බැසිල් මහ රෑ පොලොන්නරුවේ.. පොහොට්ටුකාරයෝ වට කරගෙන සිටි තැනට ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සහ හිටපු මහ ඇමති පේෂල කඩා පනි…[Photo]

January 18, 2018 at 11:20 am | lanka C news
බැසිල් මහ රෑ පොලොන්නරුවේ.. පොහොට්ටුකාරයෝ වට කරගෙන සිටි තැනට ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සහ හිටපු මහ ඇමති පේෂල කඩා පනි…[Photo]

හිටපු නියෝජ්‍යා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ (නිපුන හාල් අධිපති) දියණියගේ හදිසි අභාවය හේතුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත‍්‍රියේ හදිසියේම පොලොන්නරුව බලා පිටත්ව ගියේය.

ගම්ලත් මහතගේ දියණිය ඩෙංගු රෝගය වැලදි මිය ගිය අතර ඇය වයස අවුරුදු 35 ක් වු දෙදරු මවකි.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ වු බැසිල් රාජපක්ෂ මහතා පොලොන්නරුවේ එම මලගෙදරට සහභාගි වෙන බව ආරංචි වීමත් සමගම ශ්‍රීලංකා පොදුජන පක්ෂයේ ප්‍රාදේශිය දේශපාලඥයන් කිහිප මෙන්ම පාක්ෂිකයින් විශාල පිරිසක් එහී රැදී සිටියහ.

දීර්ඝ ගමනකින් පසුව නැවත කොළඹ බලා ඒමට තිබූ බැවින් බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ නිවසින් රාත්‍රි ආහාර ගැනීමට සඳහා ඉහළ මාලයට ගොස් සිටියේ පොහොට්ටුවේ පොලොන්නරුව දේශපාලඥයන් කිහිප දෙනෙකු සමගයි.

නමුත් කිසිවකු නොසිතූ අවස්ථාවක බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීමට ආවේ ප්‍රථමයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සොහොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතායි.

ඉන් ටික වෙලාවකට පසු හදිසියේම බැසිල් මහතා මුණගැසීමට පැමිණියේ උතුරුමැද හිටපු මහා අමාත්‍ය පේෂල ජයරත්න මහතායි.

ඔහු සිංහල ක්‍රමයට ඉතා හැඟුම්බරව ආචාර කරමින් සෑහෙන වෙලාවක් පොහොට්ටු පක්ෂ ප්‍රාදේශිය නායකයින් සමඟ සිටි බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරමින් සිටියේය.

එහෙත් පොලොන්නරුව එම මල ගෙදරට සහභාගි වී සිටි පිරිස පැවසුවේ මේ වනවිට පොලොන්නරුව බහුතර පොදු ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ සිටින අවස්ථාවක මෙවෙනි පුද්ගලයින් ද රාජපක්ෂවරු ලගට ඒම පුදුම විය යුතු නැති බවයි.

64,841 Viewers

20 Comments to “බැසිල් මහ රෑ පොලොන්නරුවේ.. පොහොට්ටුකාරයෝ වට කරගෙන සිටි තැනට ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සහ හිටපු මහ ඇමති පේෂල කඩා පනි…[Photo]”

  1. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    අපරට මේ සාපයෙන් ගලවා ගන්න බැසිල් මැතිදුණි.. ඔබ සොරකම් කරාට අපට කමක් නැහැ.. අපට දැන් යන එන මං නැති වී ඇත. අප අසරණයි.. අපව ගලවා ගන්න.. අප ඔබට මේ පාර චන්දේ දෙමු..

    • කදුරුවෙල අබේගුණවර්ධන says:

      යම පාලන පාහරයන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පසුගිය රජයේ මැති ඇමතිවරු රජයේ නිලධාරින් හොරු බවට පත් කලේ මේ රට විකුණාගෙන කන්නයි. රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්නයි. දැන් ජනතාවට ඒක හොදටම තේරිලා තියෙන්නේ.
      බැසිල් රාජපක්ෂ මෙරටේ සෑම ගමක් නගරයක් ගානේ ගොස් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කල නායකයෙක්. ඔබතුමාගේ අයෝම ශක්තිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත බලයට ගෙන ඒමට පොදු ජනතාව සමඟ එක් කරන්න. ඔබට තුණු රුවන්ගේ සරණයි.

      • මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

        අයෝමය සත්තිය එක් කරන්න මැතිදු. ඔබයි අපගේ ගැලවුම් කරුවා. ඔබගේ මුහුණ දෙස මනාව විමසිල්ලෙන් බලන ඕනේම අයෙකුට ඉන් පිළිබිඹු වන්නේ සත හට කරුණා ගුණයත් උතුම් වූ අවංක භාවයත්ය.
        එක එකා ඔබට හොරා කීවට අපි නම් ඒවා ගනන් ගන්නේ නැත.. දිවි නැගුමද, 10% ද ඒවා මේවා අපි මායිම් නොකරමු.. ඇස් පියාගෙන ගොස් කතිරේ ගසන්නට තරම් ඔබ අපිට විස්වාසයි..
        දේව කරුණාවයි.

