මං ඉන්නේ බීලා.. රැස් වලල්ල Off කලා.. පිටිදුවේ හිමිගේ වීඩියෝව ලීක් වෙයි..[Video]

April 25, 2017 at 11:20 am | lanka C news
මං ඉන්නේ බීලා.. රැස් වලල්ල Off කලා.. පිටිදුවේ හිමිගේ වීඩියෝව ලීක් වෙයි..[Video]

පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් සමක සිදු කල අලූත්ම සාකච්චාවක් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සිය සමාජ ජාලා ගිණුම ඔස්සේ මුදා හැර ඇත.

එහි එක් තැනක හිමියන් පවසන්නේ ‘මං ඉන්නෙ බීලා.. රැස් වලල්ල ඕෆ් කලා..’ ලෙසයි.

157,908 Viewers

37 Comments to “මං ඉන්නේ බීලා.. රැස් වලල්ල Off කලා.. පිටිදුවේ හිමිගේ වීඩියෝව ලීක් වෙයි..[Video]”

  1. love nature says:

    නුතන දේවදත්ත සමන්තබද්‍ර

    බුදුරජාණන් වහන්සේ දේවදත්තට අවවාද කළා. “දේවදත්ත, සැරියුත් මුගලන් හට වත් මම සඟ පිරිසේ නායකත්වය භාරදීලා නෑ. මා විසින් ඉදිරිපත් කළ ධර්ම විනයේ නායකත්වය ශාස්තෘවරයෙක් යටතේ පවතින දෙයක්, එවැනි දෙයකට ඔබ සුදුසු නැහැ. මෙවැනි ඉල්ලීම මින් මතු නොකළ යුතුයි.” බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිගැනීමට තරම් ආඩම්බරකාරී දේවදත්ත නිහතමානී වුනේ නෑ. එදා බුදුරජාණන් වහන්සේ වෙතින් දේවදත්ත බැහැරට ගියේ උන්වහන්සේව විනාශ කොට හෝ බුදු සසුනේ නායකත්වය ලබාගැනීමේ උමතු ආශාවෙන්. දේවදත්ත කෙමෙන් කෙමෙන් තමාගේ අදහස ඉෂ්ට කරගැනීම පිණිසම මහන්සි වුනා. පවිටු දේවදත්ත හඳුනා නොගත් ගිහිපැවිදි බොහෝ දෙනෙක් ඔහුගේ මායාකාරී බස්වලට රැවටුනා.

    • bend to bend says:

      මේ සාකච්ඡාව හොඳින් අහගෙන ඉන්න.
      හොඳ රහතන් වහන්සේ නමක්‍ !

  2. love nature says:

    බුදුහිමියන් සහ ධර්මය විකුණා බඩ වඩා ගන්නා බඩජාරී නූතන දේවදත්තයෙක්,

  3. love nature says:

    සිරිධම්ම විසින් තරුණයන් මහණ කිරීමට පෙර එයින් එක් තරුණයෙකුගේ පියෙක් මෙම සිද්ධීන් පිළිබඳව රිවිර පුවත්පතට පසුගියදා පවසා තිබුණේ මෙවැන්නක්.

    “අද අපේ ගෙදරම මල ගෙයක් වගේ. හොඳට ඉගනගෙන හොඳ රැකියාවක් කරගන හිටපු අපේ පුතා හරි මඟය යනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතිව අපිට මේ දරුවාට ආශිර්වාදය ලබාදෙන්න අපිට පුළුවන්

    නමුත් මේ දරුවා මහා පුදුම විදිහට මුලා කරලා. ඒ දරුවාගේ අනාගතය අඳුරු කරන්න හදන වැඩක් විදිහටයි අපි මේක දකින්නේ. මේ ගැන කතා බහ කරන්න අපේ පුතා ආශ්‍රමයට ගිය වෙලාවේ සමන්ත භද්‍ර ගේ ගෝලබාලයින් එයාට ගහන්න ගිහින් තියනවා

    රහත් භාවයට පත්වුණු අය ලඟ එහෙම මැරයෝ ඉන්න පුළුවන්ද? මගේ පුතාට අවුරුදු 3කින් රහත්භාවය ලබාදෙනවා කිව්වලු. ලොකු පුතාට නම් අවුරුදු 6ක් වත් යයි කිව්වලු.

