මේ අන්තිම උත්සාහය වැරදුනොත් කෙළවර වෙන්නෙ ග්‍රීසියට වෙච්ච දේ වෙලා.. සමහරු මං ඉක්මන් වුනා වැඩියි කියා කියනවා..- මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

November 25, 2018 at 3:00 pm | lanka C news
මේ අන්තිම උත්සාහය වැරදුනොත් කෙළවර වෙන්නෙ ග්‍රීසියට වෙච්ච දේ වෙලා.. සමහරු මං ඉක්මන් වුනා වැඩියි කියා කියනවා..- මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද දිනයේ සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

මම පසුගිය 15 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ සියලුම දේශපාලන පක්‍ෂවලට යෝජනා කළා, ජනතා පරමාධිපත්‍යට ඉඩ දීලා මහ මැතිවරණයකට යමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුණා. නමුත් යූ.එන්.පී එක මහ මැතිවරණයක් නැතුව ජනාධිපතිවරණයක් පවත්වමුයි කියලා මඟහරිනවා. අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්න කිසිම හේතුවක් නෑ. 2015 අගෝස්තු මාසයේ පවත්වපු මහ මැතිවරණයෙන් කිසිම පක්‍ෂයකට පැහැදිලි බහුතරයක් ලැබුණේ නෑ. එක්සත් ජාතික පක්‍ෂයට ආසන 106 යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 96යි, වෙනස ආසන 10යි.

ඒ අවස්ථාවේදී එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ එජනිස මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ ඇති කරගත් ගිවිසුම්ක් අනුවයි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා එජනිස කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වුණා. ඊට පස්සෙ එජාප මන්ත්‍රීවරු කීපදෙනෙකුම අපට එකතුවුණා. අද පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමට තමයි මම නායකත්වය දෙන්නේ. 1994, 2001, 2004 මහමැතිවරණ වලින් පස්සේ ඒ කාලේ ජනාධිපතිවරුන් වූ ඩී.බී. විජේතුංග මහතාත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනා කලේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් හිටපු කණ්ඩායමටයි. ඒ අනුව 1994 දී පොදු පෙරමුණත්, 2001 දී එක්සත් ජාතික පක්‍ෂයත්, 2004 දී එක්සත් ජනතා නිදහස් සංධානයත් ආණ්ඩු හැදුවා.

අපි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා කලේ දැනටම ප්‍රකාශයට පත් කරලා තාවකාලිකව උසාවිය විසින් අත්හිටුවලා තියෙන මහ මැතිවරණය අවසන් වෙනකන් පමණක් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ මොනම බලාපොරොත්තුවක් වත් තිබුණෙ නෑ. මුලු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂයෙන් මේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. නමුත් අනෙක් පැත්තෙ අයගේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුලුවන්තරම් ඇඳගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

සමහර කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි ඡන්දයකට තව මාස 18 ක් වගේ කාලයක් තියෙද්දී ඇයි ආණ්ඩුව භාරගත්තේ කියලා. මට ඇහිලා තියෙනවා එජාපයේ අයත් කියනවා මම ‘ඉක්මන්’ වුණා වැඩියි කියලා. තව මාස 18 කට අඩු කාලයක් ඉවසගෙන හිටියනම් තුනෙන් දෙකේ බලයක් ඇතුව දිනන්න පුලුවන් වෙනවයි කියලා. මෙතන අපි ආණ්ඩුවක් පිහිටෙවුවෙ දිගටම ඒ ආණ්ඩුවෙන් රට පාලනය කරන්න නොවෙයි, මහ මැතිවරණයක් පවත්වන්න. ජනාධිපතිතුමා ජාතිය අමතලා කිවුවනේ එතුමා මට රට භාරදුන්නේ බැරිම තැනට ආවට පස්සෙයි කියලා. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ මට රට භාර දෙනකොට ඒ වගකීම් භාර නොගෙන ඉන්න පුලුවන්ද? මේක ආණ්ඩු බලය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, මේක අපේ රටේ ජාතියේ, අපේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්.

