මගේ මනස වෙනස් කළේ බුදු දහමෙන්..කොටගම වාචීස්වර හිමියන් විසින්..

October 9, 2017 at 4:40 pm | lanka C news
මගේ මනස වෙනස් කළේ බුදු දහමෙන්..කොටගම වාචීස්වර හිමියන් විසින්..

“සුවපත් මනසක් – සුවැති වැඩබිමක්” යන්න තේමා කර ගනිමින් ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙට (10) දිනට යෙදී ඇත. මෙම දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “වැඩකරන ජනතාවගේ මානසික සෞඛ්‍ය ගැන අපි කථා කරනවා. වැඩකරන ජනතාවට මානසික ආතතිය තිබෙනවා කියා අදහස් පළ වෙනවා. රාජ්‍ය සේවකයින් ජනතාවට නිසි පරිදි සේවය කරන්නේ නම් මානසික ආතතියක් ඇති වන්නේ නැහැ. ජනතාවගේ ප්‍රශ්න තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න ලෙස සළකන්න එපා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා වුනාට වැඩකරන පුද්ගලයෙක්. තනතුරු වලින් පමණයි වෙනස් වන්නේ. මගේ මනස වෙනස් කළේ මහාචාර්ය කොටගම වාචීස්වර හිමියන් විසින්. ඒ බුදුදහම ආශ්‍රයෙන්. උන් වහන්සේ ආන්දෝලනාත්මක සිදුවීම් පවා කියා දුන්නා. කිසිදු දෙයකට බිය නොවීම සහ කියවීම යන අභ්‍යාස මට ලබාදුන්නේ උන් වහන්සේ විසින්.

ඇතැම් වෘත්තීය සමිති එනවා සෞඛ්‍ය නිලධාරීන් හමුවීමට. එම නිලධාරීන් බලන්නේ වෘත්තීය සමිතිවලට කිසිවක් ලබා නොදීමටයි. එවිට දෙගොල්ලන්ටම ආතතිය ඇති වෙනවා. මම නම් බලන්නේ වෘත්තීය සමිති ඉල්ලා සිටින ඉල්ලීම් ලබාදීමටයි. මම අද දින තීන්දුවක් ලබාදුන්නත් ඇතැම් විට මාස 03 කින් වත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. එවැනි ජනතා සේවාවක් ඉටු නොකරන ලෙස මම ඉල්ලා සිටිනවා. දිනපතා රාජ්‍ය සේවකයින් හමුවීමට පැමිණෙන ජනතාවට නිසි ලෙස රාජකාරී ඉටු කරන්න. මට එන්නේ නැති ආතතිය ඔබලාට එන්නේ කොහොම ද කියලා මට ප්‍රශ්නයක්. මටත් ආතතිය හැදුනොත් වෛද්‍ය අධ්‍යාපනයට මොකද වෙන්නේ. මම දේශපාලන කරන්නේ. වමේ ව්‍යාපාරයේ නිරත වන විට තමයි ප්‍රශ්න ඇති වුනේ. ප්‍රශ්න හිතට අරගෙන විසදා ගත යුතුයි. සෑම කෙනෙකුටම ප්‍රශ්න තිබෙනවා. රජ ගෙදරත්, පැල්පතෙත් ප්‍රශ්න තිබෙනවා. විවිධත්වය විතරයි වෙනස්. තමන්ගේ ප්‍රශ්න තමන් ම විසදා ගත යුතුයි. රාජ්‍ය සේවයේ නියුතු වන ප්‍රද්ගලයින් වෘත්තීය සමිති ඉල්ලීම් ලබා දී තිබුනේ නම් විශ්‍රාම යන විට සතුටු වෙන්න පුලුවන්. නීති රීති තද කරගෙන ජනතාවට සේවය කරන්න බැහැ. යම් කිසි පුද්ගලයෙකුගේ මානසික තෘප්තිය ඇති කිරිම තමයි හොදම මානසික වැඩසටහන ලෙස මම හදුන්වන්නේ. හැබැයි අපේ රටේ රාජ්‍ය සේවකයින් රාජකාරී සීමාවේ අත්සන් කරන්නත් බය වෙනවා. ඇතැම් අය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට බයේ ඉන්නවා. ලිපිගොනු කඩිනමින් අවසන් කිරිම තුලින් රාජකාරී ස්ථානයේ මෙන්ම නිවසේ ද මානසික ආයතතිය අඩු වෙනවා.

