බුද්ධාගම සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවෙයි..

May 27, 2018 at 4:40 pm | lanka C news
බුද්ධාගම සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවෙයි..

සිංහල අපේ තමයි බුද්ධාගම කියල සිංහල බෞද්ධයන් හිතුවද බුදු දහම කාටවත් අයිතිකර ගන්න නොහැකි බව අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරිල මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමියෝ පවසති.

උන් වහන්සේ මෙසේ පැවසූවේ බළපිටිය වැලිතර ශ්‍රී සුගතසාසනෝදය මහා පරිවේණාධිපති, ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස නාහිමියන් වෙත සිරි විමලනන්දි වංසාවතංස යන ගෞරව නාමය සහිතව අමරපුර මූල වංශික මහා නිකායේ අනුනායක ධූරය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදීය.

උන් වහන්සේ එහිදී මෙසේද කීහ.

ඉන්දියාවේ නොයෙකුත් කුල, ගෝත්‍ර ලෙස වෙන්ව සිටි ජනතාව එයින් මුදා ගත්තේ බුදුන් වහන්සේයි. ඒ සදහා සිදුහත් කුමාරයා රජ ගෙදරින් නික්ම ගියා. කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාක්මණයෙක් වෙන්නේ උපතින් නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ අමරපුර නිකාය බිහිවන්නේත් එවන් තත්ත්වයක් තුලයි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයේ විශාල පිරිසක් මහණ උපසම්පදාව ලබා ගත්තා. උඩරට යම් යම් භේද නිසා මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් විවෘතව තිබූ මහණ, උපසම්පදාව විශාල පිරිසකට අහිමි වුණා. මටයි අයිති යන සංකල්පය මත ක්‍රියා කිරීම නිසයි, මේ තත්ත්වය උදා වුණේ.

සිංහල අපේ තමයි, බුද්ධාගම කියල සිංහල බෞද්ධයන් හිතනවා. එවිට දෙමළ බෞද්ධයන්, වෙනත් රටවල බෞද්ධයන් කියන්නේ මොනවාද. බුදු දහම කාටවත් අයිතිකර ගන්න බැහැ. බුදු දහම අපිට පමණයි, අයිති කියල සින්නක්කර අයිතියක් ගොඩනගා ගැනීම ශාසනයේ පරිහාණියට හේතු වෙනවා. ඥාණවිමල මහා නාහිමියන් බුරුමයට ගොස් බුදු දහම ගෙනාවම එවකට රටේ ලන්දේසි පාලකයින් එය පිළිගත්තේ නැහැ. එවිට බළපිටියේ මහ බද්දේ මුදලිවරු කුරුදු තලන්නේ නැහැ කියල මහා වැඩ වර්ජනයක් කරල මහණ උපසම්පදාවේ අයිතිය දිනා ගත්තා. එසේ නොවුණා නම් මේ ප්‍රදේශවල විශාල පිරිසක් මුස්ලිම් කරණය හෝ ක්‍රිස්තියානි කරණය වෙන්න ඉඩ තිබුණා. රට එයින් මුදා ගත්තේ අමරපුර නිකාය නිර්මාණය වීම නිසයි.

– ජයකාන්ත ලියනගේ

12,887 Viewers

14 Comments to “බුද්ධාගම සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවෙයි..”

  1. ranjan says:

    බුදුන්වහන්සේත් අපේ නොවේ බුදුදහමත් අපේ නොවේ මේරටත් අපේ නොවේ හේතුව තුන්වරක් බුදුන්ට පුජාකල රටක්නේ මෙය අයිති ඉන්දියාවටයි තිරිසනුවකුට දාව ඇතිඋන ජාතියක්නේ ඒ නිසා තිරිසන් ගතියම දියුනු කරගමු අනේ මංදා …..

    • maraya says:

      Shut your mouth racist hambaya ranjan…Don’t write bullshit you idiot

      • නියම මාරයා says:

        තො කවද යකෝ මගේ කට වහන්න සිංහලෙන් ලියන්න බැරි ගොන් මාරයා තො මාව හම්බයෙක් කියලද හිතන්නේ තොගෙයි හම්බයොයි අතරේ කිසිවෙනසක් නැහැ බොල මගේ හිතේ අමරුවට ලියපු දෙයක් බල්ලා.

