භාරත ඝාතනය නඩුව උඩු යටිකුරු වේ.. මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට බව නීතිපති පිලිගනී…

July 26, 2018 at 9:20 am | lanka C news
භාරත ඝාතනය නඩුව උඩු යටිකුරු වේ.. මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට බව නීතිපති පිලිගනී…

භාරතට පෙර වෙඩි වැදුණේ දුමින්දට බවත් වෙඩි පහර එකක් නොව, දෙකක්ම දුමින්දගේ හිසටම එල්ල කරන ලද්දේ භාරතගේ ආරක්ෂකයා බවත් නීතිපතිවරයාද ඊයේ (25දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේදී පිළිගත්තේය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දුමින්ද පාර්ශ්වය වෙනුවෙන් සිය අවසන් කරුණු දැක්වීමේදී පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ එකී කරුණු තහවුරු කරමින් නීතිපතිවරයා නියෝජනය කළ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත ගුරුගේගෙන් එම කරුණු ඔබ ප්‍රතික්ෂේප කරන්නේ දැයි විමසූ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දක්වමින් එය පිළිගත්තේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා සහ ඔහුගේ ආරක්ෂකයන් ඇතුළු පස්දෙනකුට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 8 වැනි දින කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද බෙදුණු (3ට-2ක) නඩු තීන්දුව ඉවත දමන ලෙස ඉල්ලමින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම් 5හි විභාගය ඊයේ (25දා) අවසන් විය.

තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර අවසන් වශයෙන් සිය ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම් පාර්ශ්වයට හා නීතිපතිවරයාටද අගෝස්තු මස 10 වැනි දින දක්වා පංචපුද්ගල විශේෂ විනිසුරු මඬුල්ල විසින් කාලය ලබා දෙන ලදී.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු නලින් පෙරේරා සහ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ යන පංචපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම් විභාගය සිදුවිය.

2011 ඔක්තෝබර් 8 වැනි දින පළාත් පාලන මැතිවරණ දිනයේ හිඹුටානේදී සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 5 දෙනාගේ මරණ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනකුට එරෙහිව 2015දී නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව නීතිපති විභාග කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය 2016 අගෝස්තු මස 8 වැනි දින එහි තීන්දුව ප්‍රකාශ කළේය.

එමඟින් දුමින්ද සිල්වා හා ඔහුගේ ආරක්ෂකයන් වූ ඩී.එම්. සරත් බණ්ඩාර, අනුර තුෂාර ද මෙල්, චමින්ද ජයනාත් හා ජනක ප්‍රියන්ත ගලබොඩ යන 5 දෙනාට එරෙහිව පවරා තිබූ සියලු චෝදනාවලට ඔවුන් වැරැදිකරු කරමින් විනිසුරු පද්මිණී රණවක මහත්මිය විසින් ඔවුන් සියලු දෙනාට මරණ දඬුවම් නියම කරනු ලැබුවාය.

මෙම අභියාචනා ඊට එරෙහිව ගොනුවූ අතර ඉහත පංචපුද්ගල විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එකී පෙත්සම් පිළිබඳ විභාගය පැවැත්විණි.

– mawbima

44,005 Viewers

27 Comments to “භාරත ඝාතනය නඩුව උඩු යටිකුරු වේ.. මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට බව නීතිපති පිලිගනී…”

  1. Wijebahu says:

    Looks like Gotlers pet is going to be released soon timely for his election campaign.

    • Dev says:

      Me anduwa ekatu wela deepu boru theendu me anduwa kalema eli wenna yanne.

      • Wijebahu says:

        Yako duminda wage paharayin hire danna ona taram hethu thiyanawa. Mahidaya hurathal kale oyawage damaraikayin thamai. Munta yahapalane sadarana vadiy.

        • Gamini says:

          මේ නඩුවෙන් දුමින්ද සිල්වා නිදහස් වුණොත් ඒකට විරුද්ධව කරන ප්‍රකාශ හිරුණිකා මේ වන විටත් හදල ඉවරයි.

        • Ranil says:

          You look like a robot programmed by the UNP to announce its instructions irrespective of clear evidence emerging against the first judgement.

    • hoo.m.p. Wijebahu says:

      උඹ නම් අමුම අමු පට්ටම පට්ට ගොන් මී හරකෙක් විජේබාහු.උඹට මල බද්ධෙ හැදුනත් හිතන්නෙ ඒක රාජපක්‍ෂලාගෙ වරදින් කියලයි.තාත්ත හරකෙක් වෙන්න ඇති.ඒත් උඹ හරකෙක් නොවී හිතන්න පුරුදු වෙයන්.

  2. Nihal says:

    ko mey Hiru niker???.