    මොනවද මේ කතා? හරියට නිකන් රියදුරු පුහුණුව ලබාදීලා මෙච්චර කාලෙකින් බලපත්‍රයක් ලබාදෙනවා වගේ රහත් භාවය ලබාදෙන්න පුළුවන්ද?

    මේ හාමුදුරුවෝ මොකක්ද මේ අපේ තරුණ පරපුරට කරන්න යන අපරාදේ? අපි තාමත් ලොකු උත්සාහයක යෙදෙනවා අපේ දරුවා මේ තත්ත්වයෙන් බේරාගන්න. ඒ නිසයි අනන්‍යතාවය හෙළි නොකර මේ විදිහට අපේ අදහස් කියන්නේ. මේ දරුවා බේරාගන්න අපිට හැකි වුණොත් එතැනින් පසු නැවත ඒ දරුවා සමාජගත වෙන්න ඕනේ.”

    • Vimal says:

      Iraj father is very devoted Sai Baba follower.

      Prethi Raj weerarathne massive crook and psychopath. No wonder Iraj want harm Buddhism.

  4. Saradiel says:

    බුදුන්ගේ දේශනාවට පිටුපා යන්නා බුදුන්ට පිටුපා යන්නෙකි. ඉරාජ් දේවදත්ත වැන්නන් සරණ යන්නෙකි.

  5. love nature says:

    දේවදත්ත ප‍්‍රසිද්ධ වුනේ මහා ඤාණවන්තයෙක් හැටියටයි. වඩන ලද
    සිතක් ඇති කෙනෙක් හැටියටයි. සම්භාවනාවට පාත‍්‍ර වෙලා කීර්තියෙන් දිළිසුනා.
    ඔහු මේ තුළින් තදේට හිතට ගත්තා. තථාගතයන් වහන්සේ සමඟ
    හැප්පෙන්නට ආවා. අන්තිමේදී දොරටු හතරකින් යුතු භයානක අවීචි මහා
    නරකයේ උපන්නා.

  6. Saradiel says:

    අපි කාගෙත් ආදරණීය ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා, යම් කිසි කෙනෙක්, කරුණු නිවැරදිව තේරුම් ගන්නෙ නැතුව, තිබෙන සැබෑ ස්වභාවය මොකක් ද කියල දැන ගන්නෙ නැතු ව, අපැහැදිය යුතු තැනට පහදිනවා නම්, පැහැදිය යුතු තැනට අපහදිනවා නම් ඒ තැනැත්තා බොහෝ පවු රැස් කර ගන්නා බව. ඒ වගේ ම ඒ තැනැත්තා ගුණ සාරා දැමූ, ගුණ විනාශ වූ ජීවිතයක් ගත කරනවා කියල තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ වගේ ම ඒ තැනැත්තා බාලයෙක් බව ත් අසත්පුරුෂයෙක් බව ත් උන්වහන්සේ දේශනා කළා.

  7. Kamal says:

    මේ සාක්ඡ්ඡාව වැදගත්

  8. Sampath Madurasinghe says:

    අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී. එම්බල ඉරාජ් කොලුව, බිය නොවන්න…. තව තනන්න……

  9. pp says:

    samantha bdrata api anokampa kala yothyi. aththatama mohota watidya prathikara awashya mattame manasika rogiyek.

  10. හෙල යකා says:

    දෙරණ රූපවාහිණී සාකච්ඡාවකදි සිරිධම්ම “රහතන්” වහන්සෙ කියපු බොරුවක් මාට්ටු වෙලා වචන පලැටවුන හැටිත් පට ගාල කියපු එක කනපිට හරවපු හැටිත් අපි දැකල තියෙනව. බුදුරැස් වගේම රහතුන් වහන්සෙ බොරු කියන්නෙ නෑ කියන පිළි ගැනීමත් ‘ප්‍රාථමික ගෝත්‍රික මෝඩ බුද්ධාගං කාරයන්ගෙ’ හණමිටි මිත්‍යාවක්ද විද්‍යාචාර්ය හිමියනි?