සෑම දෙයක් පිළිබදව ධනාත්මක චින්තයෙන් බලන්න. ඝෘණාත්මක චින්තනයෙන් බලන්න පුලුවන් පක්ෂ දෙකක් රටේ තිබෙනවා. මොන හොද වැඩේ කළත්, ඔවුන්ට එය වැරැද්දක්. විරෝධතා පවත්වන එකමයි ඔවුන්ගේ දර්ශණය වන්නේ. වෙදකම ඇහැට පෙනෙන දෙයක්. නමුත් තෘප්තිමත් මානසික සෞඛ්‍ය පෙන්වන්න බැහැ. මම නම් සිතන්නේ වැදගත්ම සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය කියලයි. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඇතැම් රෝගීන් ඉන්නවා යළි නිවෙස් කරා යොමු කිරීමට නොහැකිව. එම රෝගීන් ගෙනයාමට පවුලේ ඥාතීන් පවා අකමැත්තක් දක්වනවා. බොහෝ රෝගීන් සුවපත් වී සිටින්නේ. නමුත් රෝගීන් ඇතුලත් කිරීමේ දී ව්‍යාජ ලිපින පවා ලබා දී තිබෙනවා. එම නිසා ගැටලු රැසක් මතුව තිබෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සහ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ චිතුමාලී ද සිල්වා මහත්මිය ඇතුලු සෞඛ්‍ය සේවකයින් රැසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

6,017 Viewers

8 Comments to “මගේ මනස වෙනස් කළේ බුදු දහමෙන්..කොටගම වාචීස්වර හිමියන් විසින්..”

  1. ගංජම්මා says:

    අගමැති පුටුවේ ඉඳගන්න මේ දන්තයා කරන වෙස් මාරුව!

  2. Gema says:

    Mr. Rajitha, don’t insult that erudite monk who passed away during a UNP regime, under mysterious circumstances. He spoke against UNP atrocities and passed away in the operation theater.

  3. wikkamasinha says:

    තමන්ගේ ආරක්‍ෂාව තමන්ම විසඳා ගන්න​.
    තමන්ගේ ආතතිය තමන්ම නැති කර ගන්න​.
    තමන්ගේ ප්‍රශ්ණ තමන්ම විසඳා ගන්න​.
    අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඇතැම් රෝගීන් ඉන්නවා යළි නිවෙස් කරා යොමු කිරීමට නොහැකිව. එම රෝගීන් ගෙනයාමට පවුලේ ඥාතීන් පවා අකමැත්තක් දක්වනවා.
    ජනතාවට අරහං වෙච්ච සමහර දේශපාලඥයින් ඉන්නවා.ඔවුන්ට මනාප දෙන්න ජනතාව අකමැත්තෙන් ඉන්නවා.ඒත් උන් බලයේ ඉන්නවා.

  4. Gamunu Dias says:

    මොහු කියන්නේ අමුලික බොරු. රාජිත නාලන්ද විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ කරන විට කොටගම වාචිස්සර හිමියන් අපවත් වුයේ.

    මොහු ආනන්දයට අවේ උසස් පෙළ හැදෑරීමටය. ඒ වනවිට කොටගම වාචිස්සර මෙලොවින් තුරන්ව ගොස්ය.

  5. Boo says:

    අනුන්ට ධනාත්මකව හැම දෙයක්ම බලන්න කියන මේ කුණු දතාට මොකද එහෙනං බැරි පහුගිය ආණ්ඩුව ගැන ධනාත්මකව බලන්න?

  6. Brahmana says:

    මූ බෞද්ධයෙක් වගේ පෙන්නන්ඩ හැදුවට ඇත්තටම කතෝලිකයෙක්.
    මිනිහයි දොස්තර ජයලත් ජයවර්ධනයි
    කසින්ස්ලා.

  7. ගමරාළ says:

    බුදු දහම පිලිපදිනවා නම් මේ වගේ පකිස් බූරුවන් බිහි වෙනවද? බුදු දහමට නිගානොදී තව නැව් ගනින් ඒකට කමක් නැහ. මැරෙන කොට නැවෙන්ම ගිය හැකිනෙ.

  8. ගමරාළ says:

    බුදු දහම පිලිපදිනවා නම් මේ වගේ පකිස් බූරුවන් බිහි වෙනවද? බුදු දහමට නිගානොදී තව නැව් ගනින් ඒකට කමක් නැහ. මැරෙන කොට නැවෙන්ම ගිය හැකිනෙ. කම්බ හොරා තව කටමැතත් දොඩවනවා.

Leave a Comment

Main News