බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් බේරාගැනීමට හඳුන්නෙත්තිගෙන් යටිකූට්ටු මෙහෙයුමක්..

December 30, 2016 at 3:49 am | lanka C news | ලංකා සී නිවුස්
බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් බේරාගැනීමට හඳුන්නෙත්තිගෙන් යටිකූට්ටු මෙහෙයුමක්..

මහබැංකු බැඳුම්කර සිද්ධියට අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ සම්බන්ධය සාක්ෂි සහිතව හෙළිදරව්කර තිබියදී ඒ සාක්ෂියේ සඳහන් කරුනු මගහැර රනිල් චෝදනාවෙන් ගැලවීමට පියවර ගත්තේ දූෂණ විරෝධී පතාක යෝධයා වූ හඳුන්නෙත්ති ය. එපමණක් නොව, දඩයම්කරු ගලවා දඩ බල්ලාට පමණක් චෝදනා එල්ල කරමින් තම පරම නිර්භීත වාර්තාව එලි දක්වා සමාජයේ හොඳ හිත දිනාගන්නට ද මේ චෞර සහායකයා සමත් විය.

දැන් ඔහු තම නීතීඥයාද සහභාගීකරගෙන බැඳුම්කර වංචාවේ අපරාධමය වරද රනිල්ගේ කරමත වැටීම වැළැක්වීම සඳහා මෙහෙයුමක් අරඹා ඇත. ඒ ජනාධිපතිවරයා විසින් මේ වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාට කරුනු ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගන්නා බව පැවසීමත් සමග ය.නීතිපතිවරයා විසින් කරුණු අධ්‍යයනය කර අගමැතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළහොත් විමර්ශන කටයුතු ආරම්භ කළහොත් අගමැති රනිල්ගෙන් ප්‍ර‍ශ්න කිරීමටත් ඔහුව චූදිතයෙකු බවට පත් කිරීමටත් සමහරවිට අත්අඩංගුවට ගැනීමටත් අවස්ථාව ඇති බව රනිලුත් හඳුන්නෙත්තිත් හොඳින්ම දනිති. මේ යොමු කිරීම කරනුයේ ජනාධිපතිවරයා විසින් වන බැවින් සහ දැන් ඇතුව තිබෙන දේශපාලන සීතල යුද්ධයේ තරම අනුව මේ අවධානය සුළුවෙන් තැකිය නොහැකි බව දෙදෙනාම අවබෝධ කරගෙන ඇතුවාට සැක නැත.

එනිසා දැන් ඔහු යෝජනා කරනුයේ මේ හොරකම නීතිපතිට යොමු නොකොට ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට අපරාධ යුක්ති විනිශ්චය කොමිසමක් ස්ථාපිත කරන ලෙසටය.මෙවැනි කොමිසමක් අප රට ඉතිහාසයේ මීට පෙර ඇතs කළේ 71කැරැල්ල සම්බන්ධයෙනි. දැනු ජවිපෙ කරනුයේ තම අතීතය සහ විජේවීර පවා භාවිතා කරමින් එකී ඉතිසාහයත් විජේවීරත් විනාශ කළ එජාපයම ආරක්ෂාකිරීමය. එවන් කොමිසමක් යනු තවත් වසර හතරකට වඩා කල් මැරිය හැකි යාන්ත්‍ර‍ණයක් බව ජවිපෙ හොඳින්ම දනී. ජවිපෙට අවශ්‍ය වනුයේ ඊළග මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය දක්වා රනිල් වික්‍ර‍මසිංහට එරෙහිව චෝදනාවක් ගෙනඒම වැළැක්වීමටය. මේ කොමිසම් යොජනාව ඒ වෙනුවෙනි. මේ යෝජනාව නිසා හඳුන්නෙත්ති පවා හෑල්ලුවන බව ජවිපෙට අදාල නොවේ. මන්දයත් තවත් විමර්ශනයක් යනු කොaප් වාර්තාවෙන් මීට අදාල විමර්ශන නිසි පරිදි සිදු කළ නොමැත යන අදහසක් ඉස්මතු කරන්නක් ද වන බැවිනි.

සිදුවීම් මෙසේ සිදුවනුයේ අනුර දිසානායක විසින් විජේවීරගේ ප්‍ර‍තිපත්තිය දැක්ම යල්පැනගොස් ඇති බවට අදහස් දක්වන අතරතුරදී ය. තම ඉතිහාසයත් සමාරම්භකයාත් පිළිබඳ ලජ්ජා වන ජවිපෙ නූතන නායකත්වය විසින් දැන් කළ යුතුව ඇත්තේ එහි නමත් ලකුණත් මාරු කරගෙන මොඩ් වීමය. ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට එජාප විමුක්ති පෙරමුණත් සීනුව වෙනුවට අලි බෙට්ටත් යොදාගත හැක. ජවිපෙ ලකුණ අලිබෙට්ට වූ පසු අනුරලා විජිතලා සහ හඳුන්නෙත්තිලා ඒවා කමින් එහි සරණ පනුවන් ලෙස ඔවුනට අදාල නිසි පෙනුමෙන් ම හඳුනාගත හැකි වනු ඇත. එය අදීන ඉතිහාසයක් ඇති ජවිපෙටත් එහි නිමැයුරු විජේවීරයන්ටත් කළහැකි ඉහළම සහ අවසන් ගෞරවය වනු ඇත.

