‘මං අවුරුදු පහෙන් ගෙදර යනවා..හයක් එපා..’ ජනාධිපති කලින් කී කතාව උපරිමාධිකරණයේ ඇසේ… ජනපතිට හයක් ඉල්ලන් ආ අය තක්කු මුක්කු වේ..

January 11, 2018 at 10:47 pm | lanka C news
‘මං අවුරුදු පහෙන් ගෙදර යනවා..හයක් එපා..’ ජනාධිපති කලින් කී කතාව උපරිමාධිකරණයේ ඇසේ… ජනපතිට හයක් ඉල්ලන් ආ අය තක්කු මුක්කු වේ..

තමන්ගේ අදහස වන්නේ විධායක ජනාධිපතිවරයාට හිමි වසර හයක කාලය වසර හතරක් දක්වා අඩු කිරීමට වුවත් ව්‍යවස්ථා විශේෂඥයින්ගේ කරුණු පෙන්වා දීම මත එය වසර පහක් බලට පත් කිරීම තීරණය කල බවත් තමන් වසර පහකින් ගෙදර යන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.

තම ධුර කාලය වසර හයක්ද පහක්දැයි නිගමනට කරන ලෙස ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව විවිධ පාර්ශව ඒ සදහා අද දිනයේ කරුණු දැක්වීය.

ඒතාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහෝහරද සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා එසේ කියා ඇති නිසා බලහතක්කාරයෙන් ඔහුට තවත් වසරක කාලයක් ලබා දීම ඔහුට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමක් විය හැකි බවයි.

ඔහු එසේ කියා සිටියේ ජනාධිපතිවරයාට වසර හයක් සිය ධුරයෙ සිටිය හැකි යයි නීතිපතිවරයා විසින් කරුණු දැක්වීමෙන් පසුය.

මනෝහරද සිල්වා මහතාගේ එම ප‍්‍රකාශයත් සමග අධිකරණ ශාලාවේ සිටි සියළු දෙනාට සිනා නැගෙනු පෙනිනි.

2015 ජනවාරි 26 වන දින පොලොන්නරුව තෝපාවැව ක‍්‍රිඩාංගනයේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවයා “විධායක ජනාධිපතිවරයකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීලා කටයුතු කිරීමේ කටයුතු මේ දිනවල කර ගෙන යනවා. මම පෙරේදා ඒ සාකච්ඡාවට සහභාගී වෙලා කිව්වා – මගේ නිල කාලයට තියෙනවා අවුරුදු හයක්. මේක අවුරුදු හතරක් කරමුයි කියලා හිටන්. ඒත් ව්‍යවස්ථා විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකයන් අවුරුදු හතරට කැමති වුනේ නැහැ. අවුරුදු හතරකට සැරයක් මැතිවරණයකට යාම රටට හොඳ නැහැ කියල හිටන්. මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු හය පහ කරන්න ඒ ගොල්ලෝ කැමති වුනා. දැන් (අවුරුදු) හයෙන් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා, පහෙන් ගෙදර යන්න ඒක මගේ ප්‍රතිපත්තිය” ලෙස කියා ඇති බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය පහත වීඩියෝවේද වෙයි.

35,308 Viewers

15 Comments to “‘මං අවුරුදු පහෙන් ගෙදර යනවා..හයක් එපා..’ ජනාධිපති කලින් කී කතාව උපරිමාධිකරණයේ ඇසේ… ජනපතිට හයක් ඉල්ලන් ආ අය තක්කු මුක්කු වේ..”

  1. Jonaa'S Brother says:

    යන්නට තමයි හිතුවේ පහකින් ගෙදර,
    රජකෙරුමට හිත තිබුනෙ ගම ගෙදර,
    කනකොටනේ රස දැනුනේ චතු මදුර,
    සිතෙනවා මටත් රජකෙරුමට හය වසර.

