මගේ රහත්බව පරීක්‍ෂා කරන්න ජනාධිපති කවුද.. පිටිදුවේ හිමි ජනාධිපතිට ත‍්‍රිපිටකයෙන් අමතයි..

October 13, 2017 at 12:15 am | lanka C news
මගේ රහත්බව පරීක්‍ෂා කරන්න ජනාධිපති කවුද.. පිටිදුවේ හිමි ජනාධිපතිට ත‍්‍රිපිටකයෙන් අමතයි..

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සරි සමන්තභද්‍ර හිමියන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපයක් පහතින් දැක්වෙයි.

2017 10 12
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01,

අතිගරු ජනාධිපතිතුමනි.

බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලයේ ත්‍රිකුණාමලේ ආනන්ද නා හිමි හා අගලකඩ සිරිසුමන හිමි  මගින් ඔබතුමා වෙත ඉදිරිපත් කොට ඇති සාවධ්‍ය ලිපිය සම්බන්ධව

උක්ත ලිපියෙහි සඳහන් පරිදි එම හිමිවරුන් පවසා ඇත්තේ මා විසින් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පුජනිය දළදා වහන්සේ හා ළලාට ධාතුන් වහන්සේ උරූ දතකට හා සිප්පි කටුවකට සමාන කර ඇති බවයි. මෙය මුළුමනින්ම සාවධ්‍ය පුවතකි. නි ධර්ම දේශනාවක දි පැහැදිලි කල  උපමාව හා උපමේය නිසියාකාරව තේරුම් ගැනීමට අසමත්කම, එම වීඩියෝ පටය නිසියාකාරව නොබැලීම හෝසි විශ්ලේෂණයකින් තොරව කවුරුන් හෝ ප්‍රකාශ කරන ලද කරුණු සත්‍ය යැයි සිතා නුගත් කමින් මෙවැනි අදහස් පල කොට මෙරටෙහි අතිගරු ජනාධිපති වරයා මෙන්ම සමස්ත සමාජයම නොමගයැවීමේ මෙවැනි පහත් ක්‍රියාවන් අප කිසිසේත්ම අනුමත නොකරන්නෙමු. මා හට නැවතත් කීමට ඇත්තේ එම වීඩියෝ පටය නැවතත් නරඹන ලෙසය.එය අද වන විට මෙරට තුල බොහෝ සර්වඥ ධාතුන් වහන්සේලා යැයි ලේබල් ගසා බොදු ජනයා මිත්‍යාවෙන් හා බොරුවෙන් රවටමින් සිප්පි කටු, සත්ව දත් කොටස් හා අශ්ව කෙඳි සර්වඥ ධාතුන් යැයි පවසා මහජන මුදල් ගසා කන ව්‍යාපාර පිළිබඳව සිදු කරන හෙළිදරව්වක් විනා එහි දී මා විසින් කිසිඳු අයුරකින් පුජනිය දළදා වහන්සේ හා ලලාට ධාතුන් වහන්සේට අපහස කොට නැත.

තවදුරටත් උන්වහන්සේලා දෙනම පවසන්නේ මා රහතන්වහන්සේ නමක් ලෙස නිර්ලජ්ජිතව පෙනී සිටින බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසද ඔබ තුමාගෙන් අයැද තිබේ. මේ සම්බන්ධයෙන් උන්වහන්සේලා කල යුත්තේ රටෙහි ජනාධිපතිවරයා හට  ලිපි ලිවීම නවතා උන්වහන්සේලා දෙනම පැමිණ, මා සැබෑවටම සත්‍යාවබෝධ කලේද නැද්ද යන්න පරික්ෂා කිරීමය. මක්නිසාද ඒ මාර්ගය හා දහම පිළිබඳවද කරුණු කාරණා නිසි පරිදි අවබෝධ කර ඇත්තේ උන්වහන්සේලා මිස දේශපාලන ප්‍රවීනයන් නොවන බැවිනි. මෙම හිමිවරු දැනට අවුරුදු 7 ක කාලයක සිටම මෙලෙස ලිපි සකස් කරමින් සිටියි. එහෙත් ඉන් කිසිඳු ප්‍රථිපලයක් නොමැත්තේ උන්වහන්සේලා හට මා ඉදිරියට විත් සත්‍ය, අසත්‍ය කුමක්දැයි සාකච්චා කිරීමට තරම්වත්  ආත්ම ශක්තියක්  හා විශ්වාසයක් නොමැති කමයි.

එසේම ඕනෑම භික්ෂුවකට විප්ලවවාදී අදහස් දැරිය හැක. එසේ පවසන්නේ සමාජයේ පවතින මිත්‍යාව කණ්ඩනය කොට සත්‍ය සමාජගත කිරීමට විනා රැකියා කොට මාසික වේතන බලාපොරොත්තුවෙන් නොවේය. බුදු දහම යනු වෙහෙර විහාර හෝ ගොඩනැගිලි නොවේය. එය හුදෙක් ගෞතම බුදුන් වහන්සේගේ පණිවිඩයයි. එවකට ජිවත් සිටි වල්පොල රාහුල වැනි ශ්‍රේෂ්ඨ විප්ලවවාදී භික්ෂුන්ගේ ” සත්‍යෝදය” , ” භික්ෂුවකගේ උරුමය” වැනි ග්‍රන්ථ මෙම හිමිවරු දෙනම කියවා නැත. එදා එම ශ්‍රේෂ්ඨ යතිවරු සමාජයේ සාම්ප්‍රදායිකව අටුවම් බැසගත් අදහස් බැහැර කරමින් සමාජයට ගැලපෙන නව අදහස් ඉදිරිපත් කල ද ඒවා වටහා ගැනීමට තරම් ප්‍රඥාවන්ත හා ප්‍රබුද්ධ සමාජක් බිහි නොවුයේ මෙවැනිම නුගත් භික්ෂුන් එදා ජිවත් වෙමින් සමාජය නොමග යවන කරුණු ඉදිරපත් කළ නිසාය.

