මං ඡන්දෙ ඉල්ලනවා..- සයිටම් සභාපති නෙවිල් ප‍්‍රනාන්දු

August 13, 2017 at 6:31 am | lanka C news
මං ඡන්දෙ ඉල්ලනවා..- සයිටම් සභාපති නෙවිල් ප‍්‍රනාන්දු

තමා නැවතත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයකින් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

තමන් ජනතාවට කරන සේවය අනුව දේශපාලනයට පිවිසීමට අයිතියක්‌ තිබෙන බව කී නෙවිල් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර ඉදි කරනු ලැබූ රෝහල රජයට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූයේ මහජනයාට සේවයක්‌ කිරීම සඳහා යෑයිද පැවසීය.

තමාගේ රෝහල රජයට පරිත්‍යාග කළ මොහොතේ රජයෙන් කිසිදු මුදලක්‌ ලබා නොගත් බවද නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

තම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටි මාලබේ ප්‍රදේශයේ ශ්‍රී ල. නි. ප. ආසන සංවිධායක වන සුසිල් ප්‍රේම ජයන්ත ඇමැතිවරයා ඔහුගේ ආසනයේ දියුණුව වෙනුවෙන් කරපු දෙයක්‌ නැතැයිද හෙතෙම කීවේය.

දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා මෙසේද කියා සිටියේය. මා දේශපාලනයට එන පක්‍ෂය කුමක්‌ දැයි කියා තාම තීරණය කර නැහැ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයට වැඩියෙන් සේවය කරන පක්‍ෂය ගැන සලකා බලා ඒ ගැන පියවරක්‌ ගන්නවා. මා දේශපාලනයට පැමිණියහොත් ඔය සුසිල් ප්‍රේම ජයන්තලාගේ කෑගැහීම නතර වෙන්න පුළුවන්. එයාලාගේ ශබ්දය විතරයි වැඩ නෑ.

සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කියනවා ආණ්‌ඩුව තුළ කලකිරීමෙන් ඉන්නවා කියලා. එහෙම කිය කිය ඉන්නෙ නැතිව එයාට ආණ්‌ඩුවෙන් අයින් වෙන්න පුළුවන්නෙ.

– දිවයින

5,126 Viewers

9 Comments to “මං ඡන්දෙ ඉල්ලනවා..- සයිටම් සභාපති නෙවිල් ප‍්‍රනාන්දු”

  1. RW says:

    I want to make two comments.
    1. GMOA Dracula says all of you including Rajitha have misled the country by signing a letter of intent, not an agreement.
    2. We all know Susil is a pina promoted by Chandrika. He has already earned enough. You better align with MR like before January 8th.

  2. daham says:

    illuwanam apaaye parliament ekata. sure ekatama labenawa.

  3. අප්පුහාමි says:

    ඕනෙ හරකෙකුට චන්දෙ ඉල්ලන්නත්පුළුවන්. දිනන්නත් පුළුවන්. දාන්නේ කිරි පට්ටියකට.හරක් ගාලකට.

  4. Devil Fernando says:

    Moots chsnde illantas hondama pakshaya thamai Okkoma Rajawaru Okkoma Wasiyo pakshaya. Thawada Janatha Sewaka Pakshayada narakak ne. Hebei moota chandaya enaturu mey loke visa thiyeyda danne ne. Jayawewa !

  5. parliment jokers says:

    Ane me nahina dehina kale wala payayi goda payayi thiyagena mona chandada rajithath ekka hora saitm kade rakaganna widiyak balaganne nathuwa.

    • asaranaya says:

      ඔන්න සුශිලො කෙලවෙලා යන්නයි හදන්නෙ සොසෙජ් ඉරිල්ල නතර කර බහිනවා එළියට, , නෙවිල් බලලා මල්ලෙන් පැන්නා එලියට.

  6. සෙල්ලං සේන​ says:

    මෙයාටත් තියෙන්නෙ කඩුවෙල බුද්ධදාසට තියෙන ලෙඩේමයි.නිදා ගන්න බයයිලු ගොක්කොල සුදු කොඩි පේනවලු හීනෙන්.අනේ පව්!!!

Main News