මං සාමාන්‍යපෙල ලියද්දිත් අගමැති රනිල්.. මේත තවත් කරන්න බෑ කියා ඔහු තේරුම්ගත යුතුයි..- හරීන්

March 19, 2018 at 12:02 am | lanka C news
මං සාමාන්‍යපෙල ලියද්දිත් අගමැති රනිල්.. මේත තවත් කරන්න බෑ කියා ඔහු තේරුම්ගත යුතුයි..- හරීන්

අපි විශ්වාස කරනවා පක්ෂයේ ලොකු වෙනසක් ළඟදීම සිදුවේවි කියලා. පවතින තත්ත්වය තේරුම් අරගෙන අලුත් ක්‍රමවේදයක් අලුත්  වගකීමක් අගමැතිතුමා පක්ෂයට භාර ‍දේවි. ඒ අනුව අගමැතිතුමා නියමිත වෙලාවට  යෂ්ඨිය හුවමාරු කරන්න  කටයුතු කරාවි  කියලා අපි විශ්වාස කරනවා” යැයි  විදුලි සංදේශ  සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල වඳුරඹ ප්‍රදේශයේදී ඊයේ පැවැති උත්සවයකින් අනතුරුම මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

“පසුගිය දවස්වල පක්ෂයේඅපි දීර්ඝ සාකච්ඡාවක් කළා. අපි විශ්වාස කරනවා  පක්ෂයේ ලොකු ‍වෙනනසක් වෙයි කියලා. අලුත් ක්‍රමවේදයක් අලුත්  වගකීමක් භාර ‍දෙයි කියලා. මොකද නායකත්වයත් මේක තෙරුම් ගත යුතුයි මේක හැමදාම කරන්න බෑ කියලා.  එතුමා අගමැති වන විට මම සාමාන්‍ය පෙළ ලියලා තිබුණෙත් නෑ.

අපි හිතනවා එතුමා  කලබලයක් නැතිව නියමිත වෙලාවට  යෂ්ඨිය හුවමාරු කරන්න  කටයුත කරයි කියලා. අගමැතිතුමා ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් තුන් වරක් අගමැති වු අයෙක්.මා ඉගෙන ගන්නා කාලයේත් එතුමා අගමැති. මම විශ්වාස කරනව මෙවරත් එතුමාගේ ශුක්ෂම දක්ෂතාවය මත විශ්වාසභංගයෙන්  බේරෙන්න එතුමා ක්‍රමවේදය දන්නව කියල.

මම විශ්වාස කරනව නැවත වතාවක් මේ විශ්වාසභංගය තීරණය කරයි මේ ආණ්ඩුව කොයි විදියට ද යන්නේ කියල. ගෙවී ගිය දවස් කීපයේම පක්ෂ ප්‍රති සංවිධානයක් පිළිබඳව අපි සාකච්ඡා කළා. වෙනසක් වෙයි කියල විශ්වාසයක් තියෙනව.

– ada.lk

 

18,192 Viewers

19 Comments to “මං සාමාන්‍යපෙල ලියද්දිත් අගමැති රනිල්.. මේත තවත් කරන්න බෑ කියා ඔහු තේරුම්ගත යුතුයි..- හරීන්”

  1. raj says:

    ඈ ඔබතුමා සා පෙල ඉඳ ගත්තද ඇත්තටම. වැඩ කීයක් පාස් වුනාද

    • Amda says:

      ලිව්ව කියල කිව්වට පාස් ද ෆේල් ද කිව්වෙ නෑනෙ
      සාමන්‍යපෙල පාස් නම් මීට වඩා IQ එකක් තියෙන්න එපැයි
      සැරද සැරද අපෙ බැලුම් හරින්

  2. කවුජ හොරා says:

    බොලා සාමාඤ්ඤ පෙල කොරන කාලෙ ඉඳන් හිටිය මට එහෙම නිකන් මේවා දාලා යන්න තරම් පිස්සුවක් නෑ බොලව්. දැනගනියව් අගමැතිකම තියෙන තාක් කල් පක්ෂ නායකතුමා මම. ඉන්න බැරි එවුන් ඉන්නවා නම් ඇමතිකම් දාලා පලයව්. 😎

  3. FREE says:

    හරින් එදා සාමාන්‍ය පෙල ලියද්දිත් රනිල් අගමැති,
    එදා ඉඳන් අද වෙනකම් රනිල් තාමත් අගමැති,
    හරින් එදා ඉඳන් අද වෙනකම් තාමත් සාමාන්‍ය පෙල ලියනව​.
    දෙන්නටම තාමත් සමත් වෙන්න බැරි උනා.

