බුදු පිලිම කැඞීම ගැන මාවනැල්ල මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලියෙන් නිවේදනයක්..

December 30, 2018 at 12:00 pm | lanka C news
බුදු පිලිම කැඞීම ගැන මාවනැල්ල මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලියෙන් නිවේදනයක්..

මාවනැල්ල මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලිය මගින් මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත 29 වැනි දින නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ. පසුගිය දින වල මාවනැල්ල අවට ප‍්‍රදේශවල ඉදිකර තිබු බුදු පිළිම කිහිපයක් හානියට පත්කිරිම ගැන දෙල්ගහගොඩ මුස්ලිම් පල්ලියේ දායක සභාව හා මුස්ලිම් ප‍්‍රජාය මෙම සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බවයි.

මෙම අසෝබන සිද්ධිය අප ගම තුල තරුණයන් පිරිසක් චෝදනාවකට ලක්ව අත්අඩංගුවට පත්විම ගැන අප බලවත් කම්පාවට පත් වන අතර අපගේ කණගාටුව සමස්ථ බෞද්ධ ප‍්‍රජාවට ප‍්‍රකාශ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැරදි කරුවන් නිතීයේ රැහැනට හසු කරගනිමින් උපරිම දඩුවම් ලබා දි සාමය සහජීවනය වෙනුවෙන් කටයුතු කරන ලෙස ආකරක්ෂක අංශ වලින් ඔවුන් ඉල්ලා සිටි.

එමෙන්ම මෙ සිදුවිම වලට සම්බන්ධ වු මෙහෙයෙවු පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සඳහා දෙල්ගොඩ මුස්ලිම් පල්ලියේ දායක සභාව හා මුස්ලිම් ජනතාව ආකරක්ෂක අංශවලට මේ වනතුරු සම්පුර්ණ සහයෝගය ලබාදි ඇති අතර ඉදිරි පරික්ෂණ වලටද අප සහයෝගය ලබාදිමට කැප වෙන බව මෙම ලිපියෙන් ප‍්‍රකාශ කර ඇත.

ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධිය පදනම් කර ගෙන ජාතිවාදි ගැටුම් ඇති විම වලක්වා ලිමට ආරක්ෂක අංශ වලට පියවර ගන්නා ලෙසටයි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

22,961 Viewers

8 Comments to “බුදු පිලිම කැඞීම ගැන මාවනැල්ල මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලියෙන් නිවේදනයක්..”

  1. Masjidul Abrar says:

    අල්ලා හැර වෙන දෙවියෙක් නෑ කියලයි, වෙන ඇදහීම් වලට විරුද්ධ වෙන උන්ට අල්ලා කැමතියි කියලයි උන්ගෙ ඔලු වලට පොඩි කාලේ ඉඳන් දැම්මෙ අපි නෙමෙයි

    • මුන් නිරුවතින් says:

      ඔය ලෙටර් හෙඩිම උඩින් අරාබි අකුරෙන් ලියල තියන්නෙත් එකම තමයි .ඒවගේම මුන් සිට්කර් එකක් ගහගෙන එකේ යටින් කඩුවක් ඇඳගෙන (සවුදි අරාබිය කියන ජඩයන්ගේ රටේ කොඩිය ) යන්නෙත් එකම තමයි මුන් තනිකරම වපුරන්නේ ආගම් වාදය නැතිනම් මොන එහෙකටද වෙන දෙවියෙක් නෑ කියන ගමන් එකේ යටින් කඩුවක් තියාගෙන යන්නේ .වහාබි වාදය පරාජය කරමු මුස්ලිම් කාන්තාවන් වහාබි වාදයෙන් වහාබි අන්දකාරයෙන් ගලවාගනිමු වහාබි අන්තවාදය හා නුගත්කම පිටුදකිමු .
      පල්ලියේ දවස පුරා වපුරන්නේ ආගම් වාදය බව අපි දන්නවා ඕවාට විරුද්ද මිනිස්සුත් ඉන්න බව අමතක කරන්න එපා .අදයුරෝපය පුරා පල්ලි කියක් තහනම් කරලාද ?අන්තවාදයට කෙලින්ම වගකියන්න ඕනා අන්තවාදී දේශනා පවත්වන පල්ලි .පිටරටින් ආපු ඉමාම්ලා මෙහෙ දේශනා කරන්නේ මොනවාද ?ඉන්දුනිසියන් ,පාකිස්තාන් ඉමාම්ලා ලංකාවේ මිනිසුන්ට කියන්නේ මොනවද ?

      • nizar says:

        ලෙටර් හෙඩිම උඩින් අරාබි අකුරෙන් ලියල තියන්නෙ ඔබ හිතන තරුම නොවය්. අවිහිංසාවාදී කියන පාර්සවයේ ධජයේ සිංහයා අතේ තියෙන්නේ මල් මිටක් වෙන්නැති හා..

        පල්ලියේ දවස පුරා වපුරන්නේ ආගම් වාදය.. එතකොට අහවල් කට්ටියගේ පුණ්‍ය ආයතනවල උගන්නනේ ජීව විද්‍යාවද ?

