බැදුම්කර කොල්ල කල්ලිය සමෘද්ධි බැංකුව මහ දවාලේ කොල්ල කන්න සූදානම්..

May 11, 2018 at 11:20 am | lanka C news
බැදුම්කර කොල්ල කල්ලිය සමෘද්ධි බැංකුව මහ දවාලේ කොල්ල කන්න සූදානම්..

ඕනෑම රටක විටින් විට ආර්ථික අර්බූදයන් ඇතිවෙන්න පුලුවන්. එවැනි අවස්ථාවල ප්‍රශ්ණය හඳුනාගෙන, තත්වය පාලනයකරගෙන, ප්‍රශ්ණයට නිසි විසඳුම් සොයාගෙන ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීම රටේ පාලකයින්ගේ වගකීමක් යැයි දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා අද පැවති ප්‍රවෘතී සාකච්ඡාවකදී පැවසීය. .

“රටේ ඉන්න පාලකයන්ට රටේ ආර්ථිකයේ අර්බූදයක් තියෙන බවවත් වටහා ගැනීමේ හැකියාවක් නැත්නම් එය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක්.අද මේ රටේ සාමාන්‍ය ජනතාව සෑම පුරවසියෙක්ම දන්නවා රටේ විශාල ආර්ථික අර්බූදයක් තිබෙන බව. සෑම භාන්ඩයකම හා සේවාවකම මිල වැඩිවෙලා, රැකියා හිඟ වෙලා, ව්‍යාපාර පාඩු ලබනවා, ආයෝජකයො එන්නේ නැහැ, ජනතාවගේ අතේ මුදල් නැහැ, හොර මැරකම් වැඩිවෙලා. නමුත් අතමුන් ආර්ථික ඔස්තාර්ල කියා පෙන්නගෙන හිටපු ආන්ඩුවේ සමහරක් බක පන්ඩිතයො අඩුම ගානේ රුපියල බාල්දු වීමෙන් ජනතාවගේ ජීවන වියදම වැඩිවෙනවා කියලවත් දන්නේ නැහැ.

පසුගිය දිනවල ගෑස් , කිරි පිටි වගේ බොහෝ පාරිභෝගික භාන්ඩ වල මිල ඉහල ගියා. දැන් අද සිට තෙල් මිලත් වැඩිවෙනවා. නමුත් මෙය අපට පිලිගන්න බැහැ. මොකද 2015 ජනවාරිවල ලෝක වෙලඳ පොලේ තෙල් මිල බැරලයකට ඩොලර් 70 සිට 46 පමන අගයකට 35% කින් පහත වැටුනත් ලංකාවේ පෙට්‍රල් මිල අඩුවුනේ 22% කින් විතරයි. රජය මිල අඩුවීමෙ වාසියෙන් කොටසක් තබාගත්තා. දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවෙලා. නමුත් තවමත් එය 2009 ලෝක වෙලඳ පොලේ තිබුන මිලට වඩා අඩුයි. එදා ලෝක වෙළඳ පොලේ තෙල් බැරලයකට ඩොලර් 85ක් වන අවස්ථාවේ ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 115යි. නමුත් පසුගිය කාලය පුරා තෙල් මිල ඊට වඩා බොහෝ අඩුවෙන් තිබියදීත් රජය ලීටරයකට රුපියල් 117 ක් අයකලා. තවමත් ලෝක වෙළඳ පොලේ තෙල් බරලයක මිල 2009 මට්ටමට වඩා අඩුනම් මොකටද රජය තෙල් මිල ඉහල දමන්නේ. මේ රජයට මුදල් හොයාගන්න තව ක්‍රමවේදයක්

වර්ථමානයේ විශාල මුල්‍ය අර්බූදයකට මුහුන දී සිටින රජය බලන්නේ මොන විදියකින් හෝ මුදල් සොයාගන්නයි. ඒ අතර හොරකමත් දරුණු ලෙස සිදු වෙමින් තිබෙනවා. දැන් රජයේ අලුත්ම ඉලක්කය වෙලා තිබෙන්නේ සමුර්ධි බැංකු ටිකයි.

පසුගියදා අගමැති තුමා එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියෙදී කියා තිබ්‍රැලියෙදි කියා තිබුනා සමුර්ධි බැංකු මහ බැංකුවේ පාලනය යටතට ගැනීමට අවධානය යොමු වෙලා තිබෙනවා කියා. මේක අන්තිම බයානක තත්වයක්. මොකද මහ දවාලේ මහ බංකුවට වැඩේ දුන්න කට්ටිය තමයි දැන් මේ සමුර්ධි බැංකුවලට අත පොවන්න හදන්නේ. කවුද අලුත් සමුර්ධි ඇමති මලික් සමරවික්‍රම මහත්මයා. මෙතුමා තමයි කබීර් හෂීම් මහත්මයයි රවී කරුණානායක මහත්මයයි තමයි මහබැඳුම්කර මංකොල්ලයට දින කිහිපයකට පෙර මහ බැංකුවට ගොස් අද අතුරුදහන් වී සිටින මහබැඳුම්කර මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවෙකු වන අර්ජුන මහෙන්ද්‍රන් සමඟ රහස් සාකච්ඡාව කලේ. අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේ සිට විවිධ ආකාරවලින් අගමැතිවරයා මෙයට සම්බන්ධ වූ ආකාරය අද රටම කතා කරනවා.ඉතින් මේ කට්ටියට දුප්පත් පවුල් ලක්ෂ 14ක් එකතුවෙලා පවත්වාගෙන යන සමුර්ධි බංකු පද්ධතිය බාරදුන්නොත් හරියට නරියට කුකුල්ලු බාරදුන්නා වගේ තියේවි.

– චාමින්ද කරුණාරත්න

5,650 Viewers

3 Comments to “බැදුම්කර කොල්ල කල්ලිය සමෘද්ධි බැංකුව මහ දවාලේ කොල්ල කන්න සූදානම්..”

  1. cim says:

    Me karanaye bagayai aththa, ada balanna pretolium eke sewakayekuge waetupa kiyada kiyala, ethakota me gollo nadaththuwatath wishala mudalak waeya wenawa, ekai me ayathana padu labanne, Rajaye lipikaru waetupa Rs 30000 weddi me ayathanaye lipikaruwekuge waetupa 200,000 withara, ekaranath balapanawa,

  2. SUNIMAL says:

    මේ පාලනයෙන් පසු එක්සත් ජාතික පක්ෂය කිසි කාලෙක නැවත රජයක් පිහිට වන්න ඉඩ ලැබෙන්නේ නැහැ එය සහතිකයි

  3. susa says:

    HIMALE KANDA GILAPU EKATA AGGALAWAT KAJJAKDA KIWWALUUU.

Main News