    • හොර මුනි says:

      එම්බල මනුෂ්‍ය අනිවාර්යෙන්ම මේක ඔබේ සිංහල මෝඩ ගෝත්‍ර ලක්ෂණයක් “එක මම කිව්වා නෙවෙයි මගේ පල්ලි බැක්ග්‍රවුන්ඩ් එක නිසා කියවුනා “මගේ යටි චරිතය එලියට පැන්න සුන්දර මොහොතක් .
      රහතන් වහන්සේ බොරු කියනව මේ අපේ ගොන්නු හිතාගෙන ඉන්නවා වගේ අය නෙවෙයි රහතන් වහන්සේලා කියන්නේ

    • හෙල යකා says:

      සිදුහත් බෝසතාණන් බුදුබව ලැබූ පසු ආලාර කාලාම, උද්ධක රාමපුත්‍ර වැන්නවුන්ගේ ඉගැන්වීම් නිෂ්පලයි කියා දේශනා කෙරුව.
      සමන්ත්‍ර බද්ද හිමියන් තවමත් දාර්ශනිකයොයි, විද්‍යාවයි, විද්‍යාඥයොයි එල්ලගෙන යනව. ඔවුන්ගේ ඉගැන්වීම් වල තිබෙන නිෂ්පල බව අවබෝඅධ වෙලා නෑ තවම.

  11. ඉසුරුමුණි says:

    රිද්දන්න ඕන තැනට ලෙසටම රිද්දන්න ඉන්න එකම දර්ශනවාදියා සමන්තභද්‍ර මිස අන් කවරෙක්ද කතෝලික දායක සභිකයනි. කරන්න තියෙන්නේ වචන ගලප ගලප A4 නාස්ති කරන එක නෙමෙයි. සමන්තභද්‍ර එක්ක ප්‍රසිද්ධ මාධ්‍යක සංවාද කරලා ඇත්ත නැත්ත රටට පෙන්වන එක.කතෝලික දායක සභාවට නිවැරදි මතයක් තියෙනවනම් ඒ මතේ විශ්වාසනම් ලිවුම් ලිය ලිය ඉන්නේ නැහැ.කෙලින්ම වැඩේට බහිනවා.මේකෙන් පෙන්නේ කතෝලික දායක සභාවේ බියගුළු මානසිකත්වය

  12. mawubima_perata says:

    රෑපවාහිනියක බණකට ඔළුව දාගන්න බැරි සමන්ත බඩ්ඩව සමාජගත කිරීමට දරණ සියුම් උපායක් තමයි මියුසික් වීඩියා ගැනීම.

  13. White Shark says:

    ඉරාජ් කරන්නේ පිටදූව පාවිච්චි කරලා බුදුදහමට පහර ගහන එක. ඉරාජ වෙළෙන්දෙක් නිසා බුදු දහමට නින්දා වෙන විදියට පිටදූවගෙ සිවුර පාවිච්චි කරනවා. පිටදූව කරන්නෙත් ඉරාජ්ව පාවිච්චි කරලා බුදු දහම ගැන තියෙන ගරුත්වය නැති කරලා දාන එක. දැනටම මෙහෙම නම් තියෙන්නේ, බුද්ධාගමට දෙන ප්‍රමුඛත්වය ව්‍යවස්ථාවෙන් නැති කලාම කොහොමට හිටීවිද?

    පහුගිය කාලේ බෞද්ධයන් වෙනත් ආගම් වලට හරවා ගන්නවා කියලා ලොකු විරෝධයක් තිබුනා. නමුත් පිටදූව සිවුරක් පොරවා ගෙන ප්‍රසිද්ධියේ සම්බුද්ධ සාසනයට කරන අවමානයට මහා සංඝ රත්නය නිහඬයි. පිටදූව වටා ඉන්නේ බෞද්ධයෝ නෙමෙයි. පිටදූවව ඉහලට ඔසවලා මේ රටේ බුදු දහමට තියෙන භක්තිය ගරුත්වය නැති කරලා සමහර බෞද්ධයන් තුලම බුදු දහම ගැන සංඝයා වහන්සේලා ගැන කලකිරීමක් ඇති කරලා, සිවුර සමාජයේ අවඥාවට ලක් කරලා බුද්ධාගම පිරිහීමට ලක් වෙලා කියලා ලෝකෙට පෙන්වන්න.