        • Amda says:

          මහින්ද මහත්තයගෙ පුද්ගලික ලේකම් ලෙස වැඩ කරන්නෙ ලොකු බන්ඩාර කියන යූඑන්පී කාරයගෙ පුතා. උන්දට පාරෙ යන්නත් තරු පහේ හෝටලේ කෑම කන්නත් ආරක්ශකයෝ දෙන්නෙක් දෙපැත්තෙන්. මොන විහිලුද මේ?
          මිනිස්සු නැද්ද ඔය වැනි තනතුරකට ඔයිට වඩා විශ්වාස, වැඩක් කරන්න පුලුවන්?
          මුන්ට බලය නැතුව මෙහෙම නම් බලය ඇතිදාට මුන් අපිවත් රෙස්ටුරන්ට් එකෙන් එලවයි කියල මිනිස්සු කතා වෙන්නෙ.
          තාමත් මහින්ද ජනාධිපතිතුමාගෙ චන්ද කඩන්න වැඩ කරන්නෙ කවුද?
          නැත්නම් එතුමා තාමත් මිනිස්සු සහ සිව්පා සතුන් අතර වෙනස අඳුනන්නේ නැද්ද???

      • Alapaluwa says:

        ඇස් පෙනෙන්න අන්ධයෙනි!! දෙනත් හොඳින් විවරකර තොපිලා හොන්දට වටපිට බලපල්ලා පෙනේවි මේ බැසිල් කියන විෂමතම විශ්වකර්මයා කර තිබෙන අපුරු සංවර්ධන වල තරම්. එයටම දායකවූ ගෝටබය මැතිතුමාගේ සහයෝගයෙන්ද කොතරම මනරම්මනියා පරිසරයක්ද ගොඩනගිමින්තිබුණු වකවානුවකදී නොවේද තොපිලා අන්ධබුද්ධිකයන් වී අත්මර්තකාමිත්වයෙන්ද හිහ වහා ගිහින් නොපෙනෙන එහෙත් ඇස් පෙනෙන යකේකුට රටභාරදී කරගත් නස්පැත්තිය….මෙයද හැබෑවටම සදා වෙනසක් යැයි බලාපොරොත්තුවෙන් කරගත් විපත?? මෙයද ඔබලා බලා සිටි සැබෑම වෙනස?? එයනම් ඔබලා සැබවින්ම ප්‍රර්තානා කළේ !!! මටකියන්න තිබෙන්නේ තොපිලට නියම ජාතකයක් නැතිබවයි ශරීරයේ දුවන්නේ අපිරිසිඳු ලේ.දැනගනිල්ලා .මගේ මේ ශරීරයේ හිසකෙස් දක්වා දෙපතුළ තෙක් දිවෙන්නේ නියම සැබෑම සිංහල ලේබව එම්නිසායි මට දැනෙනෙන්නේ මගේ ශරීරයෙන් කොටස් කඩා වැටෙනබව එය දැනගනියවූ!!

        This is too much whatever happen we need to stand till to the dust until sweep out all of this culprits!!

        • kate says:

          Alapaluwa, Godak kalekin dakke. I like your comments very much. Might be busy like me. “මටකියන්න තිබෙන්නේ තොපිලට නියම ජාතකයක් නැතිබවයි ශරීරයේ දුවන්නේ අපිරිසිඳු ලේ.දැනගනිල්ලා”
          100% true. Our people are blind. I feel very sad about our country, but still I have hope something will happen

      • සිරි ගම්ලත් උතුමාණෝ says:

        අනේ බැසිල් හොර රජාණෙනි….. නැවත වඩිනු මැන……. රටම හූරාගෙන කාලා ඇමරිකාවටම තොලොංචි වෙලාම පල…. අපේ බත් කන කකුල් දෙකේ හරක්ට ඇමරිකන් පුන්නක්කු දෙනු මැන…….

        • Alapaluwa says:

          ඉතාමත් සරළ බාෂාවෙන් කියුවොත් මට කියන්න තිබෙන්නේ සිරි ගම්ලත් උතුමානොත් වලගය පාගා වටේ කැරකෙවෙනවා වගෙයි.එසත් නැතිනම් අර මොකක්ද එකක් උඩ ඉඳගෙන වේදනාවෙන ඇඹරෙනවා වගේ නොවේද????

    • Gayani says:

      hariyata hari

    • සාධාරණ මිනිසා says:

      අනේ මෙහෙමත් හරක් !

  2. Dev says:

    Gamak yanawa wage
    UNP karayo baya wela aththe

    Indawata guliyak ambarapu basilta metha moanwa karanna barida

  3. Sithmal says:

    පල් හොරු

  4. Karu says:

    මතක තියා ගන්න කුණු දතා බැසිල් ගේත් ඇඩ්‍රස් වෙනස් කරන්න හදනවා.
    ස්තීරවම කුණුදතාගේ ඇඩ්‍රස් වෙනස් විය යුතුයි.

  5. Open mind says:

    යකඩෝ ….”.මුන් ගිහින් තියෙන්නෙ මළ ගෙදරක ද ? නැත්නම් ඡන්ද කාර්යාලය කට ද ? මේ වහල් බව නොවේ නම් වෙන කුමක් ද ?

  6. siraa says:

    Wilpaththuwa winaasa kale Basil… Ratama hambayata dunne Basil… Uta ratak wedak nee

  7. Krishantha says:

    අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා …

  8. indunil says:

    gilena nawakin panina meeyann…….

Main News