බැදුම්කර මහ මොලකරුවන්ගේ සියළු දේපල රාජ සන්තක කරන්න සූදානම්..

August 24, 2018 at 6:23 am | lanka C news
බැදුම්කර මහ මොලකරුවන්ගේ සියළු දේපල රාජ සන්තක කරන්න සූදානම්..

2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා සිදු කරන ලද යහපාලන බැදුම්කර මගඩි හරහා රටටද, ආර්ථිකයටද, ශ්‍රී ලංකා ජනතාවටද දැවැන්ත පාඩු සිදුවූ අතර, රටේ කීර්තිනාමයට මරු පහරක්ද එල්ල වුනි.

තමන්ගේ ඇස් පනා පිට ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම මගඩිය අනාවරණය වෙද්දී, ජනතාව අසරණව බලා සිටියහ. දූෂිත දේශපාලඥයන් සහ නිලධාරීන් හිතා මතාම එම වංචාව වසන් කරද්දී, ජනතාව දුක්මුසුව සුසුම් හෙලූහ. මගඩියේ මොළකරු යහපාලනය පිළිබදව දෙසුම් දෙද්දි, ජනතාව කම්පාවෙන් පෙලුනහ. මගඩියේ එක් මූලික චූදිතයෙකු වූ හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍ර‍න් අත් අඩංගුවට ගැනීමෙන් වැලකීමට කිසිදු අවහිරයකින් තොරව විදේශගත වෙද්දී, ජනතාව කුපිත වූහ. මහේන්ද්‍ර‍න් මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහුගේ ක්‍රියාවන් වෙනුවෙන් සම්පූර්ණ වගකීම තමා භාර ගන්නේ යයි පැවසූ අගමැතිවරයා මහේන්ද්‍ර‍න් දැන් සිටින්නේ කොතනද තමා නොදන්නේ යයි පවසද්දි, ජනතාව තිගැස්සුනහ.

මේ අනුව, වර්තමාන පාලකයින් මෙම බැදුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ වී ඇති නිසා, ඔවුන් මේ රට පාලනය කරන තාක්කල් මෙම මගඩියේ යෙදුනු වැරදිකරුවන් නීතියේ රැහැනට ගෙන ඒමටද, සොරාගත් මුදල් නැවත අය කර ගැනීමටද, මෙම රජයට කිසිදු උනන්දුවක් නැති බව ජනතාව දැනටමත් තීරණය කොට අවසානය. එහෙයින් මෙම මගඩියට අදාළව යුක්තිය ඉෂ්ට කර ගැනීමට නම් ජනතාවට ඇති එකම බලාපොරොත්තුව නව රජයක් හරහා එසේ කර ගැනිම බව දැන් පැහැදිළිය. එසේ වුවහොත් පමණක්, රටට ආර්ථිකයට සහ ජනතාවට විදින්නට සිදු වූ පාඩුව සහ හානිය නැවත අයකර ගත හැකිය. “යහපාලනය” වෙනුවෙන් පෙනී සිටිමින්, අගනා යුරෝපිය ඇදුමින් සැරසි, රටේ ඉතිහාසයේ දැවැන්තම වංචාව කල මොලකරුවන්ට දඩුවම් දිය හැකිය. මුදලට සහ වෙනත් හේතුන් වෙනුවෙන්, මෙම මගඩිය යට ගැසීමට සහයෝගය සහ ශක්තිය දුන් පුද්ගලයින් හෙළිදරව් කරගත හැකිය. මෙම මගඩිය දියත්කර ගන්නට අනුබල දුන් අය අනාවරණය කර ගත හැකිය. එසේ කිරීමට නම්, එකම සැලැස්මක් සහ අරමුණක් ඔස්සේ රජයේ සියලුම අදාළ අංශ කටයුතු කරමින්, තොරතුරු අනාවරණය කර ගනිමින්, සත්‍ය තහවුරු කර ගනිමින්, සොයා ගන්නා ලද තොරතුරු විශ්ලේෂනය කර ගනිමින්, හැකි සියලුම නීතිමය ප්‍ර‍තිපාදන උපයෝගි කර ගනිමින්, සියලුම වැරැදිකරුවන් නීතියේ රැහැනට භාජනය කිරීමට, කටයුතු කළ යුතුය.