අවසානයේදී අපිම නම් ඉන්නෙ රට බාරගන්න, විනාශය තවත් උග්‍ර වෙන්න කලින් බාරගන්න එකෙත් තර්කයක් තියෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත්  මඟ පෑදුවා. නමුත් යූ.එන්.පී හවුල උසාවියේ නඩු දාලා පවත්වන්න ගිය මහ මැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කලා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ.එන්.පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

දැන් හිටපු යූ.එන්.පී මුදල් ඇමතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්වයක් ඇති වුණාම ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි.  ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්වයන් පාලනය කලේ කොහොමද කියලා. යුද්දය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ.  1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැණගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහල මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමණාකරනය කරගත්තා.

මම අවුරදු 9ක් ඇතුලත මේ රටේ ඇමරිකානු ඩොලර්ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4%ක්. ඩොලරයක මිල රුපියල් 131යි. දල ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂව ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වනදා අලුත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4ක අවපාලනයෙන් පස්සෙ, අද මුලු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්දයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්වයක නෙවයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිශ්පාදිතයට සාපේක්‍ෂව ණය ප්‍රතිශතය 90%ක් තරම් ඉහලට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන  ලොකුම ප්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුලත යහපාලන ආණ්ඩුව සමස්ථයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන  තිබ්බ රට ප්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

2006 දී යුද්ධය ආරම්භ වුණාට පස්සෙ මේ රටේ මහ ජනතාව, වෘත්තීය සමිති, පාරිභෝගිකයන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් යන සියලුම ජන කොටස් ඒ යුද ප්‍රයත්නයට හානි කරවන කිසි දෙයක් නොකර ඉන්න වගබලා ගත්තා. ඒ ජනතා සහයෝගය නිසා තමයි අපට පුලුවන් වුනේ වෙන කිසිවකුටවත් ඉවර කරන්න බැරි වුණ යුද්ධය ඉවර කරන්න. මා මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනව මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගන්න අපට යුද්දය කාලයේදී ලබාදුන් ආකාරයේ සහයෝගයක් ලබා දෙන්න කියලා. මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි. අපේ උත්සාහය වැරදුනොත් මේ රට කෙළවර වෙන්නෙ ග්‍රීසියට වෙච්ච දේ වෙලා.

රටේ ආර්ථික ආපදා තත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ.එන්.පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධීක වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුලුවන් වෙන ආකාරයට අපි ඇමතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. නමුත් ඒ අලුත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා.

මේ රට අද වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න පුලුවන් අපිට විතරයි කියලා ජනාධිපතිතුමත් දන්නවා, රටේ ජනතාවත් දන්නවා. 2005 නොවැම්බර් මාසේ බලයට පත් වුණාට පස්සෙ අපිට මුහුණ දෙන්න වුණේ ලේසි පහසු අභියෝගවලට නොවෙයි. 2007 දී යුද්දයේ උච්චතම අවස්ථාවේදී මගේ ආණ්ඩුව එච්.එස්.බී.සී බැංකුවන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තාම යූ.එන්.පී එකෙන් බැංකුව වටකරලා කිවුවා මුදල් දෙන්න එපා, දුන්නොත්, ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් යටතේ ඒ සල්ලි ආපහු ගෙවන්නේ නෑ කියලා. 2009 අප්‍රේල් මාසේ යුද්දය ඉවර වෙන ඔන්න මෙන්න කියලා තියෙනකොට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට එම ආයතනයේ සාමාජික රටක් හැටියට එන්න තිබුණු ණය මුදලක් අවහිර කලා.