-එස්. රිවාරේස්

20,180 Viewers

9 Comments to “බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් බේරාගැනීමට හඳුන්නෙත්තිගෙන් යටිකූට්ටු මෙහෙයුමක්..”

  1. Sihala Yaka - සිහල යකා says:

    Mr. හඳුන්නෙත්ති,
    ආත්ම ගරුත්වයක් තියෙනව නම් මේ චෝදනාවලට පැහැදිලි උත්තර ලබා දෙන්න​.
    නැත්න්ම ඔබත් අනුරකු මාර වගේ ඉහඳ පණුවෙක් බව රටම දැනගන්න යන්නේ. . එහෙම උනොත් ආයි ඉතින් අසූචි වලෙන් ගොඩ එනව බොරු. යන යන තැන ගඳම තමයි.

  2. Sangeeth says:

    Balan yanakota wimal ta bannata munuth wimal wagema deal karayo tikak thamayi

  3. Aba says:

    Jeppo kohomatath Ranilge minissu. Ae bawa parlimenthuwe deema nithrama oppu kara thibenawa!
    Jeppas are Ranils supporters, They hbave proved it several several times while talking in the Paliamentduring the last two years giving muted crticism against Yama Palana govt.

  4. යුක්තිය says:

    රක්ත අලි පැටියා…මහ රකක්ත අලියා බවට පත්ව අැත..කෝ ජවිපෙ ප්‍රතිපත්ති….අනුර,හදුන් අැර පුංචි ජෙප්පන්ට අබ සරනයි…උන්ට දැන් පෙන්නන්න,කියන්න,කෑගහන්න දෙයක් නෑ…

  5. කැපුවත් රතු says:

    ටොයියො බයොයො ඕන විදිහකට මරාගන්න. උන් ඔක්කොම පල් හොරු. ඒත් සමාජවාදී ජවිපෙ සහෝදරයින්ග්ට එක මඩක්වත් ගහන්න එන්න එපා. එහෙම උනොත් අපේ සමාජවාදී තරුණ සංගමේ කොල්ලො ටික පාරට බස්සනව ජනවාරි පළවෙනිතම. හැමදාම රටේ නිර්දන පන්තිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරල ධනවාදී බඩගෝස්තරවාදීන්ට පහර ගැහුවෙ අපේ ජවිපෙ සහෝදරයො. මනුශ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටියෙ ජවිපෙ සහෝදරයො. රටේ උගත් බුද්ධිමත් අය නියෝජනය කරන්න ජවිපෙ සහෝදරයො. අනිත් ඔක්කොම පක්ෂවල ඉන්නෙ අට පාස් ඇමතිල. බලාගෙන ඉදපන් 2020 ජනාධිපති වෙන්නෙ අනුර කුමාර සහෝදරය. දැන් වහල්ලු ඒ කතාවට කුලප්පු වෙයි. ඒත් මතක තියාගන්න රතු පාට දැක්කම කුලප්පු වෙන්නෙ හරක් කියල.

    • Ireland kuma says:

      උඹල කොලපාට දැක්කම කුලප්පු වෙලා ,දැපනෙ වැටිල​,මඤ්ඤංවෙලා,පාවාදීල​,කඩේ ගිහිල්ල​,සපත්තු ලෙවකාල​,අයර්ලන්තෙ පන්සල් හදල​,කොටින්ට සළු පිලි අන්දල​,ගොනාට ඇඳන් හිටපු ෆොන්සේකට අං තට්ටුව දාල​,ආප්ප වාටිය කාල​,යමපාලනේට මුක්කු ගහල​,ගමේ කැට හොල්ලන උන්ව මුලා කරල බලං හිටපල්ල 2020 ලපය රජ කරවන්න​.වරෙව් ගම්වලට බූවලු ,කොසුමිටි,මඩු වල්ග සූදානම්.සීනුව මාරු කරල දාගනියව් අලිබෙට්ට ලාංචනේ හැටියට,,,

      • nanayakkara says:

        ELA ELA yatikoottu weda(Bombs) karala ath 2 kada gatta eka me watawe kakul 2 ath 2 kada ganne apen warella gamata mun 1971 -1983- 1988/89-2015. Rata kewa

    • අනාථයා says:

      ඒ හරක් විකුණල ඉවරයි බං.

  6. Karu jayasuriya says:

    JVP is the worst party contribute to destroy county

Main News