    සියම් නිකායෙන් පැවිදි වුනා කියන පිටදූවට මේ විදියට බුදුදහමට නින්දා කරන්න ඉඩ ඇරලා සියම් නිකාය බලා ඉන්නේ තාම දන්නේ නැති නිසාද? නැත්නම් නොයෙකුත් ආකාරයෙන් දේශපාලනිකව, සමාජමය, සංස්කෘතිමය සහ වෙළඳාමක මුවාවෙන් විනාශ කරන්න හදන බුදු දහම ආරක්ෂා කරගන්න ගිහි බෞද්ධයන්ට තරම් උවමනාවක්, කැක්කුමක්, වේදනාවක් මහා සංඝරත්නයට නැති නිසාද?

    නිර්මල බුදු දහම ආරක්ෂා වෙලා තියෙන එකම රට ලංකාව. වෙළෙන්දන්ට, මිසදිටුවන්ට, බෞද්ධ විරෝධීන්ට බුදු දහම ප්‍රසිද්ධියේ කෙළසන්න ඉඩ හැරලා මහා සංඝරත්නය නිද්‍රාශීලිව බලා ඉන්න හැටි පුදුමයි.

    • raavna says:

      ඉරාජ් ගේ සැලසුම බුදු දහමට අපහාස කිරීමද නැද්ද යන්න තවම පැහැදිලි නෑ . හැබැයි අපි ඉරාජ්ට ස්තුතිවන්ත වෙනවා පිටදුවේගේ හොර සිවුර ගැලවීම ගැන.

    • White Shark says:

      මේ පිටිපැස්සෙ තියෙන සැතපෙන ඉරියව්වෙන් ඉන්න බුදුහාමුදුරවන්ගේ පිළිමයක් මම මීට කලින් දැකලා නැහැ. සාමාන්‍යයෙන් බුදු හාමුදුරුවන්ගේ තියෙන්නේ සෘජුව සැතපෙන ඉරියව්වක් එහෙම නැත්නම් හොඳට සෘජුව අසුනක වාඩි වෙලා ඉන්න ඉරියව්වක්. ඒ දෙක අතර මැද මෙහෙම ඉරියව්වකින් වැඩ ඉන්නවා මං ලංකාවේ දැකලා නැහැ. මේ ඉරියව්ව තායි, බුරුම සහ චීන පන්සල් වල තියෙන
      පින්තූර නම් දැකලා තියෙනවා.

    • White Shark says:

      Pitaduwa doesn’t respect or uphold Buddhism.

      Buddhists should denounce Pitaduwa and his systematic attempt to misinterpret Buddhist values.

      Pitaduwa is a living example that promotes Three Poisons i.e. Greed, Hatred and Delusion, that Lord Buddha taught Buddhists to avoid. These are what drives humans through endless Samsara, blindly.

      This robed-monk is not a Buddhist. He doesn’t possess any clarity or insight about Lord Buddha’s teachings. Buddhism can only be understood by practising. Pitaduwa doesn’t “practice Buddhism”. Therefore, he will never “awake”.

  14. lankananda says:

    desanawe waradak dakinne ne …. vichara buddhiyen yamak prakasa kireemak kiyala mata hithenawa…

  15. ලබූදුවේ පිටි ධම්මේ says:

    “”‘මං ඉන්නෙ බීලා.. රැස් වල්ල ඕෆ් කලා” කෝමද දැන්.?

  16. Max Madugalle says:

    පොදුවේ ගත්කල ඉරාජ් එක්ක මේ හාමුදුරුවෝ කරන සාකච්චාවට මම එකගයි එක විශාල වැරදක් හැර.

    ඒත් ඒ වැරැද්ද ඉතාම ලොකු එකක්.
    එයින් හොදට පෙනෙනවා මේ හාමුදුරුවන්ට තියන අල්ප දැනුම සහ බුදුරජානන් වහන්සේ කෙරේ ස්රද්ධාවක් නැතිකම.

    කනගාටුවෙන් කියන්ට වෙනවා බුදුරජානන් වහන්සේ කෙරේ ස්රද්ධාවක් නැති කෙනෙකුට රහත් තියා සෝවාන්වත් වෙන්ට බෑ කියලා.

