බැදුම්කර පත්තරේ ගන්න දෙරණ ලොක්කා පස්ස ගහයි.. කොහොම හරි ඇගේ ගහන්න බැදුම්කර බෑණා දතකයි..

February 3, 2018 at 1:20 pm | lanka C news
බැදුම්කර පත්තරේ ගන්න දෙරණ ලොක්කා පස්ස ගහයි.. කොහොම හරි ඇගේ ගහන්න බැදුම්කර බෑණා දතකයි..

බැදුම්කර මගඩියේ චෝදනා ලබා ඇති අර්ජුන් ඇලෝසියස්ගේ පුවත්පත මිලට ගැනීම සදහා ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් කරන ලද උත්සාහය මදක් පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම් කිහිපයක දේපල විකිණීම හෝ පැවරීම තහනම් කරමින් අධිකරණ විසින් නියෝග කර තිබීමයි.

පුවත්පත් මුද්‍රණ ආයතනයට මෙම නියෝගය අදාල වී නැතත් ඉදිරි දිනකදී එවන් නියෝගයක් ලැබෙනු ඇති බවට ලද තොරතුරු මත මෙම ගණුදෙනුව පසුබෑමකට ලක්ව ඇත.

මේ අතර ආරංචි මාර්ග සදහන් කරන්නේ අධිකරණයෙන් තහනම් කිරීමට පෙර බැදුම්කර පුවත්පත ව්‍යාපාරික දිලිත් ජයවීරට විකුණා එය බේරා ගැනීමට ඔවුන් විසින් උපරිම උත්සාහ දරමින් සිටින බවයි.

අදාල පුවත්පත් මුද්‍රණ ආයතනය විකිනීමේ ගණුදෙනුව යෝජනා වි ඇත්තේද එහි තක්සේරු වටිනාකමට වඩා ඉතා අඩු මදලකටයි.

16,799 Viewers

5 Comments to “බැදුම්කර පත්තරේ ගන්න දෙරණ ලොක්කා පස්ස ගහයි.. කොහොම හරි ඇගේ ගහන්න බැදුම්කර බෑණා දතකයි..”

  1. Gamini says:

    ගේමක් ගහල ගනින් පුතා….උබල රජ වැඩ කාරයොනෙ…

  2. herath says:

    මේව සියල්ල කතාවෙලා කරන වැඩ…

  3. ajitpenawaa de costa says:

    ranil tamai aloysius wa amaruwe damme horakan karanna gihin

  4. Genu Kicha says:

    Alo hirey giyahama mam eyage geniva bala gannam.

  5. epa says:

    raja santhaka wenda ona dewal milata gena horuntawatina kam denda gihin jathiye sapayata mhuna denna epa.

Main News