2015 ජනාධිපතිවරණයට පෙර, සියලු දෙනාම දන්නා පිරිදි, වර්තමාන රජයේ නායකයන් කිප දෙනෙක් හිටපු රාජ්‍ය නායකයන්ට, දේශපාලඥයන්ට සහ නිලධාරීන්ට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැතිව විවිධ චෝදනා එල්ල කළහ. උදාහරණයන් ලෙස විදේශිය බැංකු ගිණුම් වල ඇමරිකානු ඩොලර් බිලියන 18 ක තැන්පතු, අධිවේගී මාර්ග ඉදි කිරීම් කොන්ත්‍රාත් සදහා එම කොන්ත්‍රාත් අගයන් වලින් 50% කට අධික කොමිස් මුදල්, රාජපක්ෂ පවුල විසින් ආනයනය කරන ලද යයි කියූ රන් අශ්වයින්, හෙලිකොප්ටර් සහ ලැම්බෝගිනි කාර්, විවිධ නායකයන්ට අයත් ඩුබායි හි පිහිටා ඇතියි කියූ හෝටල් සහ මාලිගා යනාදිය, මතකයට පිවිසෙනු ඇත. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාවේ සෘජු සහය ඇතිවද, අවුරුදු තුනහමාරක් තිස්සේ ලොව වටා කරන ලද පුලුල් පරීක්ෂණ වලට පසුවද, ඉහත කී චෝදනා සම්බන්ධයෙන් එක සාක්ෂියක්වත් තවමත් ඉදිරිපත් කරන්නට වර්තමාන රජය අපොහොසත් වී ඇත. ඒ හේතුව නිසා, මෙවන් චෝදනා වාංචනික දේශපාලඥයින් විසින් ජනතාව මුලා කිරීමට සිතා මතා කියන ලද අසත්‍යයන් බව ජනතාවට අද ඒත්තු ගොස් හමාරය.

ඉහත කී තත්ත්වයට සම්පූර්ණයෙන් පටහැනිව, යහපාලන නායකයින් දියත් කොට ඇති බැදුම්කර මගඩිය ඇතුලු මගඩි කීපයක්ම පිළිබදව දැනටමත් ප්‍ර‍සිද්ධියේ හෙළිකරන ලද විශ්වාසනීය සාක්ෂි ජනතාව සතුය. එමෙන්ම, වර්තමාන රජයේ මෙම බැදුම්කර මගඩියේ දූෂිත කටයුතු පිළිබදව ඉහලතම නායකයන්ගේ පෞද්ගලික මැදිහත්වීම් සහ ක්‍රියාවන් පිළිබදව තොරතුරුද ජනතාව සතුය. එසේ හෙයින්, 2015 පෙබරවාරි සිට 2016 ජූනි අතර සිදුවූ බැදුම්කර මගඩි සත්‍ය ලෙස සිදුවූ මගඩි බවත්, ඒවා යම් පුද්ගලයෙකුගේ මනෝකල්පිතයක් නොවන බවත්, ජනතාව හොදින් දනිති. මෙම පොදු දැනුම තව දුරටත් සනාථ කරමින්, බැදුම්කර මගඩිය හරහා උපයා ගන්නා ලද දැවැන්ත නීති විරෝධී මුදල් වලින් කොටසක්, විවිධ රජයේ නායකයන්ගේ සහ ඔවුන්ගේ සගයන්ගේ සාක්කු වලට ගලා ගොස් ඇති ආකාරයද ජනතාව දැක ඇත. එලෙස උපයා ගන්නා ලද මුදල්, විවිධ දේශපාලඥයන්ගේ සහ රජයේ අනිකුත් කේෂ්ත්‍ර‍වලට සම්බන්ධ අයට ලබා දී ඇති ආකාරයද ජනතාව දැක ඇත.

