බැදුම්කර හොරු බේරාගන්න ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි.. බැදුම්කර වංචාව ආසියාවේ විශාලම රාජ්‍ය මුදල් මංකොල්ලයයි..

August 10, 2017 at 10:40 am | lanka C news
බැදුම්කර හොරු බේරාගන්න ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි.. බැදුම්කර වංචාව ආසියාවේ විශාලම රාජ්‍ය මුදල් මංකොල්ලයයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

‘මේ දවස්වල ආණ්ඩුවේ ඇමතිවරු කියන ලොකුම කතාව තමයි ආණ්ඩුවේ ඇමතිවරු ජනාධිපති කොමිසමට ගෙන ගියේ යහපාලනය නිසාලු. බම්බුව තමයි. බැඳුම්කර කොමිසම අපි සටන් කරලා මහත් අමාරුවෙන් ලබා ගත්තු එකක් මිස ආණ්ඩුව ජනතාවට දුන්න තිලිණයක් නොවේ. මේ බැදුම්කර වංචාව සිදු වුනේ 2015 පෙබරවාරි 27 වෙනිදායි. එහෙනම් ඔය කොමිසම 2015 මාර්තු මාසයෙයි එන්න ඕන. නමුත් එහෙම වුනේ නෑ. බැඳුම්කර වංචාවට එරෙහිව අපි සටන පටන් ගත්තේ 2015 මාර්තු මාසයේ. අපි මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ කළා. ඒ උද්ඝෝෂණයේ දී අපේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට තුවාලත් වුණා. වේදිකාවේ දී රූපවාහිනි සංවාද වල දී මාධ්‍ය හමු වල දී මේ හොරකම පිළිබඳ අපි ජනමතයක් හැදුවා. දකුණු ආසියාවේ සිදු වුනු දැවැන්තම ආණ්ඩුවේ වංචාව බවට මේක පත්වෙනවා කියන දේ අපි රටට හෙළිකලා. ආණ්ඩුව මොකක්ද කලේ? මේ හොරකම වහන්න හොරු රකින්න තර්ක හැදුවා. සම්මන්ත්‍රණ තිබ්බා. කමිටු පත් කළා. පොත් ලිව්වා. දැන් ඒ පොත් කිසිම වෙළද සැලක පුස්තකාලයක හොයාගන්නවත් නෑ. ඒ කිසිවකින් වසා ගන්න බැරි තරමට මේ හොරකම විශාලයි කියලා තේරුණාම කෝප් කමිටුවට මේ පිළිබඳ සොයන්න අකැමැත්තෙන් වුණත් බාර කළා. ඩිව් ගුණසේකර ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කෝප් කමිටුව බැඳුම්කර හොරුන් හෙලි කරලා වාර්තාවක් පිළියෙල කළා. ඒක හෙලි වීම වලක්වන්න වාර්තාව බාර දෙන දවසට කලින් දවසේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ බැදුම්කර හොරුන් බේරාගන්නයි.

අපිත් අත් හැරියේ නෑ. අළුත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට මේ ප්‍රශ්නය අරගෙන ගියා. විගණකාධිපති සොරකම සිදු වුණු බවට පැහැදිලි වාර්තාවක් දුන්නා. සාක්ෂි විභාගයේ දී සොරකම ඉතාම පැහැදිලිව ඔප්පු වුණා. කෝප් වාර්තාව එළි දැක්වුණාම බැඳුම්කර හොරුන්ට දඬුවම් කරන්න කියලා ප්‍රබල සමාජ මතයක් ඇති වුණා. දැන් එක්කෝ අගමැතිතුමන්ද ඇතුළුව සියළුම බැදුම්කර හොරුන්ට නඩු පවරන්න ඕනෑ. නැතිනම් කල් මරන්න ඕනෑ. නඩු පැවරීම කල් මරන්න තමයි ජනාධිපති කොමිසම පත් කලේ. නමුත් අනපේක්ෂිත විදිහට කොමිසම ඉදිරියේ රජයේ නිළධාරීන් ඉතාම අභීතව ආණ්ඩුවේ රෙදි එකිනෙක ගලවන්න පටන්ගත්තා. ඒකට අනීකා විජේසූරිය ලබා දුන් සාක්ෂියෙන් තමයි නොසිතෙන පැත්තකට කොමිසමේ කටයුතු යොමු වුණේ. එහිදි රවි කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් මූල්‍ය ගණුදෙනු රටට හෙළි කලා. ඒ තරුණ මෙනවිය දැක්වු අභීත බාවයට දුෂණ විරෝදී සමස්ත ජාතියේම ප්‍රණාමය පුද කළ යුතුයි. ඒ නිසා මේක මේ ආණ්ඩුවේ යහපාලනය නිසා වුණු දෙයක් නොවේ. ඒකාබද්ධ විපක්ෂයේ අඛණ්ඩව දෙවසරක් පුරා කල සටනක ප්‍රතිඵලයක්. ඇත්තටම යහපාලනය තිබෙනවා නම් නැව් ගිල්ල ඇමතිවරුන්ට කැලෑ පාළු ඇමතිවරුන්ට තරුණ දරුවන් හප්පලා පැනලා යන ඇමතිවරුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න එපායැ.

යම පාලනයේ රවි කරුණායක ඇමතිතුමන්ට අත්කර දුන් ඉරනමම මේ ආණ්ඩුවේ සාතිශය බහුතරයකට අත්කර දෙන්නත් අපි මේ සටන ඉදිරියටම ගෙනියනවා’

– අරවින්ද අතුකෝරල

38,843 Viewers

5 Comments to “බැදුම්කර හොරු බේරාගන්න ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි.. බැදුම්කර වංචාව ආසියාවේ විශාලම රාජ්‍ය මුදල් මංකොල්ලයයි..”

  1. Dev says:

    Ape ratata jaya wewa.

  2. nipun says:

    save our country from Yahapalana.
    otherwise no future for the country

  3. Raawana says:

    Firignerslage depla walata widda evunta mokada karanne? Pivithuru samaga heluwen

    • rambanda says:

      බුද්ධිමත් එවුන් වුනත් මොලේ සෝදල ගත්තම ජෙප්පොන්ගෙ මත වලින් හිස් මනස පුරවා ගත්තම මොකද වෙලා තියෙන්නෙ

  4. හතර බිරි කතාව says:

    ලෝකෙම හොඳම විදෙස මුදල් ඇමති අල්ල පොළොවේ ගසන්නට පෙර ඉල්ලා ඉස්වෙයි. ක්ලින් අගමැති අසුචි මත පිනයි. මන් දන්නේ නෑ. මට මතක නැහැ.මහජන සල්ලි විසවෙලා.

Main News