බැදුම්කර වංචාවට ජනපතිටත් චෝදනා.. අල්ලස් කොමිසමට පැමිණිලි කෙරේ..

February 9, 2018 at 8:40 am | lanka C news
බැදුම්කර වංචාවට ජනපතිටත් චෝදනා.. අල්ලස් කොමිසමට පැමිණිලි කෙරේ..

ජනාධිපතිවරයාට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් අද දිනයේ කරන බව මහජන අයිතින් සුරැකීමේ පදනම සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

රටට විශාල පාඩුවක් කෙරූ මහබැංකු බැදුම්කර වංචාව යන කාරනාවට අරජුන් මහෙන්ද්‍රන් ඍජුව සම්බන්ධ පුද්ගලයෙකි. 2006 සිට ඔහුට ශ්‍රීලංකාවේ පුරවැසි භාවයක් නොමැත.

ශ්‍රීලංකාවේ පුරවැසි භාවයක් නොමැති ඔහුව මහබැංකු අධිපති ලෙස 2015 ජනවාරි 15 වනදා පත් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනී.

ඔහු පිළිබඳව බුද්ධි අංශ පසුබිම් වා‍ර්තාවක් ජනාධිපතිවරයා කැඳවුවා නම් එහි ඔහුගේ පුරවැසි භාවය හා අනෙකුත් කාරනාවන් අඩංගු වී තිබිය යුතුය.

එවා සියල්ල ඉවත දමා අගමැතිවරයාගේ කීමට ඔහුව මහබැංකු අධිපති ලෙස පත්කිරීමෙන් ජනාධිපතිවරයා නියමිත ක්‍රියා පටිපාටිය කඩකර ඇත. එය දූෂණයකි.

ජනාධිපතිවරයා සතු බලය ජනතාව ලබාදුන්නේ අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාටය. අරයා මෙයා කියු පලියට එම බලතල භාවිතා කිරීම ජනතාව කිසිවිටකත් අනුමත නොකරන කාරනාවකී.

මේ පිළිබඳව අප සංවිධානය හා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාර සමඟ එක්ව අල්ලස් දූෂණ වංචා විමර්ශන කොමිසම වෙත ජනාධිපතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට නියමිතය.

චිරන්ත අමරසිංහ
මාධ්‍ය අධ්‍යක්ෂක

13,470 Viewers

7 Comments to “බැදුම්කර වංචාවට ජනපතිටත් චෝදනා.. අල්ලස් කොමිසමට පැමිණිලි කෙරේ..”

  1. අල්ලපු එකෙක් නැති කොමිසම! says:

    කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන පස්ස පැත්තේතෙත් ගාගත්ත නේද?

  2. මුළාදෑනියා says:

    මේ කතාව හරියටම ඇත්ත, මොකද සියලුම ජාතීන් උතුරු නැගෙනහිර ඇතුලුව මෛත්‍රිපාල මහත්යට ඣන්දේ දුන්නා මිසක්, රනිල් වික්‍රමසිංහ අගමැතිකරන්න මිනිසුන් අදහස් කළේ නෑ. මොකද රනිල් වික්‍රමසිහ හෝ සරත් ෆොන්සේකා එහෙම නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න තිබුණා. එයාල ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒත් සරත් ෆොන්සේකා ඇමති තනතුරක් දීමත් රනිල් වික්‍රමසිංහ අගමැතිකර ඔයුට ඕෑ විදියට තීරණ ගන්නට ඉඩදීම සම්පූර්ණයෙන්ම වැරදියි. මේ සදහා ඇත්තටම ජනාධිපතිවරයා වගතිව යුතුය.

  3. Lawlord says:

    Must check whether he or his close kith and kins had any direct or close indirect nexus to this crime. One of the suspects or both now in remand would know about it.

  4. කොමඩ් සාගරයක්. says:

    කොමඩ් සාගරයක්. උතුරා යාවි.

  5. vishnu says:

    නියමයි

  6. daminda says:

    anae epa…mama babaaaaaaaaaaa

  7. GA says:

    Australiyava oba anaturu bala site.

Leave a Comment

Main News