බියර් මිල වැඩි කරන්නැයි විරෝධතා…

November 17, 2017 at 5:30 pm | lanka C news
බියර් මිල වැඩි කරන්නැයි විරෝධතා…

රජය විසින් මෙවර අයවැයෙන් බියර් මිල අඩු කිරීම හේතුවෙන් යාපනය මෙන්ම උතුරේ තරුණයින්ගේ බීමත්කම වැඩි වීම හේතුවෙන් සිදුවන සමාජ විරෝධි ක්‍රියාවන් වැඩිවීමට ඉඩකඩ ඇති හෙයින් වහාම බියර් මිල අඩු නොකට වැඩි කරන්නයි ඉල්ලමින් අද (17) යාපනයේදී විරෝධතාවක් පැවත්වුණි.

යාපනයේ සිවිල් සංවිධානයක් විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවයට යාපනයේ තරුණ තරුණියන් පිරිසක් මෙන්ම වැඩිහිටියන් පිරිසක්ද සහභාගී වූ අතර යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසල විරෝධතාවය පැයක පමණ කාලයක් පැවත්වුණි.

එහිදී විරෝධතාවයට එක්වූවන් කියා සිටියේ මත්පැන් මිල අඩුවීමෙන් සිදුවන්නේ යාපනයේ තරුණයින් මත්පැන්වලට තවත් ඇබ්බැහි වීමයි දැනටත් තරුණයින් මත්පැන් මත් දුව්‍ය වලට ඇබ්බැහි වීම් නිසා නගරයේ තැනින් තැන පහර දීම් ඇතුලු භයානක සමාජ විරෝධී ක්‍රියාවන් සිදු කරමින් පවතින බවටයි.

මේ නිසා රජය දැන් සිදුකල යුත්තේ මත්පැන් මිලඅඩුකොට යාපනයේ මෙන්ම උතුරේ මත් උවදුර වැඩි කරන එකට වඩා උතුර ගිලගෙන ඇති මේ මත් රකුසා විනාශ කිරීමේ වැඩපිළිවලක් අත්‍යවශ්‍ය වී ඇති හෙයින් වහාම අඩුකර ඇති බීර මිල තිබුණු ගණනටත් වඩා වැඩි කළ යුතු බවටද එසේ නොවන්නට යාපනය මෙන්ම උතුරද දැඩි අවධානම් තත්වයකට මුහුණ පෑමට සිදුවන බවටද කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,176 Viewers

13 Comments to “බියර් මිල වැඩි කරන්නැයි විරෝධතා…”

  1. Pachaya says:

    If jaffna protest, we will accept meekly cause that’s call

  2. Kepuwathkola says:

    Beer is the main talking point today!

    Can someone point out the difference between smoke testing of vehicles and the carbon tax?

    Even the JO does not talk about this double taxation..

    • Gajaba says:

      During the 21st century, climate change has become a serious policy concern in both developed and developing countries. Releasing CO2 from different economic activities including transport is one of the main causes of climate change. Carbon tax aim to discourage various economic activities, which lease CO2, particularly the use of fossil fuel. As I understand, smoke testing is to test the level of CO2 released by your car to the Air. In developed countries, if your car fail this test, you are not allowed to use the car. But carbon tax has become a controversial policy issue in developed countries. Still Sri Lanka does not conduct enough research on this issue from economic point of view.

  3. Beybadda says:

    Yahapaalanaya dan beer mila sure ekatama wadikarai. Nathnam sanhindiyawata awulak wenna puluwanne

  4. Gilmart says:

    The most important issue today is the extra sugar content in MILO…..

    THANK TO OUR PRESIDENT WHO SAVE OUR NATION BY PUTTING AN END TO THIS ISSUE….

    GRATE WORK MY DEAR APPACHCHI..

  5. gorilla says:

    බොන්න කැමති නැත්නම් නොබී හිටපල්ලකෝ බොන එවුන්ට ගාන අඩුවට බොන්න දීල. තමුසෙල නිකම් හැසිරෙන්නේ මොලේ බාගෙට තියෙන අර්ධ මිනිස්සු කොට්ටාශයක් වගේනේ ඔයි.

    • Beer says:

      ඒකනම් ඇත්ත කොහොමත් බොන එකා බොනවා හැබැයි බියර් අඩු කරපු එක හොඳයි නැත්නම් අපේ එවුන් කසිප්පු බීලා බඩ ඉදිමිලා ඉක්මනට මැරිල යනවා. හිටන් ඇමරිකාවෙ ගිහින් ඔබාම එක්ක අඩි ගැහුවා මතකද හැබැයි පොර ලන්කාවට ඇවිල්ල ටෝක් දෙන්නෙ බුදු වෙන්න අපේ රටේ මහ එකාගෙ ඉදන් තියෙන්නෙ බොරුව

  6. Devaka Jayasuriya says:

    ඕකුන් බීලා මැරිලා යන එක හොඳා නැතනම් ත්‍රස්තවාදී සංවිධාන හදනවා. බියර් මිළ තව අඩු කරනු.

  7. Kolitha says:

    Thawa tikak ohomama allagena inna….lokka awith wahanwn bahalama katha karai….

  8. Kelum says:

    දැන්නම් ඉතිං වැඩි කරන්නම වෙනවා .
    ඡන්ද දායකයොනෙ කියන්නේ .

  9. raymond says:

    ඔන්න වෙනස
    දෙමල තරුනයන් විනශ වෙනවට ඒ අය අකමැතියි එත් සි0හල තරුණයන් බීලා හරි විනශ වෙනවට අපෙ යහපාලනයෙ අයකැමතියි

  10. love nature says:

    මත්පැන් පානයට ඇබ්බැහි වන්න බලපාන්නේ මොළයයි. අපට සතුට ඇති කරන්නේ මොළයේ ඇති ඉතා වැදගත් කොටසක්‌ වන accumbens නමින් හඳුන්වනු ලබන න්‍යෂ්ඨිය නිසයි. එසේම අපිට ඕනෑ දෙයක්‌ කරන්න දිරිය දෙන්නේ ද එම න්‍යාෂ්ඨියෙනි. මත්පැන් ඇතුලු ඕනෑම මත් ද්‍රව්‍යයකට මේ accumbens න්‍යෂ්ඨිය අරක්‌ ගැනීමට හැකියාව තිබෙනවා. හරියට යකෙක්‌ අරක්‌ ගන්නවා වගේ.

  11. love nature says:

    ඔබේ මොලය මත්පැන් වලින් විනාශ වීමට පෙර සිතන්න

    වර්ධනය වන මොලයට මත්පැන් ඉතා විෂ සහිතය
    මත්පැන් වලට මොලයේ කොටස් සදහටම අකර්මන්‍ය කලහැක
    මුදල් සහ කාලය විනාශවීම.
    පව්ලේ සමගියට භාදා ඇතිවීම.
    මත්පැන් සමග අත්වැල් බැඳගෙන සිටින දුම්වැටි වලට, සුදූ ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට ඇති හැකියාව.

    ඔබේ මොලයේ දිගුකාලින ක්රියාකාරිත්වයටත් යහපත් මානසික හා ශාරීරික සෞඛයටත් වැදගත් වන්නේ මත්පැන් වලින් දුරස්වීම මිස එය වැළඳ ගැනීම නොවේ.

    …………තීරණය ඔබේ……

Main News