බැදුම්කර සාක්‍ෂිකරුවන්ට පොලිස් ආරක්‍ෂාව.. බැදුම්කර සැකකරුවන් නිදැල්ලේ..

October 21, 2017 at 5:30 pm | lanka C news
බැදුම්කර සාක්‍ෂිකරුවන්ට පොලිස් ආරක්‍ෂාව.. බැදුම්කර සැකකරුවන් නිදැල්ලේ..

මහ බැංකු බැඳුම්කර මගඩිය ගැන පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දීම හේතුවෙන් මරණ තර්ජන එල්ල වීම නිසා රට හැරගිය අනිකා විජේසූරියගේ සහෝදරයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

මෙම ආරක්‍ෂාව ලබා දී ඇත්තේ සාක්ෂිකාරිය විසින් කළ ඉල්ලීම හා අනුව සහ බැඳුම්කර කොමිසම විසින් කළ දැනුම්දීමක් මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකල පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

කෙසේ වෙතත් සාක්‍ෂිකරුවන්ට බලපෑම් කලේ යයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ කටයුත්ත මෙහිදී සිදුව නැත.

අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් ගෙවා හිටපු ඇමති රවි කරුණානායකට ලබා දුන් සුපිරි නාවිසයේ හිමිකරු අනිකා විජේසූරියයි. අනිකා විජේසූරියට මරණීය තර්ජනය කර ඇත්තේ හිටපු ඇමති රවි කරුණානායකගේ හිතවතෙක් වන නෙත්තිකුමාර නැමැත්තෙකි.

5,883 Viewers

2 Comments to “බැදුම්කර සාක්‍ෂිකරුවන්ට පොලිස් ආරක්‍ෂාව.. බැදුම්කර සැකකරුවන් නිදැල්ලේ..”

  1. YAMA DUTHA says:

    KEPAAYA’s mother YAMAPALANA features

  2. ඥාණානන්ද ප්‍රඤ්ඤාසේකර says:

    සාක්කිකරුවන්ගේ ආරක්ෂාවට ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නත් පුළුවන්. එතකොට එකෙක් එන්නෑ සාක්කි දෙන්න. කොහොමද ටිකිරි මොළේ!

Main News