කෙසේවෙතත් මෙම කරුණු පිළිබවද ත්‍රිකුණාමලේ ආනන්ද නා හිමි හා අගලකඩ සිරිසුමන හිමි යන  දෙනමට පැවසීමට ඇත්තේ ඔබ දේපල සමග ඕනෑම මොහොතක විවෘත සභාවක හෝ මාධ්‍ය ඔස්සේ  මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්චා කිරීමට හැකි බවත් එහිදි ඔබවහන්සේලා නිවැරදි ද මා නිවැරදි ද යන්න තීරණය කොට එම තීරණය ඔබතුමා හට දන්වන ලෙසටය.

මේ වගට

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ.

පිටපත් :-බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලය

93,064 Viewers

54 Comments to “මගේ රහත්බව පරීක්‍ෂා කරන්න ජනාධිපති කවුද.. පිටිදුවේ හිමි ජනාධිපතිට ත‍්‍රිපිටකයෙන් අමතයි..”

  1. රොන් says:

    තාවකාලික රහත්බව අවසන්වි අඳනකඩෙත් නැතිව දුවන දිනය පැමිණෙනතුරු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

    • දහනායක says:

      මේ හාමුදුරුවරු ජනපතිට කියල තියෙන දේ ඉතාම නිවැරදියි .ජනපතිතුමාට රාජයේ ප්‍රධානියා හැටියටත් තවමත් වියවස්තාවෙන් බුදුදහමට ප්‍රමුකත්වය දෙනු ලැබේ කියන වගන්තිය දුර්වල කරලා නැතිනිසාත් අනිවාර්යෙන්ම යුතුකමක් හා බලයක් තියනව රටේ බහුතරයකගේ ආගම වන බුදුදහම ඉතාම කුට විදියට තමුන්ට ගැලපෙන ලෙස වෙනස් කරලා අවශ්‍ය කොටස් පමණක් අරගෙන විකෘති දෙයක් දෙසලා ඒ දහම විනාස කරන ඒ වගේම රටේ බහුතරයකගේ වැදුම්පිදුම් ලබන පුජනිය වස්තුන්ට නිග්‍රහ කිරීම පුජ්‍නිය බික්ෂුන්වහන්සේලාට ඉතාම සාහසික විදියට මාද්යයේ අපහාස කිරීම ගැන නඩුවක් දමලා අදාළ පුද්ගලයා ට සුදුසු දඩුවමක් දෙන්න .
      ජනපතුතුමා කැමතිනම් මේ පුද්ගලයාට විරුද්දව නඩු පවරන්න කටයුතු කරන්න පුළුවන් ඊට පෙර ඔහුව අත් අඩංගුවට ගන්නත් පුළුවන් .
      රටේ බහුතර ජනතාව අහන්නේ අයි ජනපතිඋතුමා බෞද්දයෙක් නම් මේ බොරුකරයාව අත් අඩංගුවට ගන්නේ නැත්තේ කියල .

      • ලක්ෂිත says:

        දැන් මුනිලා වගාවට බැහැල .වියාපාර කරනවා මැල්සිරිපුර .වගාව කරන ගමන් අනික් උන්ගෙන් අහනවා මොනවද තියෙන චෝදනා මැල්සිරිපුර ෆාම් එක ගැන කියල .යකුනේ බුදුහාමුදුරුවෝ කිව්වද තමුන්ගේ බික්ෂුන්වහන්සේලාට වගා කරපල්ලා ෆාම් දාගෙන කුකුල්ලු ඇතිකරපල්ලා කියල ?
        දැන් පිටිදුවේ දාල තියෙන්නේ ෆාම් අසපුවක් .අලුත්ම අදහසක් දානයක් දෙන්න යන අයට අසපුවේ එළවලු අසපුවේ කුකුල්ලු මිලට ගන්න පුළුවන් ගෙදර යනකොට අසපුවේ කුකුල්මස් අසපුවේ එළවලු මිලට ගන්න පුළුවන් .ඔය අසපුවේ කුතොඉ හදලා තියෙන්නෙත් විලාසිතාවට ඒසී කරපු යස කුටි සමහර ඒවා එංගලන්තේ ගෙවල් වගේ .ඉංගිරිසි පන්ති මුවාවෙන් වෙන දේවලුත් වෙන්ව කියල ආරංචියි ඒවා ඉතින් වැඩිකල් යන්න ඉස්සරවෙලා ගම්මු බලාගනිවී .පිටරට ඉන්න සල්ලි තියෙන මෝඩ ලුම්පන් පන්තිය තමනුත් ප්‍රබුද්දයි කියල ලෝකෙට පෙන්වන්න තමා මේ කුටි මිලට ගන්නේ මේක මාර බිස්නස් එක .
        සමන්ත බද්ද මාර බිස්නස් අයිඩියා කාරයෙක් මාර බ්‍රෑන්ඩ් එක කොහෙන්ද උපදෙස් ගන්නේ ඇමෙරිකාවේන් ද?

  2. Gobila says:

    Me chewardariaya amu pissek, yako muge modaka simawak tiyenna ona. e madiwata “Arahath” kiyala dagena…. muge Mamathwaya perenawa..

