බෝම්බයක් පුපුරා දෙදෙනෙකු මරුට.. බිරීඳත් සිත් තැවුලෙන් වස බී බරපතලයි.. තත්වයක

September 6, 2018 at 5:30 pm | lanka C news
බෝම්බයක් පුපුරා දෙදෙනෙකු මරුට.. බිරීඳත් සිත් තැවුලෙන් වස බී බරපතලයි.. තත්වයක

මුලතිව්, මාන්කුලම, මල්ලාවි මාර්ග‍ය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පසුගිය 03 වැනිදා සවස පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබු අතර, තුවාල ලැබු තැනැත්තා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) සවස ජිවිතක්ෂයට පත්වූ බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි ආර්.නිදර්ශන් නමැති 25 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස ජිවිතක්ෂයට පත්වු බවද පොලීසිය පැවසීය.

මාන්කුලම පොලීසිය පැවසූවේ අනතුරින් කිලි‍නොච්චිය ප්‍රදේශයේ පදිංචි පද්මනාදන් දිලීපන් නමැති 28 හැවිරිදි තරු‍ණයෙකු පසුගිය 03 වැනිදා අදාළ ස්ථානයේදීම මීට පෙර ජිවිතක්ෂයට පත්වු බවයි.

මේ අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වු තරුණයාගේ බිරිඳ වන එන්.සාරදා නමැති 22 හැවිරිදි තරුණියක්ද සැමියා මියගිය සිත් තැවුල දරා ගැනීමට නොහැකිව වස පානය කිරීමෙන් අනතුරුව වව්නියාව රෝහලට ඇතුළත් කළ ඇති බවද ඇයගේ තත්ත්වයද බරපතළ වන බවද පොලීසිය පැවසීය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් නමැති ජාත්‍යන්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු බිම් බෝම්බ නිශ්ක්‍රීය කිරීමේදී අනතුරට ලක්ව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය හා වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,017 Viewers

3 Comments to “බෝම්බයක් පුපුරා දෙදෙනෙකු මරුට.. බිරීඳත් සිත් තැවුලෙන් වස බී බරපතලයි.. තත්වයක”

  1. Gotaimbara says:

    When our security forces were clearing the landmines, we never heard of such accidents.

    • Ratawasiya says:

      Thats why we call as accidents. They can be occured anytime.

      • John the baptice says:

        දැන් රටේ සෑම දෙයක්ම පාලනය කරන්නේ NGO ලා ….දේවසාපය …
        වව්නියාවේ බෝම්බ වැලලු දෙමළ කොටින්ට දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදි දඩුවම් …
        උතුරේ දෙමළුන් මෙලෙච්චේද LTTE සමග එක්වී ,වව්නියාවේ සිටි සිංහල ගම්මාන වල මිනිසුන්ව මරාදමා එම ගම්මාන කොල්ලෑකෑමේ සාපය

Main News