        • maraya says:

          මෙය අයිති ඉන්දියාවටයි තිරිසනුවකුට දාව ඇතිඋන ජාතියක්නේ ඒ නිසා තිරිසන් ගතියම දියුනු කරගමු අනේ මංදා …නියම මාරයා ranjan..
          ඔබේ හිතේ අමාරුවට සිංහල ජාතියට බෞද්ධයාට අවමන් කිරීම හරිද ?සිංහල බෞද්ධයාට අපහාස කිරීම නතර කරන්න

        • ළිහිණි says:

          නියම මාරයා ඔබේ භාෂා විලාශයෙන් ඔබේ ගතිය පැහැදිලියි ..
          .සිංහල බෞද්ධයන්ට හම්බයන් අපහාස කරන්නේ සිංහලෙන් සිංහල නම් වලින් ….

    • SUNIMAL says:

      ඉස්ලාම් ආගම අල්ලාහ් < කතෝලික ආගම දෙවියන්වහන්සේ කියන්න පුලුවන්ද මේ දෙන්නා ඇතිකල තැනැත්තා මේවට උත්තර නැහැ

      මෙන්න ඇත්ත අල්ලාහ් කියන්නේ හදට දෙවියන් වහන්සේ කියන්නේ හිරුට අපිට කමක් නැහැ හදට හිරුට වැන්දට අල්ලාහ් සහා දෙවියන්වහන්සේ කියන දෙන්නා අත් හැරලා දාලා

    • john the baptice says:

      There Is evidence that Islam’s “Allah” is the pagan moon god of ancient Mecca

      Consider what the ancient pagan Arabians did to worship their moon god, Allah: they prayed while bowing toward K’abah, the “house of Allah” in Mecca that houses a meteorite – a rock from space – several times a day, visited it once a year, and walked around it several times during their visit. To worship their Allah Moon God today:

      • sky says:

        Buddhism explains a purpose to life, it explains apparent injustice and inequality around the world, and it provides a code of practice or way of life that leads to true happiness.

    • Love nature says:

      In Arabia, the sun god was viewed as a female goddess and the moon as the male god. As has been pointed out by many scholars the moon god was called by various names, one of which was Allah!

    • Love nature says:

      To the pagan pre-modern Arabs the moon was an important symbol of the seasons, calendar marking and keeping of time. In fact throughout the Near East, moon worship was over 5.000 years old by the time that Mohammed replaced the idea of the Hubal with ali-ilah or Allah – a symbol that all Arabian pagan moon worship would now be channeled through one main entity. Mohammed’s invention was essentially political. He took the various moon cults which dominated Arabia, and the various tribes which squabbled, fought, killed and murdered each other with abandon, and united them under the sign of ‘Allah’.

  2. "කර්මය පොදුය සැම ආගමට" says:

    ලොවටම මෑතකදි බුදු දහම ප්‍රචාරයක් කල
    බෞද්ධයා රූපවාහිනියෙ දහම පුබුදුවා කල
    කුසලධම්ම නාහිමි නිහඬවම ලොව අමා කල
    කර්මය පොදුය සැම ආගමට බුදුන් දේසනා කල

  3. "බොදු-බැති" says:

    අර්ථය අවබෝධයෙන් බැලු කල බුදු දහම
    ගැලපේ මනුලොව පන්සිල් පහ සැම දහම
    සිත කය වචන උරුමය සැමට පොදු දහම
    මිනිසා සැම ආගමටම ගරු කල යුතු දහම

  4. Manel says:

    Very true! Buddhism is open to intelligent man kind without any boundaries. Ethnicity or any other factors do not limits Buddhism to just one group.

  5. බුද්ධාගම සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවෙයි.. says:

    අම්මපා බුද්ධාගම සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවෙයි.. මාර බණක්. එතකොට ඊක ආරක්ෂා ල්කලේ පල්ලියේ පුජකයෝ විනා පන්සල් වල හාමුදුරුවරු නොවෙයි. පන්සල් වල සාදුලාට දන්නේ සිංහල බෞද්දයෝ නොවෙයි පල්ලියේ ලේබ්බෙලා. මුන්ට සල්ලි ලැබෙන ලැබෙන විදිහට බන කියනවා. අය්යෝ ….දන්ත ධාතුව රට මැදට ගන්න රාලෙ කිව්වේ ප්‍රබහ්කරන්ට වෙන්නැති. අම්මපා සිව්රට ගිය කලක්.

Main News