    • Sisira says:

      මෛත්‍රී අවරුදු 6ක් හිටියොත් අයෙත් මහින්ද ජනාධිපති වෙනවා. මොකද ඊ ළඟ මහ චන්දෙන් මහින්ද 2/3 ගන්න එක මේ ආණ්ඩුව පීචන් වෙන විදියට සක්කරයටවත් වලක්වන්න බැහැ. ඒ කියන්නේ 20 වන සංශෝදනයක් ඇවිත් මහින්ද නැවත ජනපතිවරණයට එනවා. එක වලක්වන්න නම් මෛත්‍රී අවරුදු 5න් ජනපතිවරණය තැබිය යුතුමය. එතකොට එන්නේ ගෝටාභය.

  2. රොන් says:

    ඔයාට යන්ට වෙලාවක් එනව. ඒ වෙලාවට තමයි ඔයා ගෙදර යන්නේ. ගෙවී ගිය අවුරුදු දෙකේදිම කුඹුරක හෝ හේනක ඔයා නිකං හිටං හිටියා නම් සේවයක් වෙන්ට තිබුන.

  3. පිසසුද බං says:

    කාපු බීපු වෙලාවට කියන දේවල් කව්ද ගණන් ගන්නේ මචං.

  4. sam says:

    lajja naaa hitan ta

  5. Nandasoma says:

    යන්නට තමයි හිතුවේ පහකින් ගෙදර,
    රජකෙරුමට හිත තිබුනෙ ගම ගෙදර,
    කනකොටනේ රස දැනුනේ චතු මදුර,
    සිතෙනවා මටත් රජකෙරුමට හය වසර.

    ජනාධිපතිවරයා මොන හේතුවකටද තමන්ගෙ ධූර කාලය පිළිබඳව අධිකරණයෙන් විමසන්නෙ,?
    එයාට වැඩි කාලයක් ඉන්න අවශ්‍ය නැත්නම්, ඕනැම වෙලාවක ජනාධිපතිවරණයක් තියල යන්න පුලුවන්නෙ?
    අනාගත ජනාධිපතිවරුන්ට අනිවාර්යයෙන් අවුරුදු 5 නෙ ඉන්න පුලුවන්…. මේ ප්‍රශ්ණය පැන නගින්නෙ වර්තමාන ජනාධිපතිට පමණයි නෙ…!
    වර්තමාන ජනාධිපති කිව්වෙ, එයාට අවුරුදු 5ත් වැඩියි කියලනෙ…!!
    ඉක්මනින් අහෝසි කරල ගෙදර යන්න හිටිය සරල ජනාධිපති කෝ දැන්..?

  6. ගමයා says:

    කොහොමද බලේ රහ. ආයේ ඉතිං දිනලා එන්න පුලුවන් කියලා එකක්යෑ.. ඒක නිසා උපරිමයෙන් කාලා යන්න බලනවා අැති…

  7. බන්ඩා says:

    රජ උනෙත් බොරුවෙන්. රජකම කොර ගෙන යන්නෙත් බොරුවෙන්. අාප්පයා කට අැරියොත් බොරුව.

  8. Wijebahu says:

    Good if My3 can stay for another year. Othwisr hreedy Mahinda and co waiting to rob the country from where they have left off.

  9. kith says:

    Next he will go to the court asking whether he can not hide the Prs,com, report of the CB Bond Scam.

  10. BARCARDI says:

    Finally this bugger will have to thanks MR

  11. ppo says:

    A/L panthiyaka lamon 1000 k pamana desanayakata sahabagi unawelawaka desakaya lamunen asa thibenawa oba anagathaye wene kauda kiyala. loka prasidda pudgalayange nam dauwanta idiripath karala thibenawa. me athara chali chaplinge namath thibila .me sama nama katama daruwo nishsabdawa idala. aperate janapathi my3 ge nama kiyapu gaman ma mulu salawa gigirumdena tharam hadin daruwo ho thiyamin sinasila thi benawa. ane ape nayakaya.

Main News