ඒ අවස්ථාවේදී මම අපේ හිතවත් මැද පෙරදිග රටකට කතා කරලා ඩොලර් මිලියන 500ක පොරොන්දුවක් ඉල්ලා ගත්ත හින්දා ඒ උගුලෙන් බේරෙන්න අපිට පුලුවන් වුණා. ඊට පස්සෙ, ප්‍රභාකරන් මැරුණා. අවහිර කරලා තිබ්බ අයි.එම්.එෆ් සල්ලිත් ලැබුණා, මැදපෙරදිගින් ඩොලර් මිලියන 500 ගන්න වුනෙත් නෑ. පසුගියදා, මූඩීස් ආයතනය විසින් අපේ ණය ශ්‍රේණිගත කිරීම පහලට දැලයි කියලා හිටපු මුදල් ඇමතිතුමා කියනවා. නොදැම්මනම් තමයි පුදුමේ. 2015 අපි යූ.එන්.පී එකට රට භාර දෙනකොට ඔය සේරම ශ්‍රේණිගතකිරීම් ඉහල යමින් තිබුණෙ. ඒවා පහලට එන්න පටන්ගත්තෙ 2015 න් පස්සේ.

මේ ණය ශ්‍රේණිගත කිරීම් ඇතුලේ සියුම් දේශපාලනයකුත් තියෙන බව කියන්නත් ඕන. 2009, අපි යුද්දය දිණුවට පස්සෙ ණය ශ්‍රේණිගත කිරීම් ඉහල දැමිය යුතු වුණත් ඔවුන් අපිව පහලට දැමුවා. නමුත් වෙළඳපොල අපි ගැන තිබුණු විශ්වාසය නිසා ඒක සත පහකට ගණන් ගත්තෙ නෑ. ඒවගේ අභියෝගත් අපට ජයගන්න පුලුවන් කියලා දන්න හින්දා තමයි ජනාධිපතිතුමා අපිට රට බාරදුන්නේ. යූ.එන්.පී එකත් ඕක දන්න හින්දා තමයි දිනපතාම විදෙස් ජනමාධ්‍යෙව්දීන් හා තානාපතිවරුන් ගෙන්වලා මහමැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි කියලා ලෝකය පුරා ප්‍රචාරයක් කරන්නෙ. මහ මැතිවරණයක් පවත්වලා  අපේ ආණ්ඩුවක් බලයට අවොත් මේ සියලුම ප්‍රශ්න විසදනවා කියලා ඒගොල්ලො දන්නවා. ජනාධිපතිවරයාත්, අපිත් එකතු වී හදන ආණ්ඩුව ඉතාම බලසම්පන්න, ජනතා හිතවාදී ආණ්ඩුවක් වෙන බව මතක තබාගන්න.

ඔක්තෝබර් 26 ආණඩු මාරුවෙන් පස්සෙ, තාම මාසයයි. දැන් තියෙන්නෙත් අන්තර්කාලීන ආණ්ඩුවක් විතරයි. බිඳවැටීමේ ප්‍රවනතාවයක් ඇති වුණාම මාසෙන් දෙකෙන් තත්වය අනික් පැත්තට හරවන්න අමාරුයි. රට ස්ථාවර කිරීමට පවත්වන්න හදපු මහ මැතිවරණය කල් දාල තියෙන නිසා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න තව ටික කාලක් ගතවෙයි. මේ සංක්‍රාන්ති කාලය තුළ මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අප සමඟ ඉඳලා රට ගොඩගැනීමේ උත්සාහයට සහභාගී වෙන්න කියලයි. අපි 2006 – 2014 කාලයේදී පුලුවන්තරම් ජනතාව පීඩනයට පත් නොවන ආකාරයට කටයුතු කල ආකාරය කාටත් මතක ඇති. අපි ඔක්තෝබර්  26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කලේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිශ්පාදනය වැඩි කරන්නයි.

