බේරුවලදී සොයාගත් විශාලතම හෙරොයින් තොගය ගෙන්වූ ව්‍යාපාරිකයා මාට්ටු.. හිටපු ප‍්‍රබල ඇමතිගේ අතිජාතයෙක්..?

December 7, 2018 at 3:00 pm | lanka C news
බේරුවලදී සොයාගත් විශාලතම හෙරොයින් තොගය ගෙන්වූ ව්‍යාපාරිකයා මාට්ටු.. හිටපු ප‍්‍රබල ඇමතිගේ අතිජාතයෙක්..?

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමින් යුතු පකිස්තානයේ සිට මෙරටට ගෙන්වූ මෙරට තුලදී සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් දෙදෙනාගෙන් දින හතක ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 6 වනදින පොලීසියට අවසර ලබා දී තිබේ.

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ සහය ඇතිව බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේ ප්‍රදීපාගාරයේ සිට මුහුද දෙසට කිලෝ මීටර් 6ක් දුරින් දෙසැම්බර් 05 වනදින රාත්‍රී සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී රුපියල් මිලියන 2778කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54ක තොගය පාර්සල් 214කට සකස් කර සිනි බහාලන උර 11කට දමා බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර සොයාගෙන තිබේ.

මෙය මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මොහමඩ් රිස්වි මොහමඩ් ෆර්සාඩ් සහ 34 හැවිරිදි නම් පුද්ගලයින් දෙදෙනෙකි.

එම මත්ද්‍රව්‍ය තොගය මෙරට ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට අයත් බවත් ඒ දෙදෙනාගෙන් මෙයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙක් බවත් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මෙම ව්‍යාපාරිකයා රජයේ ප‍්‍රධාන සංස්ථාවක හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කල අයෙක් බවත් දැනටමත් ඔහුට අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසමේ පැමිණිල්ලක් විභාග වෙයි.

මෙම ව්‍යාපාරිකයා කලින් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු සමග සමීප සබදතා පවත්වමින් ජාවාරම් සිදු කර ඇත්තෙක් යයිද වාර්තා පලවෙයි.

– repoter

46,630 Viewers

8 Comments to “බේරුවලදී සොයාගත් විශාලතම හෙරොයින් තොගය ගෙන්වූ ව්‍යාපාරිකයා මාට්ටු.. හිටපු ප‍්‍රබල ඇමතිගේ අතිජාතයෙක්..?”

  1. Hes says:

    අකුදි සහෝදරයා දැන් මයික් පලයි නේද?

  2. ලපයා says:

    නොකිය කියන්න අවශ්‍ය නැහැ කවුරුත් දන්නා දෙයක් කුණු දතාගේ එවුන් තමයි.

  3. මේ බල්ලෝ මේවා ලංකාවට ගේන්නේ රොටි පුච්චන් කන්නද…මහ ජාතිය සම්පූර්නයෙන් නැති කිරීමටයි ගෑවිච්ච සෑම එකෙකුටම මරන දඩුවම දීපියව්

  4. bee says:

    ඔව්ව ගෙන්නුවේ දත් කැක්කුමට

  5. Nishantha says:

    Un daruwo 5,6k hadala parapura hada gannawa.ape tharuna parapurata kudu gassawala wanasanawa.pakasha pata amathaka kara jathika chinthanayak awashyai.ape jathiyat peni peni winasa wenawa.

  6. Anura says:

    Unp unge wads Ghanaian

  7. ආමේ තංඹි රාජිත්ගේ ගෝලයකු නොවැ 2014 රේ දුන් පොරොඳු දතා අපි සිටිමි බලා?????????????

Leave a Comment