මං හිගන්නෙක් කියලා හිතුවද.. ලක්‍ෂ 80ක් කියන්නේ සුළු දෙයක්.. ඇලෝසියස්ගේ නිවස කුලියටයි ගත්තේ.. ඇයි අවුල්ද..- රවි බැදුම්කර චෝදනාව ඔළුවෙන් හිටුවයි..

January 10, 2018 at 9:20 am | lanka C news
මං හිගන්නෙක් කියලා හිතුවද.. ලක්‍ෂ 80ක් කියන්නේ සුළු දෙයක්.. ඇලෝසියස්ගේ නිවස කුලියටයි ගත්තේ.. ඇයි අවුල්ද..- රවි බැදුම්කර චෝදනාව ඔළුවෙන් හිටුවයි..

‘මං දේශපාලන හිගන්නෙක් කියල හිතනවද.. ඔය කතා කරන්නේ මිලියන අටක් ගැන. මිලියන අටක් කියන්නෙ මොකක්ද. කෝටි 30-40-50 තියෙන කොම්පැනියකට ඔය මොකක්ද. ඒ වගේ එකක් අපේ ප‍්‍රධාන නිලධාරියට රෙන්ට් එකට ගන්න බැරිද. මොකක්ද මේ විහිළුව’ යයි හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම අදහස් පල කලේය.

අර්ජුන් අලෝසියස් විසින් දුන්නා යයි කියන නිසව තම දියණිය විසින් කුලියට ගත් එකක් බවත් එහි කිසි වරදක් නැති බවත් ඔහු කියා සිටී.

එක්සත් ජාතික පක්‍ෂයේ 100%ක් ඉන්නේ තමන් සමග යයිද ඔහු සදහන් කරයි.

තමන් යටතේ මහ බැංකුව නොතිබූ බවත් එය අයත් වූයේ කාටදැයි සියළු දෙනා දන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

28,140 Viewers

21 Comments to “මං හිගන්නෙක් කියලා හිතුවද.. ලක්‍ෂ 80ක් කියන්නේ සුළු දෙයක්.. ඇලෝසියස්ගේ නිවස කුලියටයි ගත්තේ.. ඇයි අවුල්ද..- රවි බැදුම්කර චෝදනාව ඔළුවෙන් හිටුවයි..”

  1. suda says:

    සාමානයෙන් වැදගත් කම ආරුඩ කරගෙන ඉන්න හොරුන්ගේ ලක්ෂණයක් තමයි චෝදනා එල්ලඋනාම කෝපයෙන් බනින එක.ඕවා අපි දැකල තියෙනව .ඕනෑම පොලිස් නිලධාරියෙක්ගෙන්,පරිෂකයෙක්ගෙන් ඇහුවත් කියාවි ඔය හැසිරීම.හැබැයි ඉතින් මෙය කියන එකේ එක ඇත්තක් තියෙනව එක තමා මේක මෙයා තනියම කරපු එකෙක් නෙවෙයි කියන කාරණාව

    • ධනංජය says:

      අනේ නෑ මචන් උඹ හිඟන්නෙක් නෙවෙයි කියල අපි දන්නව
      2002 unp ආණ්ඩුව කාලේ උඹ සතොසෙන් කොච්චර මුදල් හම්බුකරගත්තද නේද? කොච්චර හම්බු කරගත්තද කියනවනම් අනේ සතොස විකුනන්න උනා නේද ඒවගේම ලලිත්ගේ සල්ලි දේපල මොනතරම් උඹට ලැබුනද නේද ?ඒවගේම අර ඇමෙරිකාවේ කොටියා රාරරත්නම් උඹට ඩොලර් බන්ඩල් කොච්චර එව්වද නේද අපරාදේ උඹ වගේ සුදනෙක්ට නඩු දැම්මේ එකට .රටේ සල්ලි නැතිවෙලාවක මහා බැංකුවට කියා කියා සල්ලි ගෙන එක අපරාදයක් නේද ?උඹ උපතෙන්ම සල්ලි හොයන්න දක්ෂයා කියල උඹ එක්ක බිස්නස් වැඩ වල හිටපු යාළුවො කියනව් වැට් සල්ලි .