2015ට කලින් තත්වයත් ඊට පස්සෙ ඇතිවෙච්ච තත්වයත් මේ රටේ ජීවත් වෙච්ච ජනතාවට මතකයි. 2015 දී මිනිස්සු ආණ්ඩුව වෙනස් කලේ කන්න අදින්න ඉල්ලලා නොවෙයි කියලා යූ.එන්.පී ආණඩුවේ හිටපු කැබිනට් ප්‍රකාශකවරයාම කී සැරයක් කියලා තියෙනවද? ඔහු කිවුවෙ මිනිස්සුන් 2015 ආණ්ඩු වෙනසකට ඡන්දය දුන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලයි. නමුත් ඒ ආණ්ඩු වෙනසින් පස්සෙ, මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයත් නෑ, ඡන්ද අයිතියත් නෑ, කන්න අදින්නත් නෑ. ඒක නෙවයිද වුණේ? අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු.

ඔබ සැමට තෙරුවන් සරණයි

83,055 Viewers

36 Comments to “මේ අන්තිම උත්සාහය වැරදුනොත් කෙළවර වෙන්නෙ ග්‍රීසියට වෙච්ච දේ වෙලා.. සමහරු මං ඉක්මන් වුනා වැඩියි කියා කියනවා..- මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක්…”

  1. desta says:

    tibba paya apassata ganna epa ponnyanta rata denna den issaharata balamu wechhcha wela iwarai mama Okae mulinuth me comment walataw demma. den iditiyata yan ponnayant baye mage rata pawaladenna epa

  2. Janaka says:

    2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරජයට පත්වී පස්සා දොරෙන් පාර්ලිමේන්තු පැමිණි SB, Mahinda Samarasinghe ලා අද අද ජාතීයට පාර කියන්නට පටන්ගෙන තිබීමෙන්ම රට ඉදිරියේ ඇති ෆෙඩරල් අනතුරයි..

    • wipula says:

      අපේ මිනිස්සුන්ට නොතේරෙන ඇත්ත ඕක තමයි

    • බෙර හඬ says:

      ජනතාවගෙන් ප්‍රතික්ශේපවූ කිසිවෙක් නැවත ලැයිස්තුවෙන් ගතයුතු නෑ. ලැයිස්තුව තියෙන්නේ රටට වැඩක් කළහැකි උගතෙක්, බුද්ධිමතෙක්, අත්‍යවශ්‍ය අයෙක් ගැනීමට මිස. වාචාලයෙක්, නිදි කිරන්නෙක්, පාතාලයෙක් වෙනුවෙන් නොවේ.

    • Zoro says:

      Rata Gedipitin Gilinna Pawalakata Denawata Wada Hondai Federal Dena eka…

      • Ratawasiya says:

        Zoro, උඹ වගේ ජරා මිනිහෙක් එක පවුලක් නිසා මුලු රටටම වෙෙර කරන පාපතරයෙක්..ලැජ්ජයි තමුසෙ වගේ එවුන් ගැන.

  3. Ranbanda says:

    Respect you. Hope you will solve this problem.

  4. jaya says:

    Niyamai Agamethithumani.

    Me walen rata godaganna puluwan oba thumata pamanai

    Kotiyawa apahu nonagitinnama walala dala Thawa awurudu 10 withara adagena giyoth oya Diasporawe eelanga paramparawata koti gana hangeemak nethi niasa LTTE prasnayath ahawara wenawa.

    Obathumata mawbimatath suba anagathayak

    Jayawewa

  5. Nuwan says:

    චන්ද අය්තියත් නෑ කන්න අදින්නත් නෑ.

  6. Nandasoma Suriyaarachchi says:

    ෙපෟද්ගලිකව ඒෙහම හිෙතනව තමයි…..!

    ඒ්ත් මුන් රටට කරන අපරාධය ෙකාෙහාම හරි වැළැක්විය යුතුමයි….!!

    ඒ්නිසා ඔබතුමා ගත්ත තීරණය පිළිබඳ පසු තැෙවන්න ඒපා….!!!

    හමුදාව හරි ඉදිරිපත් ෙවලා රට ෙබ්රා ගත යුතුයි……!!!!