මෙම පසුබිම ඔස්සේ යහපාලන බැදුම්කර මගඩිය පිළිබදව අනාගත රජයක් උපායමාර්ග කෝණ (strategic thrusts) කීපයක් හරහා, පහත සදහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඒකාබද්ධ (integrated) වැඩලිළිවෙලක් දියත් කළ යුතුය.

අ) මෙම බැදුම්කර මගඩියට සම්බන්ධ යැයි චෝදනා ලැබ ඇති ප්‍රාථමික ගැණුම්කාර සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සහ එහි නිලධාරින්ට සීමාවී ඇති දඩුවම් දීමෙන් ඔබ්බට ගොස්, මෙම මගඩියට සම්බන්ධ මහා මොලකරු ඇතුලු සියලුම පාර්ශවයන්ට විරුද්ධව නීතිමය කටයුතු දියත් කරමින් ඒ සියලු දෙනාටම දැඩි දඩුවම් ලබා දීම.

ආ) මෙම මගඩියට සම්බන්ධ මොලකරු ඇතුලු සියලු දෙනා භුක්ති විඳ ඇති නීති විරෝධී ලාභ සහ දීමනා නැවත අය කර ගැනීම සහ යම් ලාභාංශයක් හෝ දීමනාවක් ඔවුන් වෙනත් සම්පත් බවට පරිවර්තනය කොට ඇත්නම්, එම සම්පත්ද රජයට පවරාගෙන ඒවා විකුණා රටේ සහ රජයේ අලාභය පියවා ගැනීම.

ඇ) මුදලට හෝ වෙනත් වාසීන් තකා මෙම බැදුම්කර මගඩිය වසන් කිරීමට කටයුතු කළ සියලු දෙනා නම් කොට, එම වසන් කිරීමේ කාර්යට කැපවූ සියලු දෙනාට විරුද්ධව නීතිමය කටයුතු කිරීම.

ඈ) බැදුම්කර මගඩියේ දිගුකාලීන අවාසීන් හරහා රජයට, ආර්ථිකයට සහ ජනතාවට, තවමත් සිදුවෙමින් පවතින පාඩු සහ අලාභ නැවැත්වීමට සහ/හෝ අවම කිරීමට වහාම පියවර ගැනීම.

ඉ) වසර ගණනාවක් තිස්සේ ඉතා කාර්යක්ෂම ලෙස සහ නිවරැදි ලෙස බැදුම්කර නිකුත් කිරීමට මහ බැංකුව විසින් අනුගමනය කරන ද තාක්ෂණික ක්‍ර‍මවේදය, එම ක්‍රියාව පිළිබදව කිසිදු දැනුමක් නොමැති අගමැතිවරයාගේ සෘජු අණ පරිදි මහ බැංකු අධිපති විසින් හදිසියේම වෙනස් කිරීම වැනි ප්‍රෝඩාකාරී දේශපාලනික බලපෑම් සහමුලින්ම නැවැත්වීමට රාජ්‍ය පාලන ක්‍ර‍මවේදයන් වෙනස් කොට ස්ථාපනය කිරීම.

ඊ) බැදුම්කර මගඩියෙන් අයුතු ලෙස උපයා ගන්නා ලද දැවැන්ත නීතිවිරෝධී මුදල් තොගයෙන් කොටසක්, 2015 අගෝස්තු මස මහ මැතිවරණයේදී මගඩියේ මොලකරු ඇතුලු වෙනත් දේශපාලඥයන් විසින් තමන්ගේ මැතිවරණ කටයුතු වලට යොදාගෙන ඇත්තේ දැයි සොයා බැලීම.

උ) වර්තමාන අගමැති, ප්‍ර‍ධාන පෙලේ ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නායෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහ බැංකු අධිපති මහේන්ද්‍ර‍න් සහ අනිකුත් ඉහල පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුලු දේශපාලනිත නායකයින් සහ නිලධාරීන් විසින් එල්ල කරනු ලැබූ දැඩි බලපෑම් සහ පීඩන වලට යටත් නොවී, බැදුම්කර මගඩිය නිර්භීතව අනාවරණය කිරීමටද එහි පාඩු ගනනය කිරීමටද කටයුතු කළ නිලධාරීන්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන් සහ වෙනත් පුද්ගලයන් හදුනා ගෙන ඔවුනට නිසි සුභාශිංසනය සහ ගෞරවය දැක්වීම.