  2. අනුරාධ ඒකනායක says:

    රවි කරැණානායක ගැන මෙි දිනවල පවතින සමාජ කථිකාව ඉතාම අයහපත්.රවිට තමාගැන දැනට සමාජයේ පවතින මතය දැනගැනීමට අවශ්‍යවන්නේ නමි Independent Research එකක් කර බලන එක හොඳයි. දුමිරියේ, බස්පොලේ, කඩපොලේ, වැඩපොලේ, රෝහ⁣ලේ, පමණක් නොව සමාගමිවල, තරැ පහේ හෝටල්වල, පාසැල්වල සහ රාත්‍රී සමාජ ශාලා, සිරිකොත එජාප මූලස්ථානය වැනි එකී මෙකී නොකී තැන්වල රවිට පළු පැලෙන්න බනිනවා. රවිගෙ හොඳ කියන මිනිහෙක් සොයා ගැනීම කළුනික සොයනවාට වඩා අමාරැ වැඩක්. යථාර්ථය එයයි.
    මෙම තත්ත්වය රවි වටහා ගතයුතුයි, පිළිගත යුතුයි. තමා නිවැරදි නමි එය අධිකරණය හරහා ඔප්පුකරන තුරැ ජනතාව මෙම ප්‍රකාශ පිළි නොගනියි. රවිගැන සමාජගතවී ඇත්තේ ඒ තරම්ම අයහපත් චිත්‍රයක්. කොතරම් දක්ෂ කැපවූ අයෙක් උනත් වෙළඳ ඇමති කාලයේ සිට රවිගේ සහ පවුලේ හැසිරීම එයට බලපෑවා. මෙි මැතිවරණ කාලයේ ජනමාධ්‍ය හරහා රවි කරන ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයට අහිතකරයි.

    • ධනංජය says:

      මේ මොකෙද්ද මේ ?අනුරාධ ? අනුරාධ උඹ හිතුවද රටේ මිනිස්සු මෝඩයෝ කියල .එක මිනිහෙක්ව විතරක් මේකට අල්ල ගන්න .අපි දන්නවා මේක උඹලගේ ලොක්කා සැලසුම් සහගතව කරපු කොල්ලයක් කියල .
      1)ලංකාවේ අවශ්‍ය තරම් උගත් මිනිස්සු මහා බැංකුඅධිපති කමට පත් කරගන්න හැකියාව තිබෙද්දී සිංගප්පුරු ජාතිකයෙක්ම ඒ තනතුරට පත්කරගැනීම
      2)ඔහු ගැන වග කියන බව ජනාදිට හා ජනතාවට පොරොන්දු වී බොහොම මහන්සිවී ඔහුව බැංකු අදිපති කිරීම
      3)ඒ අදිපතියාගේ බෑණාට මුල්‍ය සමාගමක් තිබීම
      4)යහපාලනය ආරම්බවූ සැනින් සැවොම සුභාවදිව සතුටින් සිටිනා අතර කෂනිකවම මේ හොරකම සිදුවීම
      5)හොරකම ගැන හොයන්න හොරාගේ අම්ම හෙවත් unp නිතිඥය මඩුල්ලක් බෝලාගේ ලොක්කා පත් කිරීම
      6)ලොක්කාගේ අතවැසියා වන ගැමියා ලවා කෝප් වාර්තාව යටගැසීමට පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම ‘
      7)ෆූට් නොට් කල්ලියේ වැඩ
      8)දැන් නැවත ගැමියා ලවා නටවන නාඩගම
      9)ලොක්කගේ අලුත් ගේම හෙවත් විමර්ශන වාර්තාව චන්දය පෙන්වා සඟවා ගැනීම
      10)එම වාර්තාව නැතිව පාර්ලිමේන්තු විවාදයක් කැඳවා තමා සුදනා බව රටට පෙන්වන අතර අදාළ මාතෘකාව ගැන පාර්ලිමේන්තුවේ සිදුවන සාකච්චා එතනින් අවසන් කිරීමේ කුට චෙතනාව

