බෝසත් මිනිසෙක් ගින්නට පැන සිවු දෙනෙකු බේරා ගනී.. පුස් මිනිසුන් ෆොටෝ ගනිති..[Video]

April 16, 2018 at 11:02 pm | lanka C news
බෝසත් මිනිසෙක් ගින්නට පැන සිවු දෙනෙකු බේරා ගනී.. පුස් මිනිසුන් ෆොටෝ ගනිති..[Video]

පුද්ගලික බස් රථයක් හා ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ත‍්‍රිරෝද රථය ගිනි ගෙන එහි ගමන් කල බිළිදියක් ඇතුළු සිවු දෙනෙකු රෝහල් ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අම්බලන්තොට හම්බන්තොට වරාය පිවිසුම ආසන්නයේදීය.

ත‍්‍රිරෝද රථය එක්වරම ප‍්‍රධාන මාර්ගයට ඇතුළු කිරීම නිසා මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ත‍්‍රිරෝද රථය ගිනිගෙන එහි ගමන් ගත් එකම පවුලේ සිවු දෙනා බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇත.

ත‍්‍රිරෝද රථය ගින්නෙන් දැවෙද්දී ඔවුන් බේරා ගැනීම සදහා අසල සිටි පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔහු සදහන් කරන්නේ අසල සිටි අය පින්තූර ගනිමින් සිටියා විනා වතුර ටිකක් ගෙනැවිත් ගින්න නිවන්න හෝ උදවු නොකල බවයි.

මෙම පුද්ගලයාගේ අතද සැලකිය යුතු මට්ටමේ පිලිස්සුම් තුවාල ලබා තිබින.

ඒ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමනට වූ තුවාලයට වඩා විශාල වේදනාවක් එම ගින්නට හසු වූ මිනිසුන්නට දැනෙන්නට ඇති බවයි.

32,561 Viewers

6 Comments to “බෝසත් මිනිසෙක් ගින්නට පැන සිවු දෙනෙකු බේරා ගනී.. පුස් මිනිසුන් ෆොටෝ ගනිති..[Video]”

  1. Dev says:

    Modern kalakanni.
    FB danna wenna athi photo gaththe

    • ඇත්ත says:

      මේ යහපාලන ආණ්ඩුවත් ෆොටෝ ගහන මිනිස්සු වගේ..

  2. Power says:

    කාළකණ්නි..ඔහොම තමයි දැන් ඉන්න උන්. උන්ට තියෙන්නෙ සෙල්ෆි පිස්සුව. අම්මා,තාත්තා පිළිස්සී මිය ගියත් ඔය වගේ හිතක් පපුවක් නැති උන්ට වගේ වඟක් නැහැ.

  3. Jahapalanaya says:

    God bless You son. We are Proud of you
    Äs Hero .

  4. RW says:

    The reason for the accident is the sudden entry of the 3 wheeler to the highway. This is very common with 3 wheelers, bicycles and motor cycles. Poor IQ level and negligence.So many people are suffering due to the mistake by one person.

  5. අමල් says:

    දකුණේ උන් නෙ . මනුස්සකම ගෑවිලාව ත් නැ .

Main News