දැනටමත් මෙම බැදුම්කර මගඩිය පිළිබදව තොරතුරු සහ විශ්ලේෂණ රාශියක් පසුගිය වසර තුනහමාර තුළදී විවිධ ප්‍ර‍යත්නයන් හරහා අණාවරණය වී ඇත. එම තොරතුරු සහ දත්තද ප්‍ර‍යෝජනයට ගනිමින්, මෙහි දක්වා ඇති පුලුල් වැඩපිළිවෙල සාර්ථකව දියත් කර ගැනීමට, නව රජය පත්වී මාස 12 ක පමණ කාලයක් තුළදී ක්‍රියාකල හැකියයි අපේක්ෂා කළ හැක.

අජිත් නිවාඩ් කබ්රාල්
හිටපු මහ බැංකු අධිපති

16,664 Viewers

12 Comments to “බැදුම්කර මහ මොලකරුවන්ගේ සියළු දේපල රාජ සන්තක කරන්න සූදානම්..”

  1. UK-Nilu says:

    We support you then!
    I shall try to get a help for you through our MP here in North London.
    Cheers!

    • Amda says:

      මේ සල්ලි ගත්ත මහජන මුදලින් යැපෙන උන්ගෙත් ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි

  2. rambanda says:

    මේ කතාව ඒකාබද්ධ යෙන් නිල වශයෙන් මහජන පොරොනදුවක් ලබන 5දා මහා රැලියේදී මහ හඬින්‍ කිය යුතුමයි

  3. Wijebahu says:

    මෙයා රාජපක්සගෙ බුක් කීපර්. රාජපක්ස කියනකොට ක්‍රෙඩිට් එකයි ඩෙබිට් එකයි එහාට මෙහාට මාරු කරපු එක තමයි කලෙ.

  4. කෙරුවාව says:

    ඔහේලගෙ කෙරුවාවත් අපි හොඳට දන්නව.

  5. ගලබොඩ අත්තේ චමින්ද says:

    කබ්රාල් මහත්තයෝ, චන්ද්‍රිකා කියුවා හොරුන්ව ගෙනැල්ල ගෝල් ෆේස් එකේ එල්ලනවා කියලා. එල්ලුවද?. යහපාලානේ හොරු අල්ලනවා කියුවා ඇල්ලුවද?. කාලෙන් කාලෙට ජනතාව අන්දවන්න මොකක් හරි මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා. 1948 දී නය නැති රට දැන් ඉපදෙන්න ඉන්න එවුනුත් නයයි. මෙරටේ දේශපාලකයෝ හරියට රට ගෙනිච්චානම් මෙහෙම වෙයිද?. ඔවුන්ගේ ජොබ් එක තියා ගන්න මහා ජනතාව ගොනාට අන්දවනවා. අපි නිල් ,රතු. කොළ කියලා බෙදිලා මරා ගන්නවා. මොකා ආවත් හොරු අල්ලන එක විහිළුවක්, ජනතාව ඇන්දවීමක්. අපිත් පින්තුර වලින් දැක්කා ඔබ තුමාත් කන පැලෙන්න ගහලා මෙරිගෝ රවුන්ඩ් යනවා නාමල් බෙබිත් එක්ක. රජයේ නිලධාරියෙක් හැටියට ජනතාවගේ මුදලින් එහෙම කරන එක අවුලක් නැද්ද?. රට කෑවත් කමක් නැහැ අනේ මහත්තයෝ තවත් අපිව ගොනාට අන්දවන්න එපා ඔහෙලට පින්.

  6. merate ahinsaka minissunge salli horakapu siyalu denatama hena hathama gahanna ona

  7. Saradiel says:

    රනිල් ඇතුලු අනික් මුදල් ලබා ගත් සියලුදෙනාගේම

  8. ranjith says:

    The economy did very well when Cabraal was the Governor. The country needs him back. A set of jokers and rougues are managing the economy today.

Main News