බුරුත දැව ජාවාරමක් ජාවාරම් කරුවන් සමග අත්අඩංගුවට…

January 4, 2018 at 2:06 am | lanka C news
බුරුත දැව ජාවාරමක් ජාවාරම් කරුවන් සමග අත්අඩංගුවට…

මන්නාරම් මඩු පාර රක්ෂිතයේ පවත්වාගෙන ගිය රහසිගත බුරුත දැව ජාවාරමක් අඩවි වන නිලධාරීන් හා පරයානංකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බුරුත දැව ජාවාරම පිළිබඳව ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මඩු අඩවි වන නිලධාරීන් හා පරයානංකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලාරීන් විසින් පූමඩුපාර රක්ෂිත කැලෑවේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවෙන් කපන ලද බුරුත ගස් ඉරාලෑලි බවට පත්කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අදාල බුරුත ලෑලි තොගය සමග දැව ඉරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට මඩු අඩවිවන නිලධාරීන් විසින් කටයුතු කොට ඇත.

මෙම බුරුත දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා මඩු වන නිලධාරීන් වන සුමිත් ධනංජය, ඒ.ආර්.එම්.නුවන් යන අයද පරයාණංකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.සිල්වා පොලිස් පරික්ෂක කුමාරසිංහ,පොලිස් පරික්ෂක ඉන්දික හා පොලිස් සැරයන් 78612 තෙන්නකෝන් යන අය සහභාගී වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

442 Viewers
Main News