මගඩියට පෙරදා මහ බැංකුවට ගිය බව පිලිගනී.. බැදුම්කර කොමිසම හමුවේ මලික්-කබීර් දුන් සාක්‍ෂි මෙන්න..

October 11, 2017 at 12:00 pm | lanka C news
මගඩියට පෙරදා මහ බැංකුවට ගිය බව පිලිගනී.. බැදුම්කර කොමිසම හමුවේ මලික්-කබීර් දුන් සාක්‍ෂි මෙන්න..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශණය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අද පෙරවරුවේ ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ කබිර් හෂිම් සාක්‍ෂි ලබා දුන්හ.

ඔවුන් කියා සිටියේ අදාල බැඳුම්කර ගනුදෙනුව සිදුවූ දිනට පෙර දින මහ බැංකුවට ගියේ පසුගිය රජය විසින් මාර්ග සංවර්ධන ව්‍යපෘතිවලට ගෙවිය යතුව තිබු බිලියන 18ක හිග මුදලක් ලබාගැනීම සදහා වූ සාකච්ඡාවකට බවයි.

මහා මාර්ග අමාත්‍යංශය යටතේ බිලියන 3 ක් ඇති නමුත් ඉතිරි මුදල අවශ්‍ය බව එහිදී පැවසුවේ යයි ඔවුන් සදහන් කල අතර එදින සාකච්චාව සදහා රවී කරුණනායක, මලික් සමරවික්‍රම, කබීර් හෂිම් යන ඇමතිවරුන් මෙන්ම මහ බැංකු හා මහා භාණ්ඩාගාර නිලධාරින් සහභාගි වූ බවත් කොමිසමට පැවසූහ.

පසු දිනයේ පැවැත්වීමට තිබූ බැඳුම්කර වෙන්දේසිය ගැන කිසිවක් එහිදී සාකච්චා නොවූ බවත් එජාපයට අර්ජුන් ඇලෝසියස් හෝ ඔහුගේ සමාගමෙන් අරමුදල් ලැබී නැති බවත් ඇමති දෙදෙනා වැඩි දුරටත් කියා සිටියහ.

18,221 Viewers

6 Comments to “මගඩියට පෙරදා මහ බැංකුවට ගිය බව පිලිගනී.. බැදුම්කර කොමිසම හමුවේ මලික්-කබීර් දුන් සාක්‍ෂි මෙන්න..”

  1. Nalaka says:

    tawama thoru muru nidalle neda Sir. Dappula, please give tough time and try to reveal all of information. because country people looking for result.

  2. ponnabahu says:

    කට්ටි පනිමින් සිටි යහපාලන හංස පක්‍ෂයේ සභාපතිවරයා පොලිසිය වෙත ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති, ලංකා හොස්පිටල් හී අධ්‍යක්ෂක, එජාපය ට හිත්වත් තීනියාවල පාලිත හාමුදුරුවෝ ඇතුළු නීතිඥවරුන් පිරිසක් කටයුතු කලේය.
    ඉහත ආයතනයකට ගෑස් සපයන ආයතනයක් මගින් ලබා ගත් ඇ.ඩොලර් මිලියන 2 කට අධික කොමිස් මුදලක් එනම් රුපියල් මිලියන 310 ක් ඇතුළු විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් අයකුගේ නමින් ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශාඛාවේ ගිනුමක් හරහා ගෙන්වා ගත්තේ ඉතා රහසිගතවයි. ඒ ඔස්සේ පරික්ෂණ ඇරැඹූ පොලිසිය වංචා රැසක් මේ වනවිට සොයාගෙන ඇත.ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන ට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.

  3. Asdfg says:

    ඔය එන්නේ 18 ක් ඕන වෙලා තිබ්බා, 3යි අතේ තිබ්බේ, 15ක් හොයල දෙන්න කීවා, 15, 75 උනේ typing error. අනේ අපි හරි හොන්ද වැදගත් මහත් හොරු.

  4. sura says:

    ඔන්න දැන්, මහ ගහේ ප්‍රධාන අතු කීපයක් අහුවෙලා තියෙනවා එල්ලෙන්න.

  5. Raawanaa says:

    Weather it is UNP,SLFP,JVP or LTTE, we should know who are culprits.

  6. සිරා බබා හා හොරු සීය says:

    මන් දන්නේ නැහැ. ඔව් අපි ගියා තමයි. අපි මුකුත් කලේ නැහැ.දෙය්යෝ තමා කලේ. ඔයාලා ඊයේ වැසිකිලි ගියාද… ඔව්/..පිහදා ගත්තද..මතක නෑ…දැන් වයසයි නෙ? ඔව්…වැසිකිලියේ කොකක්ද කලේ….මතක නෑ..එහෙනම් දැන් යන්න බබාලා. ගෙදර යන පාර මතකද?ඔව්..නෑ…සොයා ගෙන යන්නම්. දෙය්යෝ බුදුවන්ද..අපි යන්නද? අනේ දෙය්යන වැසිකිලියට ගියත් විනාඩි පහළොවක් වත් ඕනෙ….කොමිසමේ සාකි දෙන්න විනාඩි 10. කාටද me සුදු ලුනු….හොර රැලක්. රට වෙනුවෙන්.

Leave a Comment

Main News