        අදයුරෝපය පුරා පල්ලි කියක් තහනම් කරලාද? බොරු කියන්න එපා

        පිටරටින් ආපු ඉමාම්ලා. ඔයාලගේ ඉමාම්ලා එකතැනට වෙලා දෙසන පවත්වනදව? ඒකාලේ ඉර්දී බලයෙනුත් ගියානේ…

        ජාතිවාදීන් මේවා පලකරන්නේ නැහැ කියල දන්නවා

    • Travel with Chatura @ Sembuwaththa, says:

      මාතලේ දිස්ත්‍රික්කයේ සෙම්බුවත්ත සිංහල ගමේ “”අල්ලා”” දෙවියෝ එතැන ඉඳල නාල තියෙනවා කියල අලුත් ප්‍රචාරයක් ගෙනියනවා මුස්ලිම් රටවල අයට ….
      ඉතින් ක්වේට් කටාර් වල අරාබිකාරයෝ පවුල් පිටින් එනවා එතැනින් නාල යන්න….!
      චතුරගෙ Travel with Chatura @ Sembuwaththa, Sri Lanka ( 01-07-2017 ) බලන්න !
      දැන් ඒ ගමම මුස්ලිම්ලට සින්නවෙලා තියෙන්නේ! ඒක කරන්නේ ඕගොල්ලෝ කියල එහි වෙසෙන වතු දෙමල අය කියනවා,, ! එතැනින් නාලම දීපන්කො මේකට උත්තරයක්!
      හැබැයි මාවනැල්ල එකට දුන් පිලිතුර නොවේ… හරිද ??

  2. LION says:

    සිංහලයා රැවටීමට මොවුන් දැන් දරන උත්සාහයක් ..සිංහලයෙනි ,කල්පනාවෙන් සිටිව්

  3. නිරෝෂන් says:

    බොහොම හොඳයි නමුත් මගේ මද්යස්ත මුසිල්ම් මිතුරෙක් වරක් එක් මුස්ලිම් පල්ලියක දේවමෙහෙයට ගොඩවුනා ඔහුට අසන්නට ලැබුනේ ආගම්වාදය ජාතිවාදය වපුරන දේශනාවක් ඔහු තම විරෝදය මේ ගැන පලකලා එසේම ජාතින් අතර ප්‍රශ්න ඇතිවන්නේ මේ නිසා බව ඔහු ප්‍රකාශ කළා .අද බොහෝ මුස්ලිම් පල්ලි වහාබි මුදල් වලට වහ වැටිලා .රට පුරා ඉන්දුනීසියානු ,අරාබි ,ඉන්දියානු වහාබි ඉමම්ලා ආගම්වාදය වපුරමින් දේශනා පවත්වනවා .මේ අන්තවාදී දේශනාවලට තරුණයන් ආකර්ශනය වනවා එසේම මද්රාස වල අන්තවාදී ඉගෙන්වීම් ලබන දරුවන් පවා අන්තවාදී වෙනවා පසුගිය වසරේ මාතලේ පන්සලක කටින පෙරහරට ගල් ගැසුවේ අන්න ඒ මද්රාසා අද්‍යාපනය ලැබූ ළමුන් .
    වහාම ඉස්ලාමික ප්‍රජාව මේ වහාබි යක්ෂයාගේ කුරිරු අරමුණු අවබෝදකරගෙන වහාබි පිළිවෙත් වලින් ඉවත් වී එදා ශ්‍රිලංකාවේ සිටි මුස්ලිම් සහෝදර සහෝදරියන් සේ ජීවත්වීමෙන් මේ සියලු ප්‍රශ්න නැතිකරගත හැකිය .සිංහලයන් ජාතිවාදී නොවෙති ඔවුන් ජාතිවාදිලෙස හැසිරෙන්නේ ඔවුන්ගේ පැවත්ම අබියෝගයට ලක්වන්නේ නම් පමණි

  4. sunimal says:

    කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු මාවනැල්ල මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලිය.උගුරට හොරා බෙහෙත් බොනවා වාගේ.
    හෙළයෙනි කල්පනාවෙන් ,අද රටේ රජකරන්නේ සුළුජාතීන්ගේ ජාතිවාදී ආගම්වාදී බෞද්ධ විරෝධි ආණ්ඩුවක් ..මේ කුමන්ත්‍රණ වලට නොරැවටෙනු

  5. sinha le says:

    මුස්ලිම් අන්තවාදය මුස්ලිම් සමාජයම විනාශ කරන උවදුරක් බව ඇස් පනා පිට පෙනෙත්දීත් මුස්ලිම් අන්තවාදයේ ගොඩ් ෆාදර්ලා වන අසාත් රාවුෆ් වැනි ද්‍රෝහීන් මේ රටේ මුස්ලිම් වරුන් අන්තවාදීන් නොවන බවත් මුස්ලිම් අන්තවාදයක් මේ රටේ නැති බවත් පවසති. මුස්ලිම්වරුන් අන්තවාදීන් නොවේ යැයි කීම ගනිකාවන්ගේ කන්‍යාභාවයට සහතික දීමට නොදෙවෙනි ක්‍රියාවකි. මුස්ලිම් අන්තවාදය හුරතල් කරන මුන් අනිත් අතට හැරී මුස්ලිම් අන්තවාදීන්ගේ ගැටුම් බෞද්ධ සංවිධානවල ගිණුමට බැර කරති. අරාබි මාධ්‍යවලින් ප්‍රචාරය කර අරාබි ත්‍රස්තවාදීන් කුපිත කර උන්ගෙන් අරමුදල් ගරති. ඒවා මේ රටේ අන්තවාදය තර කිරීමට යොදවති. අරාබි හාම්පුතුන්ගේ තෙල් සල්ලි බලයෙන් නිවට සිංහල දේශපාලුවන්ද නම්මවාගෙන සිංහල බෞද්ධයන්ටම බුරති.

Main News