බුද්ධ ශාසනයේ නායකත්වයෙන් බුදුන් වහන්සේගෙන් දෙව්දත්තර අතට පත් වූවානම් වෙනදේ දැන් ලංකාවේ…

May 27, 2018 at 8:40 am | lanka C news
බුද්ධ ශාසනයේ නායකත්වයෙන් බුදුන් වහන්සේගෙන් දෙව්දත්තර අතට පත් වූවානම් වෙනදේ දැන් ලංකාවේ…

විශ්වාසය ,දැක්ම සහිත නිසි නායකත්වයක් නොමැති කිසිදු තැනක විනාශයක් මිස පැවැත්මක් නැති බව අප රටේ වත්මන් පාලනය මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දිය වී යන ආකාරය දෙස බැලීමෙන් පෙනී යන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

එදා බුද්ධ ශාසනයේ නායකත්වය බුදුන් වහන්සේ යටතේ නැතිව අතර මගදී දෙව්දත් වැනි කෙනෙක් අතට පත් වූවානම් කුමක් සිදු විය හැකිව තිබුනේදැයි සිතා ගත හැකි බවසදහන් කළ ඒමහතා ඒ අනුව ඕනෑම තැනක් බැබලෙන්නේ නායකත්වයේ උතුම් ගුණ ධර්ම හා බැදුණු දර්ශනය නිසා යැයි ද පෙන්වා දුන්නේය .

ඒ මහතා එසේ කිවේ බොරලැස්ගමුවේ පැවති දේශපාලන ක්‍රියා කාරිකයන් පිරිසක් සමග පැවති සුහද හමුවකට සහභාගී වී අදහස් දක්වමිනි .

හෙට්ටිගේ මහතා එහිදී මෙසේද කීය .

අද රටට සිදු වී ඇති විපත්තිය සුලු ප‍ටු නෑ .යහ පාලනය කියන වචනයට ගැලපෙන විදියේ හැසිරීමක් ආණ්ඩුවේ කිසිම කෙනෙකුගෙන් දකින්න නෑ .මේ සියල්ල ජනතාව පුදුම ඉවසීමකින් බලා ගෙන ඉන්නේ.පසු ගිය මැතිවරණයෙන් පොහොට්ටුවට කතිරය ගසා ජනතාව එය ඉහළට ඔසවා තැබුවේ පාලකයන්ට අමතක නොවන තවත් පාඩමක් ඉදිරියේදී ඉගැන්වීමට බලා පොරොත්තුවෙන් බව කියන්න ඕනෑ .මුල අමතක කරල දුර නොබලා ළග නවල බලය සොයා ගිය පිරිසක් අද අසරණ වෙලා .මේවා ගොඩක් දෙනාට හොද පාඩම් .අද
ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික පදනම් කුඩු පට්ටම් කරලා .පාලකයන්ටත් විපක්ෂයේ සමහර අයටත් ලැජ්ජාවක් කියන දෙයක් ගෑවිලාවත් නෑ . සමහරුන්ගෙ වාචාල කතා හිස් වචන විතරමයි .ඒ අය හිතන්නෙ ගොඩක් මිනිස්සු මෝඩයෝ කියල .සමහරුන් දේශපාලන අධිකාරීන් හැටියට ඉන්න හදනවා.එහෙම හිතන අයට පැවැත්මක් නෑ .

දැන් විපක්ෂයේ 70 කට අධික මන්ත්‍රී පිරිසක් වෙන්ව සිටිනවා .හැබයි 16 ක මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන සම්පන්දන් මහතා විපක්ෂ නායක .එතුමාටත් මේ ගැන හිරිකිතක් නැතුව ඇති .ඒක ප්‍රශ්නයක් නෑ කියල හිතල වැඩ කරන අයටත් ලැජ්ජාවක් නැති බවයි පේන්නෙ .ප්‍රජාතන්ත්‍රවාදය කියල අපි දරුවන්ට ආදර්ශයක් දෙන්නෙ මෙහෙමද?මේ වැඩි දෙනාගේ කැමත්තෙන් සිදු වන පාලනයක්ද ?බලය තියා ගන්න කරන නින්දිත වැඩ වලට උගතුන් කියන සමහර අයත් සිටීම මොනතරම් අවාසනාවක්ද ?යහ
පාලකයන්ට හරි දැක්මක් නෑ .වැරදි හැගීම් දැනීම් තිබෙන අය අතට රටේ බලය ගිය පසු සිදු වන්නේ මේ වගේ විපත්ති තමයි .