    • Eknali goda ko Tiya says:

      තමුන්ට ඉහත ලිපිය තේරුම් ගන්න බුද්ධිමය හැකියාවක් නෑ කියන එක තමයි ඔය කොප්මෙන්ටුවෙන් තේරෙන්නෙ,.

      • CORBRA says:

        සමන්තභද්‍ර හිමියනි ,ව්‍යාජ රහත්බවක් බවක් මවා පෙන්වමින් කරන සාසන විනාශය නතර කරන්න
        තිරුපති අදහන සිරිසේනට බුදු දහම ගැන කුමන වැටහිමක්ද ?

  3. කෝසල සේන says:

    ජටිල සුත්‍රය සිහිපත් වුනා දෙවියනේ …
    එදා කොසොල් රජාත් ගෞතම බුදුන් ඉස්සරහ මේ දේම අහගත්තා. කම්සැප විඳින , ස්ත්‍රීන් ඇසුරු කරන ඔබ තුමා කෙසේද කෙනෙක් රහත් ද නැද්ද කියලා කියන්නේ …………………….. ඔන්න අයෙත් එකම වෙන්න යනවා වගේ ,,සාදු සාදු අනුමොදත

    • සුවදා says:

      මුගේ මෝඩ ගෝලයෝ බයවෙලා හොර රහතා උපැවිදි කොරයි කියල .මිනිහගේ බාවිතාවේ කරුණු දැකලා මේකා රහත් නෙවෙයි කියල අවබෝද කරගන්න බැරි මුන් මොනතරම් මෝඩයෝද ?මොකද මුන් ජීවිතේට නියම ස්වාමින්වහන්සේලාගෙන් බන අහලා නෑ අහල තියෙන්නේ මේ හොර තක්කඩියාගේ වයිරය වපුරුවන වයිරබන .
      වික්ටර් ගේ ” ස” වගේ
      අර මල් පොන්නයාගේ පොන්න ප වගේ
      සමන්ත බඩ්ඩ ගේ වයිර බ
      වයිර බ

      • සාත්තර ගුරුන්නාන්සේ says:

        @කෝසල සේන මට හිතෙන්නේ උඹ හරි. තව දෙයක් මට මේ කොටපුවා කියෙව්වම මෙහෙම දෙයක් දැනෙනවා. එක්කෝ ගොඩක් උන් වෙන ආගම් වල උන් , එක්කෝ සිව්රට මුවා වෙලා බලු කම් කරන උන්. එක හොඳට තේරෙනවා. මෙතන කොම්මෙන්ට් ගහන්න තියන අමාරුව වෙන දෙකදී නැනේ බන්. මෙතන කොටලා වීරයෝ වෙන්න බෑ. හොඳම වැඩේ ප්‍රශ්නේ තියෙන්නේ මේ හමුදුරුවොන්ගේනේ ඉතින් මෙයා අබියෝග කරනවනේ , හොඳම වැඩේ කව්රුහරි හාමුදුරුවෝ කෙනෙක් මේ අබියෝගය බාරගන්න 1ක. ප්‍රසිද්ද මාධ්‍යක මේ වැඩේ වෙන්න ඕනි. එතකොට පුළුවන් වෙයි අපිට ගොඩක් දේ තේරුම ගන්න. ලියුම් ගහල වැඩක් නෑ ඕක කිසි තේරුමක් නෑ.

        • සුදේශ් says:

          උඹල ඔය ආරාධනාව වැඩිය කරන්න එපා මොකද උඹලගේ ඔය මනුස්සයා එක්ක කවුරුත් වාදයට එන්නේ නැත්තේ ඌගේ තර්කයට තියෙන බයෙන් නෙවෙයි අපි අපිටම උඩබලාගෙන කෙල ගහගන්න කැමති නැති නිසයි .හැබැයි ඔය බඩ්ඩයා කරන කියන දේවල් නිසාත් උඹලා මහා ලොකු මිනිස්සු වගේ ඔය කරන අරාධනා නිසාත් බොහොම ඉක්මනට ලංකාවේ ඉන්න ශේස්තම හාමුදුරුවරු ඔය බඩ්ඩට සංවාදයකට එන්න කියාවි අන්න එදාට උඹලගේ මහා මුනියට හැංගිලා ඉන්න තමා වෙන්නේ .
          දැන් වීරයා වගේ වරෙන් වරෙන් කිව්වට ඇත්තටම ආපු දාට ඌ ඉවර බව මතක තියාගනින්

          • තීක්ෂණ says:

            මම පැත්තක් ගන්න කෙනෙක් නෙවෙයි මම මෙතෙන සමන්ත බද්දගේ ගෝලයන්ගේ කොමෙන්ට් කියෙව්වා ඒවා කියවල මට තේරුම් ගිය කාරණය තමා පසුගිය කාලේ මේ රටේ ලොකු ආන්දෝලන ඇතිකළ අපේ මර්වින් රහත් කෙනෙක් වෙන්න පුළුවන් කියන එක .
            මොකද මෙතැන අපේ මුනිඩු ගේ ගෝලයන් කියන විදියට තමා රහත්වෙලා කියල දන්නේ තමා පමණයි . රහතුන් කෙනෙක් මෙහෙමයි කියල කියන්න බෑ .
            ඉතින් සමන්ත බද්ද රහත් නම් අනිවාර්යෙන්ම මර්විනුත් රහත් කෙනෙක් වෙන්න පුළුවන් .මොකද දෙන්නගේම සමානකම් තියෙනව දෙන්නම වැඩි වෙන්ස්කම් නැති දෙදෙනෙක් .දෙන්නම මාද්‍ය සංදර්ශන වලට කැමතියි ,දෙන්නම ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්න කැමතියි, දෙන්නම ගායකයෝ නළුවෝ ආශ්‍රය කරනවා ,දෙන්නගෙම වචන සංවරය නෑ දෙන්නම “මම ” කියන වචනයට හරි කැමතියි .දෙන්නම මොනවහරි කියල “මම කියපු දේ තේරුනා නේද “කියල අහනවා ,දෙන්නටම ප්‍රිය මාද්‍ය ආයතන තියෙනව .ඉතින් මෙයාගේ ගෝලයන්ගෙන් අපි අහන්නේ උඹලා කියන තියරිය අනුව මර්වින් රහත්වෙලා නෑ කියල කියන්න උඹලට බෑ නේද ?
            මම කියන්නේ සමන්ත බද්ද රහත් කෙනෙක් නම් මර්විනුත් රහත් කෙනෙක් .
            ඔබ මේ ගැන කියන්නේ කුමක්ද ?

