බැදුම්කර වාර්තාව ගැන ජනාධිපතිගේ කතාව පිලිගන්න එපා.. ලේකම්ලා ජනාධිපතිව අන්දලා..

January 5, 2018 at 2:10 pm | lanka C news
බැදුම්කර වාර්තාව ගැන ජනාධිපතිගේ කතාව පිලිගන්න එපා.. ලේකම්ලා ජනාධිපතිව අන්දලා..

බැදුම්කර ගනුදෙණුව පිළිබද වාර්තාව හා ජනාධිපතිවරයා ඒ පිළිබදව කළ ප්‍රකාශය අතර පරස්පරයක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාස දහයක පමණ කාලයක් පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙන ලදී. එම වාර්තාව උපයෝගී කරගෙන ජනාධිපති වරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබද සැකයක් අප සංවිධානය වෙත මතුවී ඇත.

විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු විසින් අදාල විමර්ශන වාර්තාව අතිශෝක්තියක් ගෙනදෙන ආකාරයට රචනාකර ඇති බව පෙනීයන අතර එසේ කර ඇත්තේ ජනතාව සතුටු කිරීම සදහාය.

නීතිපතිවරයා කටයුතු කරනුයේ ජනාධිපති වරයාගේ ප්‍රකාශයට අනුව නොවන අතර ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාවට අනුවය. නඩු පවරන්නේ ද ඒ අනුවය.

එම නිසා ජනාධිපතිවරයා විසින් වහාම ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව ජනතාවට බලා ගැනීම සදහා ප්‍රසිද්ධ කලයුතුය.

එසේ කරනතුරු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිනොගන්නා ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටින අතර ජනාධිපතිතුමාගේ ලේකම්වරුනට කීමට ඇත්තේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සහ කරන විට ඔබලා නිකම්ම ගොනාට ඇන්දෙන බවයි. එසේත් නැතිනම් ඔබලා ජනතිපතිවරයා නොමග යවා ඇති බවයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

20,106 Viewers

13 Comments to “බැදුම්කර වාර්තාව ගැන ජනාධිපතිගේ කතාව පිලිගන්න එපා.. ලේකම්ලා ජනාධිපතිව අන්දලා..”

  1. john the baptice says:

    සිරිසේන රනිල්ට වඩා කපටියෙක්

    • කපුරුහාමි මගේ කට says:

      සිරිසේනගේ රාජ්‍ය බලය අවබාවිතා කිරීම ගැන කරුණු ටිකෙන් ටික හෙළිවෙනවා ළඟදීම මේ ගැන බිය නැතිව මාද්‍යයේ හෙළි කරන්න සමහරු සුදානමින් ඉන්නවා .

      • මොහොමඩ් ශරීෆ් (පාකිස්තාන නව අගමැති) says:

        අනේ මට නැවත අගමැති තනතුර අරන්දීපු හිටං තුමාට පිං.

    • නවාස් says:

      සිරිසේන හිතාගෙන ඉන්නේ එයා මහා කපටියෙක් කියල එත් එයාගේ හොර තක්කඩි වැඩ ඔක්කොම දැනගන්න ඕනෑම අය දන්නවා සිරිසේන යන්නේ කොහෙද කියල දන්නවා ඔය වැඩේ අන්තිම වෙන්නේ සිරිසේන මුළු රටටම සවුවුත්තු වෙලා අන්තිමේ උසාවි වල ලැගලා මානවහිමිකම් ලැගලා වියවස්තව් උල්ලංගනය කිරීම ගැන චෝදනා එල්ලවෙලා බටහිර රටක පස් පාගන්න බැරිවෙලා පවුල් පිටින් fcid ලැගලා .මහින්දට කරපුවා ඩබල් වෙලා පලදිලා හැබැයි ඒවා කරන්නේ මහින්ද නෙවෙයි .බලන්නකෝ සිරිසේනට වෙන දේ

    • Gayantha says:

      U hena guna makuwek misak kapatiyek nemai ban

      Lekam kama dunna mahindata pihiyen anna
      Uuta udaw karapu ponilata pihiyen anna
      Slfp eka kaiwa

      Kawada hari kunu wela mairenne oka

  2. Saradiel says:

    බැඳුම්කර වංචාවට සම්බන්ධ අයට දඬුවම් ලැබේද නැද්ද අප දන්නේ නැත.එහෙත් සිරිසේන රජයෙන් දඩුවම නොලැබෙන බවනම් 200%ක් විස්වාසය.

  3. sinha le says:

    වෙනස සැපද?

    සුඩකුඩා දාගැබ ඩෝසර් කිරීම ගැන කිසිත් නොකියා ජෙරුසලම ඊශ‍්‍රායල අගනුවර කරනවා කියූ ට‍්‍රම්ප්ට විරුද්දව කොළඹ යකා නටනවා.. යමපාලනය

  4. Saradiel says:

    “මම හැමදාමත් කියන පරිදි ජනාධිපතිතුමාත් මමත් නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලීම සඳහා කැපවී කටයුතු කරවා. මෙය අපේ රටට අලුත් අත්දැකීමක්. සමහරුන්ට තේරුම්ගන්නට බැරි තරම් සංකීර්ණ ක්‍රියාවලියක්. රනිල්

  5. love nature says:

    බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී !

  6. love nature says:

    ලංකා සතොස මගින් ආනයනය කර තිබූ නාඩු සහල් මෙට්‍රික් ටොන් 29,239ක් 2015 නොවැම්බර් අතුරුදහන් වී ඇති බව විගණන වාර්තාවලින් හෙලිවී ඇත. මෙසේ අතුරුදහන් හාල් තොගයේ වටිනාකම කෝටි 307ක් බවද වාර්තා වේ. මේ හාල් කිලෝවක පිරිවැය රුපියල් 105 ක් පමණ වූ බවද පැවසේ.

    නාඩු කිලෝවක් එතරම් විශාල මිලක් ගෙන තිබුණේ වරාය ගාස්තු, ගබඩා ගාස්තු, විදුලිය, සේවක වැටුප් හා බැංකු ණය ගැනීම නිසා සිදුවූ පොලී ගෙවීම් නිසා බවද වාර්තා වේ. මේ හාල් තොගය අතුරුදහන් ව ඇත්තේ වත්මන් හවුල් ආණ්ඩුව බලයට පත්වීමෙන් තුන් මසකට පසුවය. එය 2015 අගෝස්තු මාසයේදී අතුරුදහන්ව ඇති බවට විශ්වාස කෙරේ.

  7. SUNIMAL says:

    2015 ජනවාරි 8 වනදා දුෂණ වංචාවෙන් තොර රටක් නිර්මාණය කිරීමට දුන් ජනවරමේ වගකීම දරන්නේ අන් කිසිවකු නොව ජනපති මෛත්‍රිපාල සිරිසේනය. ජනාධිපතිවරණයෙන් අනතුරුව පත් වූ යහපාලන රජය තුල ඒ යහපාලන අර්ථකථනය පවා විනාශ කරමින් සමහරක් හැසිරුනේ රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම හෝ දුෂණයෙන් හෝ වංචාවෙන් තොර රටක් නිර්මාණය කිරීම සහමුලින්ම අමතක කොට දමමින්ය.

  8. Kolitha says:

    Vishesha prakashayak karanawa kiyala thatama thatama innakotama apinam hithuwa huunu bijjak thama eliyata danne kiyala…*kenuth hina yanawa hallow….

  9. save says:

    I heard a pre-school kid also tells that Hitan did not know how to read and understand

Main News