බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් හා උතුරු ආණ්ඩුකාර අතර හමුවක්…

October 8, 2017 at 2:14 am | lanka C news
බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් හා උතුරු ආණ්ඩුකාර අතර හමුවක්…

ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය සහ මාලදිවයින මහ කොමසාරිස් ජේමිස් ඩොරන් මහතා, ආසියා පැසිෆික් කලාපයේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆිල්ඞ් මහතා සහ සංහිඳියාව පිළිබඳ උපදේශක පෝල් ග‍්‍රින් මහතා ඇතුළු දුත පිරිස යාපනය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආන්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා හමුවිය.

එම සාකච්ඡුාවේදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවූයේ උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳවයි. උතුරු පළාත සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ ඇති කැමැත්ත පිළිබඳව ඔවුන් ප‍්‍රකාශ කල අතර වඩාත් සක‍්‍රීය ලෙසද එතුමන්ලාගේ දායකත්වය ලබාදීමට කැමැත්ත ප‍්‍රකාශ කළහ.

තවද ජාතික සංහිඳියාව පිළිබඳව ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවූ අතර උතුරු පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් සිසුන් එකට ඉගෙන ගන්නා පාසලක් උතුරු පළාතේ ස්ථාපිත කිරීම සුදුසු බව ආණ්ඩුකාරවරයා පෙන්වා දීමෙන් අනතුරුව යෝජනාවට ප‍්‍රතිචාර ලබාදෙමින් ඔවුන්ද එම කටයුත්තට දායකවීමට කැමැත්ත ප‍්‍රකාශ කළේය.

තවද උතුරු පළාතේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව ජේමිස් ඩොරන් සහ මාර්ක් ෆිල්ඞ් යන මහත්වරුන් සමග උතුරු පළාත් ආණ්ඩුකාරතුමා සාකච්ඡුා කල අතර රාජ්‍ය ප‍්‍රත්පත්තියේ ඇති පරිදි ජනතාවට ඉඩම් බෙදාදීමට කටයුතු කරගෙන යන බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා ප‍්‍රකාශ කළේය.

අන්තවාදී ක‍්‍රියා සිදුවන විට එම ක‍්‍රියාවලියට යම්යම් බාධා පැමිණෙන බවත් සාමකාමී සහජීවන යහපැවැත්ම හොඳින් පවතින විට මෙම ක‍්‍රියාවලිය වේගවත් වන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී දුත පිරිස වෙත පෙන්වා දෙන ලදී.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

760 Viewers

Leave a Comment

Main News