          • Dilan says:

            කවුද එන්නෙ. අර මහානායක කියාගෙන ඉන්න පොන්න set ඒක ද ?

          • harshana says:

            මචන් තීක්ෂණ සමන්ත බැද්දගේ සෙට් එක උඹේ ඔය තර්කයට උත්තර දෙන්න එන්නේ නෑ මොකද උන්ගේම තර්ක අනුව උන්ට උඹේ කතාව ප්‍රතික්ෂේප කරන්න බෑ උන්ට පිළිගන්න වෙන්ව සමන්ත බද්ද රහත් නම් මර්විනුත් රහත් වුනු කෙනෙක් කියල

    • Vasana says:

      පිටිදුවේ හිමියන් ගැන , ඒ හිමියන්ගේ ක්‍රියාකලාපය ගැන සොයා බලා තීරණ ගත යුත්තේ අපේ රටේ සිටින ගෞරවනීය මහා නිකායවල මහා සංඝ රත්නයයි ජනපති වූ පමණින් ගිහියෙක් කෙසේද සාසනයේ විනය හෝ බුදු දහම ගැන දන්නේ ?
      විශේෂයෙන් දේශද්‍රෝහී පාලකයෙක් ..
      .NGO ලාගෙන් යැපෙන පිටිදුවේ හිමියන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියාවලට අනුබල දෙන්නේ රටේ සිටින දේශපාලන ලොක්කෝ ..උතුරු නැගෙනහිර සිදුවන බෞද්ධ විරෝධී ක්‍රියාවලට කිසිම දිනක විරුද් ධව ප්‍රකාශයක් නොකළ ජනපති ගැන
      කුමන විශ්වාසයක්ද ? පබයකුට ලිපියක් යැවීමෙන් ඇති පලය කුමක්ද ?
      සිරිසේන සිංහල බෞද්ධ විරෝධියෙක් …රට ජාතිය පාවාදෙන්නෙක් ..එවැන්නෙකු තනතුරෙන් නෙරපා දැමීමයි කලයුත්තේ

  4. Shan says:

    දැන් වත් ලියුම් නොලිය දාර්ශනික සංවාදයකට උන්වහන්සේ සමග පැමිනෙන්න…ජනාදිපතිගෙන් බන අහන්න බෑනෙ මිනිස්සුන්ට..ජානාදිපති ඉන්නෙ රට පාලනය කරන්න.දේශපාලනයට දර්මය ගාවගන්න එපා.ඔහෙල ඉස්සර ඉදන්ම කලේ ඕක.කෙනෙක් පහල වෙලා දර්මය කිව්වොත් ඔහෙල ඇමතිල මන්ත්‍රීල පස්සෙන් යනව..ෆ්හැන් වත් ඔය විලිලැජ්ජ නැති වැඩේ නවත්වල එලියට ඇවිත් සාකච්ඡා කරන්න.

  5. සිංහල ශ්‍රී ලංකා says:

    ඔය ගණින්නාන්සේලා කොහෙද ධර්මයක් දන්නේ.උන් මහණ වෙච්ච දවසේ ඉදලා කරන්නේ අනුන්ගේ රෙදි හෝදන එක.උන් වගේ වජ්ජිපුත්තක න්‍යාය අනුගමනය කරලා කහවණු පිණ්ඩපාතේ ගියානම් අන්න ශාසනය රකින භික්ෂූන්.මහානායකගේ ඉදන්ම කරන්නේ බුදුහාමුදුරුවොයි,ධර්මයයි විකුණලා මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්න එක.එහෙව් උන්ට ඇත්ත කියද්දි ගොඩක් රිදෙනවා.මොකද පාර වදින්නේ උන්ගේ බඩගෝස්තරේට

    • සුභාවිත says:

