අපේ ‘අත් බැදලා’.. විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු පළමු දවසේදීම කියයි..

August 24, 2018 at 2:10 pm | lanka C news
අපේ ‘අත් බැදලා’.. විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු පළමු දවසේදීම කියයි..

නඩු ඇසීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රජය විසින් පිහිටුවන ලද විශේෂ මහ අධිකරණය අද දිනයේ සිය පළමු නඩුව කැඳවන ලදී.

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියාව සිටි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව එම රජය සමයේදී ලිට්‍රෝ ගෑස් සමාගමේ මිලියන 500ක් අයථා ලෙස භාවිත කලේ යයි එල්ල වී තිබෙන චෝදනාව මෙම අධිකරණයේ මුල්ම නඩුව ලෙස විභාගයට ගැනිනි.

විනිසුරු සම්පත් අබේකෝන් මහතාගේ සභාපතීත්වයෙන් යුතුව සම්පත් ජයරත්න චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගයට ගනු ලැබිය.

එහිදී විත්තිකරුවන් සිවු දෙනාට චෝදනා පත්‍ර භාර දුන් අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඒවා අධ්‍යනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ඉල්ලා තිබේ.

සභාපති විනිසුරුවරයා එහිදී සඳහන් කර ඇත්තේ තමන්ගේ ‘අත් බැඳ’  (Hands are tied) ඇති බවයි.

මෙම නඩුව සැප්තැම්බර් 19 වැනි දින යලි කැදවීමට එහිදී තීන්දු කර ඇත.

– අන්තර්ජාලයෙනි

37,739 Viewers

7 Comments to “අපේ ‘අත් බැදලා’.. විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු පළමු දවසේදීම කියයි..”

  1. බන්ඩා says:

    ඔය උසාවිය‌ෙන්ම තමය් නුදුරු අනාගතය‌ේදී බැඳුන්කර හ‌ොරකම‌ෙි කැප්ටන් අගමැටියාට මහබැංකුව බිඳ ප්‍රක‌ෝටි ගනන් හ‌ොරා කෑවට දඪුවම් ද‌ෙන්න‌ෙත්.

  2. sakalabujan says:

    ගව, එළු, ඌරු ශුක‍්‍රානු ආනනය තීරු බදු ඉවත් කරයි..

  3. Gadol says:

    එදා සුද්දත් ඉක්මන් උසාවියකින් තමා පුරන් අප්පුව වෙඩි තියා මරා දැමුවේ රට ගැන කතා කලාට

  4. Love nature says:

    නඩුත් හාමුදුරුවන්ගේය බඩුත් හාමුදුරුවන්ගේය යන කියමන සනාථ වෙනවා

  5. JANA says:

    Api okkotoma me wa dakkama le kakiyanawa. Eath attatama api mokada karanne?
    Dan welawa nemeida apith eliyata bahinna?.
    My dear friends, We all want’s to see this regim out? What is our contribution ?
    I think time has come ,that all of us should take to street? Oct.5th has given us the chance.
    Well I hope this so called JO will take the lead and do wright thing.

Main News