  7. supun says:

    maha polawe paya gahagena inna kisima kenekuta MR, methi thumaage me bprakaasayath samaga wiruddha wenta behe, meka thamai sathyaya.
    batalande gahalayaage hirikotha londariye mola soodapu U,N,J,V,P, narumayoi.ambara damila
    cheewara dhaari jadayai.harak wise sooriyage saha pakyajothi, nimalka. $, kaakko mekata wiruddha
    wenawaamai.

  8. analyst says:

    Ratatath Jaathiyatath aadaraya karana obathumata Jaya weva.

  9. aniwa says:

    අනිවා අපේ සර්, අපේ හරක් ට තේරෙන්නේ නෑ මේක.
    චීනා අපිට වරායවල් එයාර්පෝර්ට් හදන්න සීයට හයේ පොලියට ණය දුන්නේ කිසිම යටි අරමුණක් නැතිව හුදෙක් අපේ අසරණ ජනතාවට පිහිට වෙන්නම තමයි කියල තේරුන් ගන්න මුන්ට බුද්ධියක් නෑ.
    අපි චීනට චීන අපිට.
    අපි අප්පච්චිට අප්පච්චි අපිට.
    හුරේ !

    • කොල්ලා says:

      Balanna ithin china loan gena me sipaiyanta therene dewal Aurudu 50ka pamana deshapalana athdekim thiyena mahinada mahaththayata therenne na.(kiyala mun hithan innawa. ekath munge notherumkama)

  10. Hirantha says:

    The greatfulness Sri Lankan never forget you Sri.
    May Tripple Gem Bless You.

  11. හැකහැක says:

    කූඩැල්ලොයි සමනළයොයි කවදත් එකටයි හිටියේ අපට හොරෙන් ..
    රනිල් මහින්දව රැක්කා..දැන් මහින්ද රනිල්ව රකිනවා.කූඩැල්ලයි සමනළයයි හොඳ යාළුවෝ.

  12. ධනපාල says:

    ඇත්ත කතාව ඒක තමයි මේ රට කරනවානම් කරන්න ඉන්නේ මහින්ද මහත්තය මූලිකවූ නායකත්වය ගත්ත රජයකට පමණයි ඒක ජනතාව කොහොම තේරුම් ගනීද දන්නෑ

  13. ExUNPer says:

    Excellent !
    Our priority is the country !

    • jayamal says:

      අපි හැමෝටම අයිති මේ මව් පොලොවත් මතු පරම්පරාවත් රැක ගන්න අප්පච්චීට බාරයි. ජයෙන් ජයම වේවා! ඉදිරියටම යන්න. අපි ඔබ සමඟයි.

  14. ගලබොඩ අත්තේ චමින්ද says:

    රටට ආදරයක් ඇත්තටම තියනවානම් මහින්දයි රනිලුයි එකතුවී සන්ධානයක් සෑදිය යුතුයි. පරණ නඩුහබ අලුත් නඩුහබ පැත්තකින් තියලා අලුත් ගමනක් යායුතුයි. සුද්දා අපිව සුද්ද කළා ඒත් දැන් සුද්ද හොඳයි කියනවා. අපි සුද්දට ඒ තැන දුන්නා නම් ඇයි මහින්දයි රනිලුයි අතීතය අමතක කරලා රට වෙනුවෙන් එක් වෙනවට අකමැති. මහින්ද රට කළමනාකරණය කර රනිල් ජාත්‍යන්තරය කළමනා කල යුතුයි. ඔච්චර බැන්න සිරිසේන එක්ක මහින්දට එකතුවන්න පුලුවන්නම් ඇයි රනිල් සමග සන්ධානගත වෙන්න බැරි. තිරෙන් එහා මේ දෙන්නා යාලුවෝ. දෙදෙනාම අනෙකා ගැන හරියට විවේචනය කරනවද? කවදාවත් නැහැ. රට දැන් පත්වෙලා තියන තැන ගැන හිතලා එකතු වෙන්න. තව අවුරුදු කීයක් මේ දෙන්නා මහපොළොවේ ඉඳීද? ඒ ටිකට එකතුවෙලා රට ගොඩ නගන්න. අනාගත පරපුර වෙනුවෙන්

    • Alapaluwa says:

      මොකට අනුකම්පා කළත් මේ රට කාබාසිනියා කළ නපුන්සකයන්ටනම් කෙසේවත් සමාවක් දිය යුතු නැ. මහින්ද එසේකලානම් එදාට මහින්දට ඔවුගේ ආදරය හිමි ජනතාව නිසැකයෙන්ම පලා යනවා ඇත.

