භාණ්ඩාගාරයෙන් සල්ලි දෙනතුරු බලා ඉන්න එපා..

October 11, 2018 at 8:02 am | lanka C news
භාණ්ඩාගාරයෙන් සල්ලි දෙනතුරු බලා ඉන්න එපා..

හැටන් ලංගම ඩිපෝව මගින් මිල දි ගත් නව තාක්ෂණයෙන් යුතු ලේලන්ඩ් වර්ගයේ බස් රථ පහක් එම ඩිපෝවේ නිලදාරින් වෙත භාර දිම ප්‍රවහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් (10) සිදු කලා.

නරාහේන්පිට ලංකා ගමනා ගමන මුලස්ථානයේදි නව බස් රථ පහ නිල වශයෙන් අමාත්‍යයවරයා විසින් හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින්ට භාර දෙනු ලැබිය.

මෙම නව බස් රථ වල ජිපිඑස් තාක්ෂණ උපකරණ සවි කර ඇති අතර මෙම බස් රථ පාරිසරික හිතකාමිව නව තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කර ඇත.

හැටන් ලංගම ඩිපෝව මගින් උපයාගෙන ඇති ආදායමෙන් රු දෙකොටි හැට දෙලක්ෂ පනස් දහසක මුදලක් එක වර අදාල බස් රථ සමාගමට ගෙවා බස් රථ පහ මිල දි ගෙන ඇත.

එම බස් රථ හැටන් සිට පොඩයිස් හරහා ඩයගම , හැටන් ඕල්ටන් සාමිමලේ , තලවකැලේ රහන්වත්ත , මඩකුඹුර , කලවැල්දෙණිය යන ප්‍රදේශවලට ධාවන කටයුතු සදහා යොදවන බවයි එම ඩිපොවේ කළමණාකාර අනුර දොඩම්තැන්න මහතා කියා සිටියේ.

මෙම නව බස් රථ ලබාදිමෙන් අනතුරුව අමාතයය නිමල් සිරිපාල මහාතා කියා සිටියේ හැටන් ලංගම ඩිපෝව අනෙකුත් ඩිපෝවලට වඩා ආදර්ශමත් ඩිපෝවක් බවයි.

හැටන් ලංගම ඩිපෝව ආදර්ශයට ගෙන දිවයිනේ ලංගම ඩිපෝද ඒ අනුව ක්‍රියා කල යුතු බවයි.

භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන තෙක් බලා නොසිටිය යුතු බවද අමාත්‍යයවරයා කියා සිටියා.

මෙම බස් නව බස් රථ භාර දිමේ අවස්තාවට ප්‍රවහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජි.එස්.විතානගේ , ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින්ද සහභගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,322 Viewers

Leave a Comment

Main News