    මෙහිදී මේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා බුදුරජානන් වහන්සේට ඉර්දියෙන් යන්ට බැරි උනා කියලා. බුදුරජානන් වහන්සේ ඉර්දියෙන් ගියා කියලා ත්රිපිටකයේ බොහෝ තැන් වල කියවෙනවා. එක තැනක් තමා දීග නිකායෙ එන උදුම්බරික සූත්රයේ අග. එතැන පැහැදිලිවම කියවෙනවා “බුදුරජානන් වහන්සේ එතැනින් අහසට පැන නැගී ගිජුකුළු පව්වේ පහල වූ සේක” කියලා.

    ඒ වගේම බුදුරජානන් වහන්සේ හැම වෙලාවෙම වගේ බුදුරැස් OFF කරගෙන තමා හිටියේ. ඒත් අවශ්ය තැනදී ON කලා. එහෙම ON කරගෙන හිටිය තැනක් තමා පිප්පලී මාණවක (පසු කල කාශ්යප රහතන් වහන්සේ ) බුදුරජානන් වහන්සේ හොයාගෙන එන අවස්ථාව.

    ඔබ වහන්සේ පිලිගන්නවාද ඉහත කරුන?

    ඔබ වහන්සේ පිලිගන්නවාද ඔබ වහන්සේට වැරදුනා කියලා?

    ඔබ වහන්සේට බුදුරජානන් වහන්සේ ගැන ස්රද්ධාවක් නෑ කියලා පිලි ගන්නවානෙ?

    බුදුරජානන් වහන්සේ ගැන ශ්රද්ධාවක් නැති කෙනෙකුට සෝවාන් වත් වෙන්ට බෑ කියලා ඔබ වහන්සේ දන්නවාද? (දන්නෙ නැත්නම් දැනගන්ට)

    එතකොට සෝවාන් වත් නොවී ඔබ වහන්සේ රහත් වෙලා කියලා කීම අති විශාල “පාරාජික” වැරැද්දක් කියලා ඔබ වහන්සේ දන්නවාද?

    පාරාජික කෙනෙක් පැවිදි බවෙන් ඉවත් විය යුතු බව ඔබ වහන්සේ දන්නවාද?

    • janaka says:

      අනිවාර්යෙන් ඔබ හරි මඩුගල්ල මහත්තයා මේ යෝදයා කරලා තියෙන දේවල් වල හැටියට දැන් දහස් පාරක් පාරාජිකා වෙලා ඉවරයි .හෙට අනිද්දම එලිවේවි සාක්කි එක්කම

  17. Alapaluwa says:

    මෙන්න හාමුදුරුවනේ හොඳ විවාදයක් නිතරම තමන්ගේ සත්ගුනවත්බාවය දැනීම ප්‍රකාශ කරනවට වඩා හොඳ මාතෘකාවක් අද අපි ඔබට ඉදිරිපත් කරමු. මේ මත ඔබ විවාදය තිබියයුත්තේ ප්‍රතිවිරුද්දවාදියා සමගයි එමනිසා. ඔය ලස්සණට එදා විස්තරකරපු අන්දමින්ම මෙන්න මේ මම පහත සඳහන් අය සමග විවාදයක් ආරම්භ කරන්න කියා අපි ඉල්ලා සිටිනවා ඒ වගේම ඔබ එය නොබියව නොපැකිළිව පිළිගනියි කියලත් අපි විශ්වාසයෙන් සිටිනවා එමනිසා මම මේ නම ප්‍රකාශය කරනවා.ඔබට අභියෝගයට. සභාපති – කතෝලික විභාවනය චිරන්ත අමරසිංහ

  18. Lakshman says:

    රැස් වලල්ල නොමැති කම හිතට වද දෙනවාද .. ?
    ඇබිත්තයෝ පාර්ට් දානවද
    දායක සබාව අවුල්ද .. ?

    රහත් වීමට ඔබට තවම බැරි උනා ද ..?
    දුක් වෙන්න එපා දරුවා .. ලජ්ජා වන්න එපා…
    මෙන්න විසදුම ..

    ඔබේ දුකට IRAJ බෝසත් වරමින් පිහිටවෙමි
    ෆොටෝ එඩිට් කර රැස් වළලු දමා … මොඩිෆියි කර දීමටත් ..
    ඕනෑම කසිකබල් සින්දුවක්…. හිට් කර දීමටත්….ඔඩර බාරගනු ලැබේ ..