ඒ අයගේ ක්‍රියා කාරිත්වය නිසා රටත් එක්ක ඔවුන්ද විනාශයට යමින් සිටිනවා .මුදුනෙන් පටන් ගෙන ඇති අවුල මුලු සමාජයටම බල පාලයි තියෙන්නෙ .ගොඩ දෙනෙක් මානසික ආතතියෙන් පෙළෙනවා .පුද්ගලයන් 4 දෙනෙක්ගෙන් එක් අයෙක් මානසික රෝගී තත්වයෙන් පසු වන බව වාර්තා වෙනවා .රට ඇද ගෙන යන්නේ භයානක තැනකට .රාජපෂ පාලනය යටතේ ආර්ථික සංවර්ධන වේගය සියයට 7 ඉක්මවා ගියා .අද සියයට 3 ට වැටිලා.ආණ්ඩුව මොනවත් නොකර හිටියත් වර්ෂාවත් එක්ක ආර්ථික වර්ධනය ඉහළ යන බව කියල රටේ අනාගතය ස්වභා ධර්මයට භාර දීලා .යහ පාලනයට තව දුරටත් රට ගෙන යන්න බෑ .රටේ හැම තැනම මිනිස්සු මන්තරයක් වගේ කියන්නෙ මහින්ද මහත්තයට ඉක්මනින් ආණ්ඩුව භාර දෙන්න ඕන කියල .එය ජනාධිපතිවරණයට ,මහ මැතිවරණයට කලින් සිදු විය යුතු දෙයක් .පාලකයන් යහපත් සිතුවිලි ඇති කර ගෙන රට වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි .කාගේ හෝ පුද්ගලික අමනාපකම් නිසා රටත් ජනතාවත් මේ විදියට

ඛේදනීය ඉරණමකට පත් වනවා නම් එය මහත් වූ පාපයක් බව ද සිහි තබා ගත යුතුයි .බලය ලැබුණු පසු සමහර නායකයන් හැසිරෙන්නෙ ජනතාවගේ සිතුම් පැතුම් අනුව නොවේ . ඔවුන්ට කල්‍යාණ මිතුරන් හදුනා ගන්න බැරි වෙනවා ..ජනතාවගේ ප්‍රසාදය ඔවුන් විසින්ම නැති කර ගන්නවා.මානව දයාව නැති අය ජනතා සේවයට සුදුසු වන්නේ නෑ .අද රට කරවන බොහෝ දෙනෙක් බොරු කාරයන් ,වාචාලයන් වෙලා .ඒ නිසා රටට ආලෝකයක් වැටෙන්නේ නෑ .මහින්ද රාජපක්‍ෂ මහතාට රටේ පාලන බලය මෙහෙයවීමට ලැබුනොත් නව ප්‍රබෝධයකින් රට යළි නැගිටීමට පටන් ගන්නවා .ඊට පසු ජාතික මැතිවරණ වලට යන්න පුලුවන් . කාට කාටත් මේ යථාර්තයට මුහුණ දෙන්න වෙනවා .

10,142 Viewers

5 Comments to “බුද්ධ ශාසනයේ නායකත්වයෙන් බුදුන් වහන්සේගෙන් දෙව්දත්තර අතට පත් වූවානම් වෙනදේ දැන් ලංකාවේ…”

  1. Psg says:

    So true. Short sighted people who voted for these “Jahapalana” deserves this. Especially the forces who voted to get rs. 10k!! Can’t believe they sided with the ltte!! Such idiots blinded by greed and envy.

  2. Gadol says:

    යහපාලනයේ එකෙක් දෙව්දත් අනිකා බයිබලයේ එන සාතන් නම් කියන්න ඕනේ නැහැ නේ පෙර පාසලේ ළමයත් දන්නවා

  3. චතුරංග ලියනගේ says:

    (මාතලේ බණ්ඩා ) එතුම කරපු නිහඩ සේවය ගැන නොදැන බනින එක වැරදි, හෙටිටිගේ පදනමින් එතුමගේ විදේශ හිතවතුන් හරහා අබාධිත මිනිස්සු දහස් ගනනකට උපකරණ බෙදා දුන්න, ග්‍රාමීය ප්‍රාදේශ කොන්ක්‍රීට් දාාල සංවර්ධන කරන්න මුල් උනා, අදටත් එක රැපියල් වංචා නොකර හැම මනුස්සයටම පුලුවන් විදිහට උපකාර කරනව,රටට සේවය කරපු මිනිස්සුන්ට මඩ ගහන රට කන පරයන්ට මල් තියල වදින යුගක බිහි කල හැට දෙලක්ෂයක් අමිබරැවන්ට මෙිව කියල වැඩක් නැ

  4. Kschaminda says:

    Oba thuma janspathi mahinda samaga hamadamath lagin hitiya e wagema deniyaye sanwardanaye niuamuwa una danne nathi pin Gonnu tikata dakaganna puluwan hulandawen udahata awith kagen hari ahueoth

Main News