  3. Dushantha says:

    ඔය දෙන්නම චන්ඩි හදපු චන්ඩින්ව පෝෂණය කරපු චන්ඩි දෙන්නෙක්. දෙන්නගෙන් කව් රුවත් අහින්සක නෑ. හෑබෑයි ඈත්තටම දුමින්දටනන් ඉස්සෙල්ලා වෙඩි වෑදුනෙ එක එක දේශපාලන උවමනා වලට ඒ මිනිහා වෑරදි කාරයා කරලා හිරේ දාගෙන ඉන්න එක හරිම අසාධාරණයි. මිනිස්සුන්ට කොච්චර බොරු කියලා රෑවෑට්ටුවත් අන්තිමට හරි නඩු විබාගයකදි උසාවියෙදි ඈත්ත එලි වෙනවා කියන්නෙ ඕකට තමයි. දුමින්ද සිල්වාට ඉහල උසාවියෙන් සාධාරන තීන්දුවක් ලෑබෙයි.

    • JUDE says:

      දුමින්ද සිල්වාට සාධාරණය ඉටුවේවා ..හිරුනිකාගේ වෛරය දැන්වත් කෙළවර වේවා …

      • Mongel sajith says:

        Hurehhhh.mata hirunikawa kasadabadinna lebewa. Yako mewage nadu kopamana thiyenna puluwanda? Patta

  4. lakmalie says:

    horu savenaya neethipathi ta ganak deela athi

  5. Kuveni says:

    This judgement appears to be doubtful on the wrong footing since the whole incident of Bharatha’d death took place during a group conflict between the two parties.

    Baratha was not meditating at the time of the group confrontation.

    In war, man who pulls the trigger first is the winner!

  6. gforce says:

    මුලින්ම ඔලුවට වෙඩි වැදුණ නම් දුමින්ද භාරත ට වෙඩි තිබ්බෙ කොහොම ද ?

    • Niru says:

      That is the question the AG should give an answer to. So what is next

    • Karu says:

      ඒක තමයි පොයිට් එක මිත්‍රයා.
      කලින් වෙඩි වැදුණ නිසා දුමින්ද සිල්වා නෙවෙයි වෙඩි තිව්වේ.
      ගෙදර.
      ඇගේ වයිරයට ඕකයි වෙන්නෙ.
      හරක්නිකා පුස්.

    • Dp says:

      භාරත මුලින්ම දුමින්දට වෙඩි තියලා,පස්සේ එයාටම වෙඩි තියාගත්තා.

      • visu says:

        නෑ………නෑ………නෑ……… පෙන්ස්……….. ඔයාලට තේරෙන්නේ නෑ……….. දුමින්ද ඉස්සෙල්ලා එයාගේ ඔලුවට වෙඩි තියාගන……….. පස්සේ භාරතට වෙඩි තිබ්බා………… වෙන්න බැරිද…….?

  7. සුනිල් අත්තනායක says:

    Koti gananaka deal meke asse thiyenne, kudu Dumiya berenawa kiyana eka api danagena hitiyaa…nikam nevi muoo eliyata enne nodos kota nidahas welaa…!!! dan unath muoo hira kuduwaka nevine inne athule, boruwata oluwata wedi vaduna kiyala maara acting paarak ne damme…!!!muoo ayema kudu sellamata bahiyi ara lansa wage…!!! muge aiiyage kudu TV,Radio walin muwa bawtheesma karala samajeta ganiyi eth apita nam mula mathakayi….!!!

  8. Buddhist says:

    Ane kochchara pagawak atha maru wunada danne na?

  9. Reno says:

    Power of money,
    Thanks AG

  10. විමල් says:

    දුමින්ද වැනි කුඩු ජිවිතේට වත් දැකල නැති අයට අපහාස කරන උන්ට සාප වෙනවා.

  11. chris says:

    දුමින්ද සිල්වා දැනට ජිවත් වෙන්නේ හිරගෙදර මරණීය දණ්ඩනය ලබන හිර කුටියකද ? එහෙම නැත්නම් හොද ජිම් එකක් තියන ,පබ්ලිස් සුපවේදිය උයන තරු පහේ හෝටලයකද ? එළියෙ වේලි ,වේලි ඉන්නවට වැඩිය ඇතුලට ගියානම් හොදයි කියල හිතෙනව.

  12. getting හිරුknickers in a twist says:

    හිරුknicker උඩ පැන පැන උදා කරපු යහපාලනය, නීතියේ ආධිපත්‍යය, ස්වාධීන අධිකරණ, සාධාරණ සමාජය, ආදිය මොකක්ද කියලා හැමෝටම පේන්න, මට හිතෙන්නේ, තව වැඩි දවසක් නෑ.

  13. Kabaraya says:

    කුඩු දුමියා කව්ද කියල මුළු රටම දන්නවා. මේ රටට කුඩු හඳුන්වා දීපු උත්තමයා.

  14. Pachaya says:

    If the last judgment is so stupid, what action should be taken against the Lady judge who headed 3 member judge panel.
    It may be bribed deal to punish duminda

Main News