      අනුරාධ ඒකනායක උබ හිතුවද උඹ වගේ මෝඩයෝ මේ රටේ ඉන්නේ කියල මේ ඉහත කරුණු සලකා බැලුවම බොහොම පැහැදිලියි මේක උඹේ ලොක්කා සහ uගේ හෙන්චයියන් බොහොම සැලසුම් සහගතව කරපු ලෝක හොරකමක් බව මේක .මේක unp පක්ෂය මෙරට හොරාකමක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි unp කාරයෝ උඹලා ඔක්කොම ලෝක හොරු

      • මාතලේ බණ්ඩා says:

        ධනංජය උඹල හත්පොලේ ගාගෙන අහවරයි. තවත් කතාකරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. ඔව දුකට කියන කවි. උඹලගෙ කවි අහන්න දැන් හිගන්නෙක්වත් නැහැ.එළියට බැහැල මිනිස්සු 100 එක්ක විතර කතාකරල බලපං.නියම උත්තරේ ලැබෙයි.

        • ධනංජය says:

          මාතලේ බණ්ඩා .unp උඹල හිතාගෙන ඉන්නේ රටේම මිනිස්සු මෝඩයෝ කියල .unp උඹලට චන්දය දෙන එවුන් මෝඩයෝ තමයි උන්ට කරුණු එකට ගලපලා හිතන්න බෑ .
          තර්කානුකුල කෙනෙක් එහෙම කරුණු කියාගෙන එනවිට උඹල කරන්නේ ඔන්න වාචාලයෙක් ඔන්න ගෙම්බෙක් කියල ඒ මනුස්සයට අපහස කරලා අර උබලගේ නුගතුන්ට ඒ කරුණු යන එක නවත්තනවා. ඒ මොඩයොත් කරුණු ගලප්පගන්න බැරිනිසා හිතනවා ඔය මනුස්සයා වාචාලයෙක් කියල. එහෙම හිතලා මොලේ තේරුම්ගැනීමට වෙහෙසන්නේ නැතිව අර පුද්ගලයාගේ කතාවට සවන්දෙන එක නවත්වනවා .ඔය දේ උඹල කරන්නේ බයට උඹල විමල්ට ගම්මන්පිලට විරුද්දව උඹලගේ පාක්ෂිකයන්ට ඔයවගේ කතා කියන්නේ එකයි .උම්බ්ලා ඔවුන්ට බයයි මොකද ඔවුන්ට උඹලගේ මැට්ටෝ සව්න්දුන්නෝත් ඔවුන්ට කරුණු කාරනා තේරෙන්න ගන්නවා .දැන් මම ලිව්ව දේට ඔය උඹ ලියල තියෙන්නෙත් අන්න ඒ න්‍යාය අනුව හැබැයි ඉතින් බොලා අන්ත මෝඩයෝ නිසා තර්ක නෑ කියපන් බලන්න මම හත්පොලේ ගාගෙන තියෙන තැන් මොනවද කියල මැට්ටා

          මම උඹලගේ unp මෝඩ මැට්ටන්ට පවා තේරුම් ගන්න කරුණු පොයින්ට් ෆෝම් එකෙන් ලියන්නේ එකයි.
          දැන් සිංගප්පුරු කාරයා පැනල ගිහිල්ලා හොරකමට සම්බන්ද ප්‍රධානියෙක් නෑ අනික් හොරා මම හොරා නෙවෙයි කියනවා ලොකුම හොරා මුළු පාර්ලිමේන්තුවම රවටනවා .බොලා වගේ මෝඩ unp හැත්ත මිනිස් මොලයට නිගරු වන මෝඩ කතා කියනවා

    • ExUnper says:

      නිකං බබා පාට් දාන්න එපා. ලංකාවම දන්නවා මහ බැංකුව කඩන්න පෙර රවි ව ඉවත් කරල හොර නායකයා අතට ඒක ගත්ත කියා. ඉන් පස්සේ රෝයල් යාලු කොමිසමක් දාල ඒක වහන්න උත්සාහ කළා.
      අද වෙනවිට පොඩි දරුවොත් දන්නව උඹලගෙ පක්‍ෂේ උඩ ඉඳල පහලටම ඉතුරු වෙලා ඉන්නෙ උපන් ගෙයි හොරු පමණක් බව​.