  4. Asaranaya says:

    ගලේ පැහැරු බළලුන් ලෙස හැසිරේදෝ,
    වස ගන්ඳනේ රට හැම්තැන පැතිරේදෝ,
    අග මැටි හාමු පෙම් රජ සැප කෙළිදෝ,
    අම්මට හුඩු! හරිනගෙ ‘එක පුලියේ’දෝ.

  5. හිච්චිමහත්තෙයා says:

    ඉතින් ඉතින්?
    ඊට පස්සෙ?
    ඕ ලෙවල් කොරල පාස් වුනැයි?

  6. මුත්‍රන්ගනී චිබාරක් says:

    හාඊ මෙයාලා. මාව ICTA ලොකු පුටුවෙන් අයින් කලේ මේ මිනිහා තමයි. මගේ මස්සිනා මොන්ගලට කියලා මෙයාට මම හොද පාඩමක් උගන්වනවා. මට හමදාම රට යන්න තිබ්බ chance එක උදුරගත්ත මේ යකාට මම පොල් ගහනවා. මගේ husbandage ක්‍රෙඩිට් කාර්ඩ් බිලුත් මම ගෙව්වේ ICTA සල්ලි වලින්. අනේ මට වෙච්ච දේ. Embarrassing අනේ

  7. jayamal says:

    රනිල් සමඟ දේශපාලනයේ ඉදිරි ගමන් මඟ මේ කාටත් ටිකක් අවුල් සහිත වෙයි. බැඳුම්කර මගඩියත් මහ දවල් මහා බැංකු කොල්ලයක් බව දැන් ජනතාවට ඔප්පු වෙලා ඉවරයි. ජන පදනම ගිලිහී ගොස් ඇති බව නම් ස්තීරයි.

  8. Open mind says:

    දවල් හීන දකින්න කාගෙන් වත් බාධා නැත

  9. Open mind says:

    සාමාන්‍ය පෙළ ඉහළින් සමත් ඇතැයි හිතේ

  10. රාලහාමි says:

    බැරිද හැට පැන්න අය ක්‍රියාකාරි දේශපාලනයෙන් විශ්‍රාම යන්න ඕනා කියලා පක්ෂේ මට්ටමෙන් අනුමත කරගන්න …ඕක නොකලොත් හැමදාම වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්න උන්ට හැමදාම ඔහොම කණු කුණු ගගා ඉන්න වෙන්නේ …නැත්තන් මේ වයසක මුත්තල සෙට් එක බොරු කර කර දිමියා එල්ලුනා වගේ එල්ලිලා ..අවසන් කටයුතුත් රාජ්‍ය අනුග්‍රහයෙන් කරනකන් ඉඳීවී.

    • Tikiri says:

      හරි මුලින්ම උඹ ගෙදර පාලනේ අතෑරලා පවුල තරුණයෙක්ට භාර දීල වරෙන් 😉

  11. daminda says:

    kaalayata baya nathi agamathi……………

  12. parakum says:

    This man is power crazy, much more than the Banda who destroyed the party with his PACHA BALAWEGAYA in 1953. Please dissapear from the SL political scene for GOOD of the party. You have passed the sell by date.

  13. Gayantha says:

    Baya naithi agamathi ne ! Ranil mairena thura unp nayakaya !

  14. sam says:

    mokada muu O/L liwwe thun weni parata ha ha ha ………..4

  15. Ranil says:

    oyageth kata withrai baloon harin

  16. mike says:

    HAREEN, you must Tell it clearly , AWURYDU 20 K GIYA , RANIL ELAWANNATH MATA O/L PASS WENNATH BERI VUNA…..

Main News