      මොකද බන් මහා මුනිගෙන් බන අහන සිත නිවාගන්න තිතටම මුනිගෙන් බේත් ගන්න උඹලා මෙහෙම වයිරයෙන් තරහවෙන් ලියන්නේ ? මුනි උඹලට කියල දෙන විදිය නේද ඔය ?
      අනේ මිනිසුනේ උඹලා නියම හාම්දුඋරුවන්ගෙන් බන අහල තියෙනවද ?කිසිම කෙනෙකුට වයිරය වපුරුවන්නේ නැතිව ගවුතම බුදුහාමුදරුවන්ගේ බන බොහොම සරලව පැහැදිලි කරලා දෙන හාමුදුරුවරුන්ගේ බන .?උඹලගේ මුනි බන කියනව නෙවෙයි මෝඩයෝ මිනිහා වයිරය වපුරුවනවා තමුන්ව උඹල වගේ මෝඩයෝ ඉස්සර ඔසවල තබනවා .මොලේ අඩුකමක් තියෙන සෙට් එකක් එහෙයි කියාගෙන ඒ වයිර කතා අහගෙන ඉන්නවා .උඹලට බන අහන්න ඕනානම් ගුව්න්විදිලියේ රාත්‍රී 8 බණ ,බෞද්දයා නාලිකාවේ උදේ අටේ බන අහපල්ලා .දැන් මාස ගණනාවක් තිස්සේ සිත ගැන බොහොම පැහැදිලිව කියල දෙනවා හාමුදුරුවන්ගේ නම දාන්නේ නැත්තේ ඒ උත්තම හාමුදුරුවන්ට උඹලා මෙතෙන වයිර වපුරාවී කියල සිතලා .ඒවගේ හාමුදුරුවරු එක්ක සසදුවාම උඹලගේ මුනි නිකම්ම නිකන් පවුකාර මෝඩයෙක් විතරයි බන්
      සත්‍ය දන්නා මිනිස්සු උඹලගේ මුනිට බනින්නේ එකයි .මේ රටේ ඉන්න පොඩි කුලකයක් විතරයි උඹලගේ මුනි අදහන්නේ .මිනිහ මඩහාපොළ මැල්සිරිපුර අසපු ගොවි කදවුරේ කරන දේවල් දානවානම් මේ රටේ මිනිස්සු හෙටම මුනිව අල්ලලා උපැවිදි කරාවි

      • Kalinga says:

        machan govikadawure karana dewal sakshi athiwa kiyanna puluwannam prasiddiye kiyapalla ethakota swadeena minissunta theeranayakata enna lesiyi.

        • නිවන්ත says:

          මඩහපොල පැත්තේ කඩ මන්ඩියකට ගියාම දැනගන්න පුළුවන් ගොවිපොළේ ඉංග්‍රීසි පන්ති තියෙලා එකේ ඉන්න ඇහැට කනට පෙන ගෑනු ළමයි න් ට ගොවිපලට එන්න කියල ඊට පස්සේ වෙන දේවල් .දැනට ගම්වල ඕවා ගැන කටකතා යනවා ඔය වැඩේ බොහොම ඉක්මනට ඇවිස්සිලා එනවා අන්න එදාට උඹලගේ ගොවිපල ගමේ මිනිස්සු සමතලා කරාවි .අර නාඋයනේ අරියදම්ම හාම්දුරුවන් වගේ උගත් සික්ශාකාමි නිහතමානි හාමුදුරුවෝ තමා මඩහපොල මෙතුවක් කල් හිටියේ .මේ දෙවදත්ත් නිකායේ තක්කඩි ගිහිල්ල ඒ ගමත් කනවා

          • SWRD says:

            ඔය වගේ ප්‍රාථමික චෝදනා හිතලු ලියල වැඩක් නෑ. ඕව පුස් කාපු කතා. කෙල්ලො ගෙන්න ගන්නව කියන ඒව දැන් අවුට් ඩේටඩ් . ඔය බොරු වලත රැවටුනේ ඉස්සර මිනිස්සු.

          • කිෂාන් says:

            අනිවාර්යෙන්ම මචන් දැන් කවුද කෙල්ලෝ ගෙන්නගන්නේ නේද දැන් කාලේ කෙල්ලෝ තමුන්ම එනවා නේද ? බෞද්ද නායකත්ව පුහුණුව කියල නම දාගත්තම කණ්ඩායම් නායිකා කියල තනතුරු දුන්නම කෙල්ලෝ නිකම්ම හොයාගෙන එනව නේද ?කොහොමත් ඉතින් අක්කර පනහක තියෙන ගොවිපලේ ප්‍රධාන කුටියේ කොළඹින් ලොක්කා ආවම වෙන දේවල් හොයන්න කාටද පුළුවන් .අපි දන්නවා ඔය කුටි වලට අනුග්‍රාහක නෝනලා නම් රට ඉඳන්ම එනවා කියල ඒවාගේ සැප ගන්න .

      • kim says:

        බෞද්ධයා නාලිකාවේ උත්තම හාමුදුරුවන් කෙනෙකුට කියන්නකො මේ හාමුදුරුවොන් ගෙන් ප්‍රසිද්ධ තැනකදි ප්‍රශ්න කරන්න කියලා? ඇයි ඒ වැඩේ නොකරන්නෙ?

        • sinha le says:

          kim උබ බෞද්ධයෙක් නොවේ. නොදන්නා දේවල් ගැන කතා නොකර හිටු

      • සුභාවිත 2 says:

        සුභාවිත අනේ පලයන් බං යන්ට.බූදල් රැක රැක,බුදුහාමුදුරුවන්ගේ දේශනාව කෙලෙසන,කුල භේදය කරේ තියාගත්ත,බූදල් රකින මහානායක කියාගත්ත උන්නාන්සේලාට නම්බු නාම දීලා කතාකරන්ට කියලාද උඹ කියන්නේ ?
        අනික ඔය ගණින්නාන්සේලාගේ වැඩ දන්නවානම් ඉස්සරෝම සිවුර ගලවලා තට්ටේ තාර ගාලා පන්නන්නේ මිනිස්සු.
        උඹ පුළුවන්නන් ගොවි අසපුවේ කරන වැරදි සාක්ෂි ඇතිව ඔප්පු කරපන්.ඔප්පු නොකරොත් උඹ මුසාවාද කියන අබෞද්ධ,දීන,නීච ගති තියෙන පව්කාරයෙක්.හොද බණ අහලා අහපු බණේ හොදට පිලිපදින හින්දා වෙන්ට ඇති නේද ඔය ලෝකේ නැති බොරු කියන්නේ.