  19. bend to bend says:

    මේ සාකච්ඡාව හොඳින් අහගෙන ඉන්නා ඕනෑම කෙනෙකුට වැටහෙන දෙයක් තමයි සමන්තභද්‍ර හා විරාජ් යනු එකම කාසියේ දෙපැත්ත බව​.සංගීත වීඩියෝවේ නිර්මාණයත් මේ දෙදෙනාගේම සුසංයෝගයක් බව​.ඒ ගැන දැන ගන්නට රහත් වීමක් අවශ්‍ය නැත​.මොළය තිබුනාම හොඳටම ඇතිය​.

  20. Rasa says:

    I am not a follower of this monk or Iraj. But this title misinterpreted what he said. He said ‘yes, I drank, I drank dhamma’. He was not telling drinking of alcohol. Listen what he is telling in open mind then comment.

  21. Rasan says:

    I am not a follower of this monk or Iraj. But this title misinterpreted what he said. He said ‘yes, I drank, I drank dhamma’. He was not telling drinking of alcohol. Listen what he is telling in open mind then comment.

    • sujith says:

      You are correct. Listen to the sermons (especially older ons like 2010 – 2012 ) and you will realised the monk is correct and telling real Buddhism. But you need to have a brain to understand the same.

  22. wickrama says:

    මහා නායකලා මොනාදා කරන්නෙ මේවට. යකෝ බුද්දාගමද මේ. ආන්ඩු කරන උන් මොනද කරන්නේ මේවට. බුද්දාගම ආරක්ශා කරනවදා හිටන්. සමහර විට උගේ පන්සලේ අගසව් වෙනුවට අගමතියි ජනාදිපති වයි තියයි හිටන්. අනේ මෙහෙම ලන්කාවක්.

  23. Siraa says:

    Kiyana kathaawa eththa, namuth man dhekke Hambaya meyaawa use karanawa unge wedee karaganna. Hambayaa rata allana thawath Strategy ekak…

  24. Clem says:

    Me tharam vinaashayak veddi malwatte mahanayake mokada karanne? That is my question. Do we need Malwatte chapter. Or Asgiriya chapter.? What use are they? Jokers like this man are destroying Buddhism .lets get rid of Mahanayake s.

  25. Lalni says:

    Me mee harakawa pannala daala buddha sasane bera ganna kenek na ne.. oya siwra gahak uda thiyala palayanko paw nodee kalakanniya

  26. nihal says:

    මේ මියුසික් වීඩියෝවෙන් සමාජයට දෙන පණිවුඩය කුමක්ද ? සමලිංගික සේවනයද ? කරුණාකර පැහැදිලි කරන්න.

  27. සුබෝධ කිරිබමුන says:

    මේ හාමුදුර්වන්ට දරුවෝ ඉන්නවා. නඩත්තු ඉල්ලල්ලා එක ගැහැනියක් උසාවි ගියා. මෙයා කෝටි ගානක් දීලා ශේප් උනා. හොඳ රහතන් වහන්සේ!

  28. ran says:

    සත්‍යවශයෙන්ම ඔබ වහන්සේ රහත් ඵලය ලබා ඇත්නම් එය ඔප්පුකර පෙන්වන්න .
    අවසරයි රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ, මාතර වජිරඥාන ස්වාමීන් වහන්සේ, අජාන් චා ස්වාමීන් වහන්සේ ආදී උත්තමයන් උන්වහන්සේලා ලබාගත් ඵලය ප්‍රකාශ කරේ නැත .
    ඔබ වහන්සේ රහත් ඵලය ලබා ඇත්නම් ඒ බව දැනගතහැකි උතුම් නිර්මල ස්වාමීන් වහන්සේලා අදත් මේ රටේ ඉන්නවා .
    හේතුව සත්‍යවශයෙන්ම ඔබ වහන්සේ රහත් ඵලය ලබා ඇත්නම් පෘථක්ජන මිනිසුන් ඔබ වහන්සේට සිත් දුෂණය කරගෙන අකුසල් රැස් කරගෙන ආර්ය උපවාදය කරගන්නවා.
    ඒ වගේම ඔබ වහන්සේ රහත් ඵලය නොලබා එය ලැබුබව ප්‍රකාශ කිරීමෙන් පාරාජිකාවට අයත් වෙනවා

Main News