බැදුම්කර වාර්තාව සැන්ඩි කරන්න අගමැති පික් පොකට් රංගනයක..

January 9, 2018 at 12:04 am | lanka C news
බැදුම්කර වාර්තාව සැන්ඩි කරන්න අගමැති පික් පොකට් රංගනයක..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

බැඳුම්කර වංචාවක් වුණා කියලා ආණ්ඩුව නිල වශයෙන් පිලි ගත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපති පිලි ගැනීම හරහා. එතෙක් ආණ්ඩුවේ ඇමතිවරු පොත් ලිව්වේ පාද සටහන් යෙදුවේ වාද විවාද කලේ එහෙම හොරකමක් වුණේ නෑ කියලා. ඒ නිසා ඒ වාර්තාව ගැන විවාද කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි කතානායකගෙන් ඉල්ලුවා.

මෙන්න ඒ අතරේ අගමැතිතුමාත් එජාප සමුුළුව අමතමින් කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. දැවැන්ත වංචාවක් බැඳුම්කර වාර්තාවෙන් හෙලි වෙලා තිබෙනවා. රාජපක්ෂවරු මේකට වගකිව යුතුයි කියලා. ඒ කතාව අසා ගෙන ඉන්න කෙනෙකුට හිතෙන්නේ බැඳුම්කර වංචාව කියන්නේ රාජපක්ෂ යුගයේ සිදු වුණු වංචාවක්. අගමැතිතුමා තමයි හොරු අල්ලලා තිබෙන්නේ කියා.

බැඳුම්කර වංචාවේ අංක එකේ විත්තිකරු බවට පත්විය යුතු අගමැතිතුමාගේ මේ රංගනය සිහිපත් කරන්නේ පික් පොකට්කාරයෙකුගේ හැසිරීම. පසුම්බිය සොරකම් කරගෙන දුවන අතරේ පික් පොකට්කාරයාම කෑගහනවා “මෙන්න හොරෙක් අල්ලපියෝ “ කියලා. ඒ වගේ අගමැතිතුමා බැඳුම්කර වංචාව සිද්දකරල ඉවර වෙලා, මෙන්න බැඳුම්කර වංචාවක් සිද්ධවෙලා, ඒකෙ හොරු අල්ලන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ විවාද කරන්න ඕනෑ , රාජපක්ෂවරුන් වගකියන්න ඕනෑ කියන කොට එතුමන් තුලින් රටේ ජනතාවට පික්පොකට්කාරයෙකු සිහිපත් වීම නම් නතර කරන්න බෑ.

– අරවින්ද අතුකෝරල

8,219 Viewers

5 Comments to “බැදුම්කර වාර්තාව සැන්ඩි කරන්න අගමැති පික් පොකට් රංගනයක..”

  1. Jonaa'S Brother says:

    ඉවසුවා ඇති වඳයෝ තිරුපති වඳින්නට,
    යමු හනිකට “බොන්ඩ්” ගැසුමෙන් ගැළවෙන්ට,
    කියන කරන හැම වැඩයම රුවිතයට ,
    වැටහී ඇත්තේ පඹයට උඹේ කරුමයට.

  2. Wijebahu says:

    Ha umba baba kiyala hamoma Dannnawa. Gsmmanpilila is a top class crook should be in Jail now.

  3. Aurora says:

    DS සේනානායක; ජාතියේ පියා
    ඩඩ්ලි සේනානායක; බත් දුන් පියා
    JR ජයවර්දන ; ඇට දුන් පියා
    R ප්‍රේමදාස; මරු පියා
    රනිල් වික්‍රමසිංහ ; වැඩ බැරි පියා

  4. dutu says:

    ජනාධිපතිවරයා කියනා අකාරයට කොමිසමේ එක් යෝජනාවක් වනුයේ 2008 -2014 කාලය තුල මහ බැංකුව බැඳුම්කර ගනුදෙනු කල ආකාරය පිලිබඳවද පරීක්ෂණයක් කල යුතු බවයි. ඔහුට අමතක වී ඇත්තේ හිටපු මුදල් ඇමතිවරයා විසින් මුල්‍ය පනතේ 43(2) කොටස යටතේ 2016 අගෝස්තු 19 දා කල ඉල්ලීමක් අනුව රජයේ විගනකාධිපතිවරයා විසින් මේ පිලිබඳ සම්පූරණ පරීක්ෂනයක් 2017 ජනවාරි 17 වනදා සිය වාර්ථාව බාර දී ඇති බවයි. ජනාධිපතිවරයාට කරන්නට ඉතුරුව තිබෙන්නේ එම වාර්ථාව ගෙන්වාගෙන කියවීම පමනි. මේ වාර්ථාව දැනටමත් විගනකාධිපතිවරයාගේ වෙබ් අඩවියේ තිබේනවා.

Main News