        • සුභාවිත says:

          දැන් උඹ බන අහන්නේ මුනිගෙන් නේද ?ඔහු කියන්නේ බුදුහිමියන් දෙසු බණද?
          බුදුහිමියන් කෙනෙකුට සාරීරික පිඩා කිරීමට වදාලා තිබේද ?
          ඔය උඹ කියන්නේ උඹේ මුනිම උඹ්ලාට උගන්වන වෛර අදහස් නොවේද ?
          එවැනි වයිරි අදහස් තිබෙන කෙනෙකු ළඟ තිබෙන රහත් බව කුමක්ද ?
          කොහෙද යන පිස්සෙක් රහත් කියන හිතාගෙන ඉන්න මේ මිනිස්සු මොන තරම් මෝඩද ?

  6. ඥානඥොක්කිත says:

    මොකෙක්වත් එන්නේ නෑ සමන්තභද්‍ර ඉස්සරහට. අර ඒ කාලේ වගේ පරද්දගන්න බැරිකමට රජාට කෙලාම් කිය කිය දඟලන පූජකයෝ සෙට් එකක් ඉන්නේ අද!

    • kaniya says:

      මම අහල තියෙනව නරියෙක් සිංහයෙකුට අබියෝග කලාලු සටනට
      පස්සේ නරියා ගිහිල්ල අසුචි ගොඩක ගිලිලා අසුචි නාගෙන ආවලු
      සිංහයා නරියාව දැක්ක ගමන් මේ අසුචි ගාගත් හිරිකිත සතාට නියපාරක් හරි ගැහුවොත් මගේ ඇඟේ මුගේ අසුචි විසිවෙනවා කියල හිතලා අනෙක් පැත්ත හැරිලා යන්න ගියාලු .
      මේ මහා මුනියාත් අන්න ඒ හිවල වගේ චරිතයක් .දැන් බලන්න දන්ත දාතුන්වහන්සේලාට කියපු දේ දැන් බලන්න මොනව උනත් රටට විරුද්ද උනත් මහානායක ස්වාමින් වහන්සේලාට කතා කරපු කැත විදිය . චිහ් ඔය රහත් කෙනෙක්ද ?රහතුන්වහන්සේලාට අපහාස කරන්න රහත් කියල කියාගන්න කෙනෙක් බව තමා මේ රටේ බහුතරයකට මෙයාව පෙන්නේ .
      දැන් බලන්න මෙයාගේ අග්‍ර ශ්‍රාවකයෙක් වන මෙයාගෙන් ගුරුහරුකම් ගන්න (හැබැයි අපිට හිතෙන්නේ අග්‍ර ශ්‍රාවකයාගෙන් මෙයා ගුරුහරුකම් සහ තවත් දේවල් ගන්න බව තමයි ) අර සංගීත ටින්කර් ගහගෙන තියෙනගොම් බෙට්ට .
      රහතුන්වහන්සේ කෙනෙක් ආශ්‍රය කරල ගුරුහරුකම් අරගෙන ඔය වගේ තත්වයකට වැටෙනවද ?

      • ඥානඥොක්කිත says:

        අගලකඩයගෙ රෙදි හෝදන්න ආවද ඒ ගමන? නරියා අසූචී ගාගෙන තවම ඇවිල්ලත් නැතුව දුර තියා මෙහෙම එයි කියලා හිතාගෙන රාජා ගාවට බඩගාන මහ පෙඳි සිංහයෝ නේ බං දැන් ඉන්නෙ😂😂 අසූචි වලට බය සිංහයාගේ ඇති සිංහ කම මොකක්ද බන්? උගේ ශක්තිය අසූචි බාල්දියක් ඉස්සරහ ඉවරයි! තවත් කිච නොවි යන්ඩ😂 ගලකඩන්නාන්සේ එයාගේ ගෝල බාලයෝ ටික එවලා සිංහල ටියුශන් එක පැත්තකින් තියලා! අනේ හුකේ!

        • sudesh says:

          සමන්ත බද්ද උඹලට උගන්වන්නේ වයිරකරන්නද ? කියපන් බලන්න සමත බද්දගේ ගෝලයෝ මොකද මෙච්චර භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ නලියන්නේ එයා ගැන ප්‍රශ්න කලාම.

  7. ramith says:

    “කැබිනට් එකේ මම කතාකරන කොටත් කට්ටිය කනේ වයර් කෑලි ගහගෙන ඉන්නෙ ඊට පස්සෙ මම ෆෝන් කැබිනට් එකට ගේන එක නැවැත්තුව”

    මීට සරල ජනාදිපති.

    මගේ ලග ඉන්න එවුන්ම මම කියනදේ අහන්නෙ නැතුව මොන රහත් බවක්ද අපෙ හාමුදුරුවනේ.

  8. ගඩයා says:

    හරි සරලයි, ඔබ වහන්සේ ගෙ අැසක් ගලවලා නැති කෙනෙකුට බද්ධ කරන්න පරිත්‍යාග කරන්න. අල්ලා ගැනීමක් නැති නිසා ඇනස්තීසියා (හිරි වට්ටන්න) ඕනෙත් නැහැ. ඒ වෙලාවෙම කපලා ගතහැකි නෙ?

    • Sithum says:

      එහෙනම් Mr. බොජ්ජන්ග පිරිත් වල ති‍යෙන්නෙ (මහා කශ්‍යප බොජ්ජග) “කච්චි” කියලා එ කියන්නෙ “වෙදනවක් දනෙනෙවද” කියල අහන්නේ මහා කශ්‍යප රහාතන් වහන්සෙගෙන්… ඔබ කියන විදියට උනවහන්සේත් රහත් නැහැ… (නිකන් දහම දන්නේ නැතිව දහම් පසල් පොත් කියවලා comment ලියලා මිනිස්සු නොමග යවන්න එපා…)

      • ගඩයා says:

        මගෙ පිලිතුර නැවත කියවන්න. ‘අල්ලා ගැනීමක්’ නැහැ කියලයි කිව්වේ. දැන් නිවී සැනසිල්ලේ ප්‍රඥාව මෙහෙයවන්න.

