බුදුදහමට මහ විපත්තිදායක කලක් එනවා..- අස්ගිරි මහ නාහිමි

April 18, 2017 at 12:00 pm | lanka C news
බුදුදහමට මහ විපත්තිදායක කලක් එනවා..- අස්ගිරි මහ නාහිමි

පැමිණෙමින් ඇත්තේ බුදු දහමට විපත්තිදායක කාලයක් නිසා සියළු දෙනා බුදුදහම රැකගැනීමට එක්විය යුතු යයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤානරතන හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් පිරිසක් අස්ගිරි මහ විහාරයට පැමිණි අවස්ථාවේදීය.

තවමත් රට ජාතියට ආගමට විරුද්ධ බලවේගයන් ක‍්‍රියාත්මක වන බව පෙනෙන බවද කී එහිමියෝ ජනතාව කිසිදු තේරුමක් අරමුණක් නැති ඇදහිලි මිත්‍යා විශ්වාස පස්සේ සීඝ‍්‍රයෙන් ඇදී යන බවද කීහ.

ප‍්‍රශ්නවලින් මිදී දැහැමි දිවියක් ගත කිරීමට බුදුදහම මහා පිටිවහලක් කරගත හැකි යයිද මහ නාහිමියෝ වැඩි දුරටත් කීහ.

17,494 Viewers

6 Comments to “බුදුදහමට මහ විපත්තිදායක කලක් එනවා..- අස්ගිරි මහ නාහිමි”

  1. ජසයා says:

    දැන්ද දකින්නේ? කොච්චර ඉස්සර ද ඕක කිව්වේ බෞද්ධ ජනතාව.
    නා හිමිවරු මේ බව දැන්වත් තේරුම් ගැනීම ජාතියේ වාසනාවක්.
    තවත් කාලය තියෙනව උචිත යෝග්‍ය පියවර ගැනීමට….

  2. Saradiel says:

    බලෙන් ආගම් පතුරවන්න ගම් වලට රිංගන මූලධර්මවාදී කල්ලි දැන්වත් දුටු තැන එළවමු ද සිංහ පුතුනි ????

    https://www.facebook.com/sbpcuk/posts/1956825984548277

  3. සමන්ත says:

    බුද්ධාගම විනාශ කරන්නේ හාමුදුරුවරුද? අපිද? බුදු දහම විනාශ කරන්නේ අසීලාචාර මිත්‍යා හාමුදුරුවන් නොවේද? අපි බුදු හාමුදුරුවෝ ඇදහුවාට සමහර හාමුදුරුවරුන්ට ආගමක් නෑ.
    පන්සල්වල ලවුස්පීකර වලින් දාන කැලෑබණ වලට බුද්ධිමතුන්ට හිනා. වයසක උපාසිකාවෝ සනසන්න කියන බොරු බණ කැසට්වෙ නුවට හාමුදුරුවරු හරි බුද්ධාගම ඉගන ගන්නේ නැත්තං තව අවුරුදු 20කින් බුද්ධාගම අදහන අය නැතිවෙයි. දැන්වත් උගත් හාමුදුරුවරු එකතු වෙලා ධර්ම සංගායනාවක් පවත්වලා, හොර හාමුදුරුවෝ එලවලා බුද්ධාගම හදාගත්තේ නැත්තං පන්සල් වලට ගිහින් වැඩක් නෑ.

  4. Clem says:

    Obavahansela monavada kale budu dahama rakinna? Budu dahama venuven jeevithe piduva,ath paa ahimi Kara gath rana viruvan venuven vachanayak kivvada. ?
    Ahinsaka rana viruvo thavama hire.

  5. nimal says:

    බුද්ධාගම බේර ගන්න තියෙන්නේ මහනයකාවාරුන්ගෙන් මිසක් වෙන කවුරුවන්ගෙන් නෙමෙයි.

    We have to safeguard Buddhism from you mahanyaka but not from any one else.

Main News