බීමත් තරුණයින් පිරිසක් හෝටලයට දිගට හරහට පහර දේ..

January 10, 2018 at 2:06 am | lanka C news
බීමත් තරුණයින් පිරිසක් හෝටලයට දිගට හරහට පහර දේ..

යාපනය කෝපායි පොලිස් වසමේ කල්වියන්කාඩු ප්‍රදේශයේ පිහිටි හෝටලයකට (08) රාත්‍රියේ බීමතින් පැමිණි තරුණ පිරිසක් හෝටලයට දැඩි ලෙස හානි කොට පලා ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

කල්වියන්කාඩු ප්‍රදේශයේ පිහිටි අම්මාන් නැමති හෝටලයට බීමතින් තරුණයින් සිව් දෙනෙකු පැමිණ ඇති අතර එහිදී එක් තරුණයෙකු විසින් පළමුව හෝටලයේ වීදුරුවක් කඩා ඇති අතර පසුව හෝටලයේ හිමිකරු ඒ පිළිබඳව ආවේගසීලීව කරුණු විමසීමේදී පෙරලා අවේගසීලි වූ බීමත් තරුණයින් සිව් දෙනා හෝටලයේ පිහිටි සියලු බඩු බාහිරාදිය පොළවේ ගසමින් පුටු මේ කඩා හානි කොට පලා ගොස් ඇති බවට කෝපායි පොලීසියට තොරතුරු ලැබී ඇත.

අනතුරුව හෝටලයේ හිමිකරු වන කාසිනාදර් ප්‍රභාකරන් නැමත්තා කෝපායි පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාල තරුණ පිරිස් සොයා මේ වන වට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට කොපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,972 Viewers

Leave a Comment

Main News