  3. Patriot Pilot says:

    ou ithin horaa kaala hamba karala athi Koti ganan pahugiya kaledith. Lejja nathi weda karala thawa kiyawanawath ekkane.

  4. xyz says:

    බටලන්දේ “ෆෙලාෂියෝ”කාරයා, ඇලෝසියාවයි කරුපයියාවයි බිල්ලට දීලා බේරුනා.

  5. Jonaa'S Brother says:

    යට ඇඳුම් නැතුව ඔලුවෙන් හිටගත්තාම මොනවද පෙනෙන්නේ කියලා දන්නවානේ.
    ඉවසුම් නැති තදබදයකි බැඳුම් කරේ.
    සිතුවෝ රොත්ත ඩැහැගන්නට කල්ල මරේ,
    රවියා මාට්ටුයි වඳයගෙ මොට්ට ගිරේ,
    කැරකි ඇවිත් පච වලඳේ ගැට්ට කරේ

  6. Padmini says:

    eka karunga navakin kooti 60 hoyanna puluwan

  7. namal says:

    හිඟන්නෙක් නෙවෙයි කම්බ හොරෙක්. ජා එල දුවගේ ලොජිස්ටික් එකට කන්ටේනර් චෙක් කරන්නෙ නැතිව අරන්ගිය ඒවත් හොයන්ඩ ඕනෙ. වාහන බදු ගෙවන්නෙ නැතිව අරන් ගිය ඒවා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයගේ පරිස්සමට තියාගන්න විස්වාසය මත දුන්නු මුදල් දේපල තව කොච්චර දේවල්ද මහත්තයෝ…

  8. බබා උක්කුන් says:

    හිගන්නෙක් නෙවෙයි, පට්ටපල් හොරෙක්. කම්බ හොරෙක්. මංකොල්ලකාරයෙක්. ලලිත් ඇතුලත්මුදලිගේ ඇගේ එල්ලුනු කුඩල්ලෙක් ලලිත්ගේ ඇගේ ලේ උරා බීල දැන් කයිය ගහනවා. ශ්‍රීමනීගෙන්, ළමයින්ගෙන් ඇහුව නම් දැනගන්න පුළුවන්. 2001, 2005 කාලේ සතොස කාල දැම්ම. මේ පාර රටම කාල දැම්ම.

    • ධනංජය says:

      අනිවාර්යෙන්ම ඕකට සහ ඕකගේ පවුලටම හෙන ගහනවා ලලිත්ගේ පවුලට කරපු අපරාදයට

  9. Boo says:

    හිඟන්නෙක් විතරක් නෙමෙයි , හොරෙක්.

  10. Moratu Kollo says:

    Ranil / Ravi / Ajith / Sujee Okkoma Horu Vahaa Athadanguvata Ganu !!!

  11. Rohitha says:

    ranila, raviya, saha pambaya mun okkoma ekase treasury bond scam ekata wagakiwayuthui. namuth unta ho anduwata meyin balapaemak wei kiyala hithanta amarui. mahinda hadapu rata winasa karanta american
    indiyan balawatun yodapu eka praharayak pamanai bandumkare scam eka.

  12. Gadol says:

    හිගන්නෙක් වගේ හිරේට යනවා

  13. UNP api says:

    Patta horek nirdoshee wenna dangalanawa. pakse nama kanne nethuwa tolonchi welaa pala

  14. දූෂන වලට සම්බන්ඩ දේශපාලුවන් නිදහසේ ඉන්න ලෝකේ එකම රට .

  15. indunil says:

    hingananagen horakam karana kenkk…..

Main News