බිළිඳිය ඉපදී දවස් 3 යි බස් හෝල්ට් එකේ දමා ගිහින්…

January 11, 2018 at 8:02 am | lanka C news
බිළිඳිය ඉපදී දවස් 3 යි බස් හෝල්ට් එකේ දමා ගිහින්…

ඉපිද දින තුනක් පමණ වයසැති කුඩා බිළිඳියක කිලිනොච්චිය රෝහල ඉදිරිපිට බස් හෝල්ට් එකක් තුළ දමාගොස් සිටියදී  (10) ප‍්‍රදේශවාසීන් පිරිසකට හමුව ඇති බව කිලිනොච්චිය පොලිසිය කියා සිටියේය.

ඉපදී දින තුනක් පමණ වන කුඩා බිළිඳිය රෙදිකඩ කිහිපයකින් ඔතා බස්හෝල්ට් එක තුළ දමා ගොස් සිටි බවත් උදෑසන බස්රථ වලින් රාජකාරී සඳහා ගමන් කිරීමට පැමිණි පිරිසක් දැක ඇතැයිද පොලිසිය පැවසුවේය.

මෙසේ හමු වූ බිළිඳිය කිලිනොච්චිය මහ රෝහලේ ළඳරු ඒකකය වෙත ඇතුළත් කළ බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කිලිනොච්චිය පොලිසිය පැවසූයේ බිළිඳිය ගෙනවිත් දැමූ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ප‍්‍රදේශයේ සී.සී.ටී.වී දර්ශනද පරීක්ෂා කිරීම් සිදුකරන බවත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,047 Viewers

2 Comments to “බිළිඳිය ඉපදී දවස් 3 යි බස් හෝල්ට් එකේ දමා ගිහින්…”

  1. චූටි මල්ලි says:

    Isn’t this the result of our Bad Economy ?
    Poor parents.

  2. adrian says:

    This is the result of POVERTY. It will get worse with money from Maha Bankuva being STOLEN

Main News