බිනර පොහෝදා අරක්කු විකුණා අත්අඩංගුවට

September 24, 2018 at 4:40 pm | lanka C news
බිනර පොහෝදා අරක්කු විකුණා අත්අඩංගුවට

බිනර පොහෝදා බලපත්‍රයක් නොමැතිව වැඩි මිලට මත් පැන් අලෙවි කල ජාවාරම්කරුවෙක් මත් පැන් බෝතල් තොගයක් සමග හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද (24) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු හැටන් වැලිඔය වත්තේ තම නිවාසයේ ඉතා සුක්ෂමව මෙම මත් පැන් බෝතල් තොගය සගවා වැඩි මිලට අලෙවි කරන බවට පොලිසිය වෙත ලද තොරතුරක්  මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත් පැන් බොතල් 16 ක් මෙම වැටලිම සිදු කල නිලධාරින් භාරයට ගෙන තබේ.

මෙම සැකකරු මිට ප්‍රථමද බලපත්‍රයක් නොමැතිව මත් පැන් බොතල් අලෙවි කිරිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වැරදි කරු වු අයෙකු  බව හැටන් පොලිසිය කියා සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඔහුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව හැටන් මුලස්ථාන ප්‍රධාන  පොලිස් පරික්ෂක එම්.ජේ.එන් ජමිල් මහතා කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,614 Viewers

2 Comments to “බිනර පොහෝදා අරක්කු විකුණා අත්අඩංගුවට”

  1. මරයි අක්මාව says:

    ඇහැට පේනා විස බෝතලය ඇල්ලුවාට
    මත්කුඩ හංගා විකුන ත්‍රීවීල රට වටේට
    මත්වතුර පරදවලා කුඩ්ඩන් රජ කරාට
    කුඩුත් මත්වතුරත් මරයි අක්මාව සිරාට

  2. ඉගෙනුමට තිතය says:

    වර්ධනය වෙන මොලයට මත් ද්‍රව්‍ය විසමය
    මුදලත් කාලයත් විනාශ කරනව සැම දකීය
    පවුලේ සමඟියට මත් කොඩිවින කර ඉවරය
    සූදුවට ඇබ්බැහි මත්වී දරු ඉගෙනුමට තිතය

Main News