      • Asaranaya says:

        කොඩිවිනයක් හරි කර රනිලයා කලවැද්දා, කුණු දතා, චම්-පකයා පොන්ගලයා, හීන් නූලේ වැඩ දෙන මැද බන්ඩාරයා සුවර්ගස්ත කරවමු. එකම පිලියම එයයි

    • බෙර හඬ says:

      ඔය ජාත්‍යන්තරේ කලමනා කරණය කෙරුවේ රනිල්.. හලෝ බ්‍රිතාන්‍යයත් යුරෝපා හවුලෙන් ඉවත්වෙන්න තීරණය කරලා තිබියදී අපේ එවුන්ට යුරෝපා හවුලයි, ඇමෙරිකාවයි කියන දේවල් කරන්න ලොකු උවමනාවක් තියෙන්නේ මොකද? ටී.එන්.ඒ සහ දමිල ජාත්‍යන්තරය තමා මොවුන්ගේ විදේශ උපදේශණය. ජනතාව දැණුවත්කිරීමට හරි හමං එකෙක් නැති හැටි?

  15. නෙවිල් says:

    දැන්වත් මේ කුහක මිනිසුන්ගෙ ඇස් පෑදේවා..අගමැති තුමනි නිර්පාක්ශික අපි ඔබ සමගයි සැමදා ..

  16. manhatton says:

    Due to MY3 UNP were able drag the country for 3 year. If MY3 was not the common candidate UNP would have not won 2015.

    Toady what happened was people were clearly able to see ( earlier war was there and thing were not clear) how irresponsible (SAMANALA) the UNP is , than 2002.

  17. david milibanda says:

    THIS IS THE FINAL OPPORTUNITY GET COUNTRY OUT OF THE MESS.
    CHINA WILL CERTAINLY PULL US OUT OF THE RUT IF A RAJAPAKSHE IS IN PLACE.
    THEY TRUST ONLY THE RAJAPAKSHES.
    CHINA CAN WAIVE OFF LOANS OR POST PHONE LOANS.
    UNDER B & R HELP US ATTRACT FOREIGN INVESTMENT AND ENGAGE IN MANUFACTURE TO SHARE PROFITS TO PAY BACK LOANS AND SETTLE UNEMPLOYMENT.
    HELP US TO BE SELF SUFFICIENT IN AGRICULTURE.

    Under Ranil & UNP, more western IMF/WB/ADB loans with restrictions. No grace period. Devalue the rupee sell assets for a tuppence to pay back loans on time.
    We will have to pawn our mothers and fathers & siblings as well to pay the west.

  18. Somapala says:

    Appachi appachi…keedenek ge appachi da dannenehe

  19. මොකද්ද බන් මේ අඳෝනාව ! හරියට තනතුරට ආවනම් මේ හැටි කෙඳිරිගාන්න ඕනද?

