මං හරිම වේගවත්.. මං වගේ වේගවත් වෙන්න.. – රාජිත

January 4, 2017 at 8:02 am | lanka C news
මං හරිම වේගවත්.. මං වගේ වේගවත් වෙන්න.. – රාජිත

සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය සඳහා තමන් විසින් ගන්නා ලද ඇතැම් තිරණ ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් අපොහොසත් වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස පත් වු වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා රාජකාරි කටයුතු ආරාම්භ කිරිම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවති උත්සවයකදි. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා,

වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මම අඳුර ගත්තේ දන්ත වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සිටියදියි. මම දන්ත වෛද්‍ය පිඨයේ සම්මන්ත්‍රණයකට සහභාගි වු අවස්ථාවේදි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා දන්ත වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස කථාවක් පැවැත්වුවා. මට එම අවස්ථාවෙදි සිතුනා මගෙන් පසුව දේශපාලනයට පැමිණෙයි කියලා. දන්ත වෛද්‍යවරයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයට පත්වු පළමු අවස්ථාව මෙයයි. දන්ත වෛද්‍යවරයෙකු ප්‍රථම වරට තමයි සෞඛ්‍ය අමාත්‍ය ධුරයට ද පත් වුනේ.

සෞඛ්‍ය අමාත්‍යංශය තුල පසුගිය වසර කිහිපය තුල විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. මෙම අමාත්‍යංශයේ තිබෙන ප්‍රධාන බල කණු දෙක තමයි. ලේකම්තුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා. එම කණු දෙක එකට සිටිය යුතුයි.සෙලවීමකට ලක් වුනොත් ප්‍රශ්ණ. මම ගත් ඇතැම් තින්දු තිරණ මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ. සෞඛ්‍ය තින්දු කඩිනමින් ක්‍රියාත්මක කල යුතුයි. මම අමාත්‍යවරයා වුනාට ඔබ සැම සමඟ සාකාච්ඡා කර තින්දු තිරණ ගන්නවා. එම තින්දු තිරණ ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ක්‍රියාත්මක විය යුතුයි. වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මම දිර්ඝ කාලයක් ආශ්‍රය කලා. මම වෙනුවෙන් සිර බත් කෑවා.

මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයට පත් කිරිමේ සම්මුඛ පරික්‍ෂණයෙදි වැඩිම ලකුණු තිබුනෙත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරටයි. නමුත් තනතුර ලැබුනේ නැහැ. ඉවසා ගෙන සිටියා. කාටත් එම ධර්මතාවය පොදුයි. එම ඉවසීම තුලින් තනතුර ලැබුණා. වසර 2020 වන විට හොඳ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරිම මගේ අරමුණයි. මම හරිම වේගවත්. මන්දගාමීව කටයුතු නොකර මගෙන් සමඟ වේගවත්ව කටයුතු කරන්න.හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලීත මාහීපාල මහතා සිය සේවා කාලය තුල විශාල වැඩ කොටසක් සිදු කලා. ඔහු තම ඉදිරිය පිළිබඳ තින්දුවක් ගත්තා.

සමුගැනිමට පෙර මා සමඟ දිර්ඝ ලෙස සාකාච්ඡාවක් පැවැත්වුවා. තම දායකාත්වය සෞඛ්‍ය සේවාවට ඉදිරියටත් ලබා දිමට ඔහු පොරොන්දු වුනා. එම නිසා එම සහයෝගයද ලබා ගන්න.

– නිපුන් ඒකනායක

13,351 Viewers

8 Comments to “මං හරිම වේගවත්.. මං වගේ වේගවත් වෙන්න.. – රාජිත”

  1. Daham says:

    Dentist Rajitha is a cussed man. He is ridiculing the previous director general, the medical doctor, Dr Mahipala by divulging that the present dentist appointed as the acting director got the highest marks at the last interview to fill this position. Dentists favouring dentists for a medical jobs is not acceptable. Dentists are there to look into people’s dirty teeth.

  2. Doz says:

    you can expect lot of problems in health in future. Jayasundara bandara is the worst ever.he is incompetent. Thats is why he was looked over by previous health ministers, including maithripala sirisena.
    Muge saddei pada gandai witharai.

  3. අන්න හොරා! අන්න හොරා!! - පික්පොකට් කාරයා says:

    වේගවත් නැත්නම්, නැව් අටක් ගන්න පුළුවනෑ!

  4. Danushka says:

    Dear Jayasundara Bandara….we are proud of you……

  5. Its better to talk about what you know about some field..if u guys think dentists are only supposed to look in to the dirty teeth of people,,its sad to say u know nothing about dentistry.dr jaysundra bandara is a very efficient one.we could hope lot more things from him in future.congratulations

  6. DEANTAL DOKA says:

    We would like to DIGITA in to your mouth. We will give you 100/= rupees per hrs.

    This is descent way to earn money, more than the way you got huge wealth.

  7. Anita says:

    I also agrees DGHS is a manager not a implementer . So Jayasundara Bandara is a senior health administrator with wider experience and important thing is he is not a man with ego where mahipala is full of ego and inferiority complex and can not work with his superiors.
    He started fight with all permanent secretaries in recent past Dr Ravee Ruberu, Dr Nihal jayathilaka both are doctors and also with Senior SLAS officers such as Mrs Sudharma and Mr Anura Jayawikrama. Due to this reason ministry could not implement most of programmes.
    It is totally true Dr mahipala got less mark in previous DG selection interview and manipulated the process with previous presidents breakfast group.
    Mahipala is a man who create conflicts among most of the technical groups such as he created conflict among SLAS officers and Medical administrators and consultant community physicians and medical administrators.
    On our view he was only interested to appear in media.
    He is the only DG he received donation from milk food company (when he was a food authority)for his swanning ceremony as a president of collage of administrators.
    So we think Dr Jayasundara Bandara will do a better job incordination with all relevant parties.
    Congratulation to you Dr Jayasundara
    Group of doctors

  8. Boo says:

    Faster thief.

Main News