  9. සුදත් says:

    උඹලා මේ මනුස්සයාට මුකුත් කියන්න එපා මෙයා රහත් කෙනෙක් තමයි .රහතන්වන්සේලා ගේ සාධු ලක්ෂණ ,බාෂාව,වයිර නැතිබව , පැවැත්ම මෙයාගේ ලිපියේ වචනයක් වචනයක් පාසා පෙන්නේ නැද්ද?
    ඉතින් මෙයා රහත් වෙලා බව එකෙන්ම්ම පෙනවා නේද ?

    අනික උඹලා කියන්න එපා ඔය හාමුදුරුවෝ දෙදෙනා ජනපතිට කියපු එක ගැන මෙයා බය වෙලා මේ ලියුම ලියල කියල රහතුන්වහන්සේලාට බය ඇතිවෙන්නේ නෑ .මෙයා ඔය ලිපිය ලිව්වේ බයට නෙවෙයි ඒ ලිපියෙන් තමුන්ගේ කීර්තිනාමයට හානියක් වේවි කියල . නෑ නෑ බයට නෙවෙයි කිර්තිනාමයට හානියක් වේවි ඒ නිසා තමුන්ගේ ප්‍රසිද්දියට හානියක් වේවි එනිසා තමුන්ව අදහන පිරිස අඩුවේවි එනිසා තමුන්ගේ පන්සල දියුණුව නැතිවේවි කියන …. නෑ නෑ බයට නෙවෙයි මම කියන දේ තේරෙනවද ?

  10. ගැමියා says:

    බුදුරජානන් වහන්සේනමකට හැර වෙන කිසිම කෙනෙකුට වෙනකෙකුගේ අධිගමයන් ප්‍රකාශ කල නොකැක. එබැවින් සමාජයට යන්නට හැර ඔබ නිවැරදිවෙන්න. තම තම අභිමතය පරිදි අධිගමයන් ගැන කියන සියලුදෙනාට තමන්ගේ සංස්කාර විසින් නිසි පිලිතුරු ලැබේවි

  11. සත්‍ය සොයායන්නා says:

    කෙලෙස් මුළුමනින්ම නැති කළ උතුමෙක් කිසිදිනක තමන්ට වීමට යන ව්‍යසනයක්, ගැටලුවක්, කරදරයක් හෝ බාධාවක් පිළිබඳ මුලින් දැක එය සිදුවීමට ප්‍රථම ඉන් ගැලවීමට, ආරක්ෂාවීමට හෝ සැඟවීමට විවිධ අන්දමේ පූර්ව ප්‍රයෝග යොදනුයේ නැත.
    එය සිදුවන අවස්ථාවේ දී ඊට නොබියව මුහුණ දෙනවා හැරෙන්න.
    මක් නිසාද එවන් උත්තමයන් හට අබමල් රේණුවකවත් ජීවිත ආශාවක් නොමැති නිසා…!!!

    සත්‍ය අවබෝධකරගන්නෝ අවබෝධකර ගනීත්වා…!!!

    • සීසේන says:

      නිකන් ගොන් කතා කියන්න එපා බන්. මම අහල තියන දෙයක් මට මතක විදියට කියන්නම්. මම උඹ තරම් ඔස්තාර් කෙනෙක්නම් නෙවෙයි. මට මතක තියන විදියට මුගලන් මහරහතන් වහන්සේ කීපාරක් කීපාරක් හොරු අපවත් කරන්න හැදුවද. උන්වහන්සේ කීපාරක් සෘද්ධි බලය පාවිච්චි කරලා කීපාරක් බෙරුනාද?. උඹ කියන විදියට එක්කෝ අ කතාව බොරු. යකෝ බෞද්ධ කියාගන්න උන්ම තමා මේක කන්නේ. කටවහගෙන හිටපල්ලා එහෙනම්. මොකද උඹ කියනවිදියට මේ හාමුදුරුවෝ කරන්නේ විනාසයක් නම්,, උඹ දීපු පඬි වදන අනුව උඹට සත්‍ය අවබෝධ වෙලා වගේ. එහෙනම් කලබල නොවී හිටියම හරි වෙන දෙයක් වෙන්න ඇරලා. දැන් කියහන් මුත් අරයගෙ පස්සේ යන එකෙක් කියල

  12. සිතුමිණි says:

    රහත් උතුමන්ගේ රහසග අන්තරස්දහන වෙනවා කියල මම අහල තියෙනවා. අඩුම තරමින් එකවත් ඔප්පු කරන්නකෝ.

    • සිංහල ශ්‍රී ලංකා says:

      එහෙනම් රහසඟ කපාගත්තානම් කෙලින්ම රහත් වෙන්ට පුළුවන් වෙයි නේ ?

    • සිරිබිරිස් says:

      කොහෙද එහෙම තියෙන්නෙ. බුදු හාමුදුරුවො වදාළ දෙයක් නම් නෙමෙයි

  13. Dulaj says:

    මේ ශ්‍රමණ වේශධාරියත් වාද වලට යන්න භික්ෂූන්ට අවශ්‍ය නෑ..

    • ඥානඥොක්කිත says:

      ඔව් ඒ නිසා බයට ජනපතිට ලියුම් ගහමු මෙයාව එලවන්න කියලා! හුකෑස්!