  20. මම තමයි යුද්ධය ඉවරකලේ. යුද්ධය ඉවරකලේ මම. වෙන කවුරුත් නෙවෙයි මමයි යුද්ධය ඉවරකලේ.
    මම යුද්ධය ඉවරකල නිසා මට දිගටම රට දෙන්න. තව දිගටම සාරෙ උරා බීල හපයක් කරන්න ඉඩදෙන්න.මම මැරෙනකම් මහරජා. ඊට පස්සෙ මගෙ ලොකු කොල්ලා,ඊලඟට මැද එකා, උගෙන් පස්සෙ පොඩි එකා, ඔය අතරෙ මගෙ මල්ලිලා උන්ගෙ දරුවො රජයෙ උසස් නිලතල වල ඉන්න ඕන. ආ මගෙ ගෑනිගෙ නෑදෑ පරපුරත් ඉහල තැන්වල ඉන්න ඕන. ඉතින් මම හෙන දේශප්‍රේමී.
    ආ අමතක කරන්න එපා මමයි යුද්ධය ඉවරකලේ. යුද්ධය ඉවරකලේ මම. වෙන කවුරුත් එහෙම නෙවෙයි.මම.
    ඇඩ්මින් ඉන්න අය අපේ කමෙන්ට් දිගටම කපනවා.ඒකද ඔයාලගෙ මාධ්‍ය නිදහස. යුද්ධය කලේ මම.මතකනේ.. යුද්ධය …හරිය.

    • කොල්ලා says:

      Ay MR honda neha kiyala 2015 dunne Ekekta. anthimata mahindata waraddanna gihin hambunane mulu ratatama. Rs.1500ta deepu gammiris kilo eka den Rs.750i. ewa danne duk windina api witharai. e duka windina ahinsaka minissu website use karanne ne.chandayak thiyapiyako. ethakota pennai. mokaada honda kiyala.

    • උදිත says:

      අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු……සින්හලයිනේ..තේරුම් ගන්න අනගාරික තුමන් කිවුදේ…

      • චිචී says:

        එකෙක් නඩු බේරගන්න කරපු දේට අනික් බූරුවො සාදුකාර දෙනවා.ලංකාවෙ ඉන්න වහල් බයියන්ට මොලේ දෙන්න බෑනෙ.

  21. Sirisena Yatawara says:

    Primer of MR you have taken timely need decision the vital interest of Nation Sovereignty and Democracy.
    Your political decision has reflected millions of People aspirations of majority our nationalities.
    If not that UNP has programmed and road map want to extended Parliament period ,country run without elections

  22. kamal says:

    රුපියලය වැඩි කර ගන්න කමල්ගෙන් විසදුමක්
    පුතේ මේ අහන්න සංචිතය අඩුවෙන්නෙ ඇයි කියා බලන්න. විදේශ ණය හින්දා පමණක් නොවේ කපටි කමට කරන දේවල් හින්දා එනම් කුට විදියට කාර් පිටරටින් ගේන හින්දා දැන් තියෙන්නෙ එය දෙයයි කාර් ආනයනය තහනම් කරන්න ඔනේ. ඒ කල්ලා කපටි කම් කරන අහිංසකයන්ට උදව් කරන්න ඔනේ ඒ කිව්වෙ. හොර කැලි හදන ලංකාවේ නිස්පාදකයන්ට උදව් කරන්න ඔනේ . ඒ වගේම කිසිම ආහාරයක් පිටරටින් ගෙන්න එපා ප්‍රිමා එකට ගේන පිටි තිරිගු වුනත් අපට හදන්න පුලුවන් උත්සහා කරලා බලන්න ඔනේ නමුත් තෙල් විතරයි පිටරටින් අපි ගෙන්න ඔනේ තව යකඩ හදන්න යපස් ගෙන්න ඔනේ නමුත් පුතාලා දන්නෙ නැ පුතාලගේ මනුස්‍යත්වය හරි ම බැරැරුම් මොකද දර්ශනයක් නැති හින්දා. පුතා දන්නවද මම කවුද කියලා මට ක්‍රේෂ්ත්‍ර 26ක මුලික දැනුම තියෙනවා තව ක්‍රෙෂ්ත්‍ර 20ක ඤණානන්ද හිමි මට දැනුම ලබා දෙනවා කිව්වා. ක්‍රේෂත්‍ර 46ක දැනුමෙන් ලංකාව මම දියුණු කරනවා නමුත් ආනයනය කරන්නෙ දේවල් 2කයි ඒ තමා තෙල් හා යපස් .

    • මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

      කමල් කියන්නෙ පිස්සෙක්ද​?පොඩ්ඩක් හොයල බලන්න​.