් කල නිලධාරින් දෙදෙනාට අමතරව මෙම සමාගමේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නිෂ්පාදනාගාරයේ කළමනාකරුවන්, හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරියා, සමාහමේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් සේවය කරමින් සිටින සුරූපී බර්ගර් ජාතික නිලධාරිනිය සහ කෙටි කාලයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි නිෂ්පාදනාගාරයෙන් සහ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නිෂ්පාදනාගාරයට ස්ථාන මාරුවක් ලබා ගිය සහකාර කළමනාකාරවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් සහ ඔවුන් විසින් පරිහරණය කරන ලද පරිගණක සියල්ල වොවහාරික පරීක්ෂණයකට ලක් කිරීමෙන් සොයා ගත හැකි බවට අපට සමාගම අභ්‍යන්තරයෙන් තොරතුරු ලබා දුන් නිලධාරියා විසින් හෙළි කලේ ය.

මේ අතර මෙම සමාගමේ නැති වී ගිය ප්‍රතිරූපය (Company Image) නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සහ සමාගම හා සම්බන්ධ නඩු කටයුතු වලදී එකී සමාගමට වාසිදායක වන අයුරින් වාර්තා කිරීම සඳහා විවිධ ජාතික පුවත්පත් වල මාධ්‍යවේදීන් බිලී බා ගැනීම සඳහා මෙහෙයුමක් වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියාගේ මූලිකත්වයෙන් මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙක් වේ නම් පසුගිය දිනවල ජාතික පුවත්පත් කිහිපයකම උක්ත සමාගම හා සම්බන්ධ නඩු කටයුතු වාර්තා කිරීම හා අනෙකුත් විවේචනාත්මක ලිපි පලවී ඇති ආකාරය පිළිබඳව අධ්‍යනයක් සිදු කළහොත් නීතිපති දෙපාර්තුමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව වාර්තා පලවී ඇති ආකාරයෙන්ම ඒ පිළිබඳව තහවුරු වනු ඇති බව නොඅනුමානයි. එසේ සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා සමග එකතුව ජාතික පුවත්පත් වල මාධ්‍යවේදීන් බිලී බා ගැනීමේ කටයුත්ත මාධ්‍ය ක්ෂේත්‍රය දෙසින් සම්බන්ධීකරණය කරනු ලබන්නේ මෙම කුප්‍රකට ව්‍යාපාරිකගේ වැසී ගිය පුවත්පතේ සේවය සඳහා පැමිණ දැනට මාධ්‍ය ක්ෂේත්‍රයේ නන්නත්තාර වී සිටින සීට්ටු පොලු තැබීමට ප්‍රසිද්ධ කාන්තාවකි.

– බැදුම්කර විශේෂ

33,031 Viewers

6 Comments to “බැදුම්කර අරක්කු රටේම බේබද්දන් ප‍්‍රතික්‍ෂෙප කරති.. සල්ලි නැතිව සමාගම හාන්සියි… ගොඩ දාන්න සීට්ටු පොලූ අක්කා අත ගහයි..”

  1. Venura says:

    අධිකරණ නඩු වාර්තා කරණය තනිකර මුදලට සහ බල්වතුන්ට පමණි

    • Perera says:

      ඒ කියන්නේ පොහොට්ටු බේබද්දන් එම සමාගමේ නිශ්පාදන ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඉතින් පාඩු ලබන එක අහන්න දෙයැක්යැයි.

  2. Love nature says:

    මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ආයු කාලය වසර ගණනකින් අහිමි විය හැකි බව මුල්පෙළේ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක දැක්වෙයි.මත්පැන් පානය කරන පුද්ගලයන් හය ලක්ෂයක් යොදා ගනිමින් එම පරීක්ෂණය සිදු කර ඇති අතර, සතියකට දහ පහළොස් වතාවක් මත්පැන් භාවිතා කරන පුද්ගලයෙකුගේ ආයු කාලය වසර දෙකකින් හෝ තුනකින් අඩු වන බව එම පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත.

  3. Daham says:

    Acting CEO Savith Kalupathirana neda?
    Lion Brewery eke nikanma nikan Executive kenekne. Den eyada CEO???

  4. Kamal says:

    Mun no. 2 gahala thamai porawal wage hitiye. Mulinma no 2 gahanna udaw kale Hemantha. Passe Amilaya. Kalin hitiyath ceo karayath honda ganak gahala company kala penna.

  5. Awankaya says:

    Aluth anduwa me gena pareekahana karala weradokarayo hire yawanne kawadada?
    Janathawa honda wimasillwn.

Main News