  14. නිළමේ says:

    අංගොඩ මානසික රෝහලට යා යුතු පුද්ගලයෙක්. අපොයි බුද්ධ ශාසනය!

  15. arosha says:

    දැන් අවුරුදු 5ක් තිස්සේ උන් වහන්සේ ඉස්සරහට ගිහින් රහත් උන විදිය අහන්න මහානායකලට කොන්දක් තිබුන් නැද්ද? ඒ රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති නිසාද? නැත්තන් සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ ගැන උබලට වඩා දන්නා නිසාද?

  16. දියවඩන නිලමේ says:

    අස්ගිරි හාමුදුරුවෝ නිවන් මග දන්නවනම්, සිරිසේනට සමන්තභද්‍ර ගැන ප්‍රරිකශ්න්යක් කරන්න කියන්නේ ඇයි? ධර්මයට විනයට දාලා බැලුවනම් ඉවරනේ. ආණ්ඩුවට නුල් සුත්තර දාන්න විතරද හාමුදුරුවනේ දන්නේ

    • දහනායක says:

      මිනිහෝ
      සමන්ත බද්ද ඇත්තටම රහත් නම් උඹලා නියම රහත් මාර්ගය දන්නවනම් උඹලගේ බද්ද උදේ ඉඳලා රෑ වෙනකම් උඹලට මිනිහා දන්නා මිනිහාගේම බන කියල දෙනාවන්ම් මොකටද උඹලා මේ පෘතග්ජන පවුකාරයන්ගේ කොමෙන්ට් වලට ප්‍රති උත්තර දෙන්නේ ?බුදුහාමුදුරුවෝ ගියාද චින්චිමානවිකාව ගැන උත්තර දෙන්න ?
      උඹලට බය වෙන්න දෙයක් නෑ නේ ඇයි මේ ජනපතිට පැමිණිලි කල එක ගැන මෙච්චර කලබල වෙන්නේ ?බනින්නේ
      ජනපති මුනියව හම්බුවෙන්න ආවම මුනියට බැරියැ පොඩි ප්‍රාතිහාර්යක් පෙන්නලා ජනපතිව මෙල්ල කරගන්න .හැබැයි අමාරු වෙන එකකුත් නෑ මොකද අපේ ජනාදිපති පොඩි ළමයෙක් වගේ අහිංසකයි සරලයි .අර සංගීත ටින්කර් ඉරාජ් කළා වගේ ඔය මුනියගේ හිස වටේට LED බල්බ් ටිකක් හයි කරලා පත්තු කලොත් ජනපති අනිවාර්යෙන්ම පිලිගන්නවා මෙයා රහත් බව

  17. dammika says:

    පිට කොන්ද තියෙන ධර්මය දන්න එක භික්‍ෂුවක් නැ වාදයට. පුලුවන් ඉල්ලීම් ලියුම් ලියන්න හා මූණ හංගගෙන type කරන්න විතරයි.

  18. Bandula says:

    අස්ගිරි,මල්වතු මහානායකලා නිවන් මග දන්නවනම් ඉතින් මේ ජාතියට මෙහෙම වෙනව ද? ජනපතිට, සමන්තභද්‍රයන් ගැන පරික්ෂා කරන්න කියන්නේ මහා නායකලා ධර්මයට හා විනයට අනුව මහණ කම කරලද? මැති ඇමතිලට පිරිත් නුල් බඳින ඇතැම් තක්කඩි දේශපාලුවන්ට කඩේයන මහා නායකලා සෝවාන් තියා ගොත්‍රබු වෙලාවත් නැතිව රහතෙකුගේ ක්‍රියාවන් ගැන පරීක්ෂාකරන්න රටේ ජනපතිට ලියන්න තරම් නින්දිත වෙලා, කුජීත වෙලා… ඉතින් මේ සිව්රු හොරුන්ගෙන් කෙලෙස රට, දැය, සමය රැකෙන්නද දිනෙන් දින වල පල්ලට යනවා මිසක්…

  19. NIMAL RAJAPAKSHA says:

    hari

  20. සර says:

    අපොයි ! මහනායක හිමි වරුයි ඔය අනෙක් හාමුදුරුවරුයි අනාගෙනම නාගන්න බව එදා පොලීසිය ගෙනල්ලා මහනුවර පාරවල් අවහිර කරා කියලා දැනගත්තහම හිතුනා.

  21. Rasika says:

    Dear commentors
    Without protect at least pansil, don’t talk as you know all the things.

  22. harshana says:

    පිටිදුවේගේ කරඅඹපු සෙට් එකට තර්ක නෑ කියන්න උන් හින් සීරුවේ ලිස්සලා ගියා .මොකද උන් දන්නවා පිටිදුවේ මේවගේ ලියුම් ලියන්න ලියන්න පිටිදුවේගේ රහත් බව ප්‍රශ්න කරන බව .
    බුදුහාමුදුරුවොත් ඒකාලේ පිටිදුවේ වගේ කලානම් අර චිංචි මානවිකාව ගැන රජ්ජුරුවන්ට පැමිණිලි කරාවිනේ එහෙමත් නැතිනම් අර වෙසගනක් මරල පන්සලේ වලලපු වෙලාවේ ලොකු හාහුවක් කරාවිනේ .
    නමුත් දැන් ඉතින් කාලය වෙනස් නේ දැන් ඉන්නේ අපිට පිටිදුවේ ලොක්කා එයා වෙනස් රහත් කෙනෙක් .මිනිහ අල්ට්‍රා මොඩර්න් රහත් කෙනෙක් තේරුනාද මම කියන එක ?

Leave a Comment

Main News