මගේ සැත්කමට කෝටියක් වියදම් කලාට චෝදනා කලත් ජනාධිපති අරමුදලින් තවත් රෝගීන්ට ප්‍රතිකාරවලට මුදල් දුන්නා..

September 5, 2017 at 8:02 am | lanka C news
මගේ සැත්කමට කෝටියක් වියදම් කලාට චෝදනා කලත් ජනාධිපති අරමුදලින් තවත් රෝගීන්ට ප්‍රතිකාරවලට මුදල් දුන්නා..

නින්දවූර් මුලික රෝහල ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සහ නින්දවූර් අයුර්වේද බෝ නොවන රෝග පිළිබද පර්යේෂණ ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

ඉන් පසු නින්දවූර් නගරයේ පැවැති ජන රැළියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

“යහපාලන රජය ලබාදුන් පොරොන්දු ඉටු කරමින් පවතින නිසා ජනතාව නිදහසේ ජීවත් වෙනවා. පැහැරගැනීම්, සුදු වෑන් සංස්කෘතිය අවසන්ව බියෙන් සැකෙන් තොරව ජනතාව ජීවත්වීම ඉතා වැදගත්. යහපාලන රජය බිහි කිරීමේ දී ලබාදුන් තවත් පොරොන්දු ඉදිරියේ දී ඉටු කරනවා. විශේෂයෙන්ම තමන් කැමැති ආගම ඇදහීමට ලබාදුන් නිදහස සහ ජාතිවාදය තුරන් කිරිම විශිෂ්ට ජයග්‍රහණයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ ආශිර්වාදය මත ක්‍රියාත්මක වූ මුලධර්මවාදීන් අද නැහැ. ආගමික අයිතිය ජනතාවට තහවුරු කර තිබෙනවා. මට පසුගිය රජය එපා වුයේ ජාතිවාදය සහ ආගම්වාදය නිසයි. මිනිසත්කම ඊට වඩා වැදගත්. ඉදිරියේ දී ජාතිවාදය සහ ආගම්වාදය යළි මතු වුවහොත් ඊට විරුද්ධව ද සටන් කරනවා. උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහයෝගය ද රජයට ලැබී තිබෙනවා. ජාතිවාය, ආගම්වාදය තුරන් කර ශ්‍රි ලාංකික ජාතිය බිහි කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල වෙනස්කමි රැසක් සිදු කර තිබෙනවා. ඒ යටතේ පිළිකා රෝගීන්ට ජිවිතාන්තය දක්වා නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ තීරණය ඉතාම වැදගත්. මම සෞඛ්‍ය අමාත්‍යධුරයට පත්වන විට එම රොගීන්ට ලබාදුන්නේ රුපියල් ලක්ෂ 15 ක් දක්වා ඖෂධ පමණයි. නමුත් නව තීන්දුවත් සමග මේ වනවිට රුපියල් ලක්ෂ 100, ලක්ෂ 120 දක්වා ප්‍රතිකාර ලබාදී තිබෙනවා. එම වියදම් සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරනු ලබනවා.

මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් වැය කිරිම ගැන තමයි දැන් චෝදනා කරන්නේ. ජනාධිපති අරමුදලෙන් තවත් රෝගීන්ට ප්‍රතිකාර සදහා මුදල් වැය කර තිබෙනවා. නමුත් මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පිළීකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ඖෂධ නොමිලේ සැපයීමට ගත් තීන්දුව ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. එම රෝගීන්ට විශාල සහනයක් ලබා දී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඖෂධ හිගයක් තිබෙනව බවට අසත්‍ය ප්‍රචාර මතු කළා. නමුත් තංගල්ල හා මොණරාගල රෝහල්වල අවශ්‍ය තරම් ඖෂධ තිබෙනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

5,674 Viewers

10 Comments to “මගේ සැත්කමට කෝටියක් වියදම් කලාට චෝදනා කලත් ජනාධිපති අරමුදලින් තවත් රෝගීන්ට ප්‍රතිකාරවලට මුදල් දුන්නා..”

  1. Raj Shalik says:

    Dear Minister, please remember that government is spending tax payers money to give free medicine to cancer patients but not from your personal pocket

  2. ඩෙංගු බන්ඩා says:

    බොරැ කය්වාරැ නැතුව දතෝ චන්දයක් තියල බලපියව් තොපේ ‘යහපාලනයට’ අද තියන ජන ප්‍රසාදය.

  3. NODOMAKING says:

    HORAKAPUVA HORA GEANUNTA DEELADA. APIVANAM MERUNAHAMA PANUVOGAHANNE MEA VAGEE AUN PANUVOGAHALA MERENNE WENASA SEAPADA.

  4. Kolitha says:

    Hirikitha lapays kiyanne boruwaknam apahaasa kalaata naduwak damanna barida…

  5. saitm kukka says:

    Janadipathi aramudala thiyenne rogeenta mudal denna thamai. Habai e nathibari ahinsaka rogeenta nathuwa horakana, mahajanamudal awabawithakarana deshapaluwanta denna nemei. Ehema denawanam janadipathith weradi,wage kiwa yuthui.

  6. Boo says:

    පට්ට හොරා, මූ මට මූනට හම්බවුනොත් මුගේ බොල්ලෑව බඩට යවනවා, කාලකන්නි පරයා.

  7. john the baptice says:

    බල මාළු සල්ලි කෝ මාලු හොරා

  8. gamarala says:

    දත් දොස්තර කම කරලා මාසයකට කොච්චර උපයන්න පුළුවන්ද ?සමාන්‍යයෙන් නැව් එහෙම ගන්න පුළුවන්ද ?මම දන්නේ නෑ ඇමති කෙනෙකුට කොච්චර වැටුපක් ලැබෙනවාද කියලා.නැව් 08ක් අරගෙන තියනවා.දැන් කියයි මේක චීන සමාගමක් කියලා.දැන් බලන්න දැන් මෙයාගේ ලේකම් දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ආයෝජනය මිලියන 600යි.60%ක කොටස් තියනවා.මොකක්ද මේ අනුරාධ සෙනෙවිරත්න එක්ක රාජිතට තියන සම්බන්ධය ?ඇයි ලංකාවේ ධීවර සංස්ථාවට මාළු ලබා නොදෙන්නේ ?ඒ සල්ලි සංස්ථාවට නොදී ලබා ගත්තේ කවුද කියන එක ප්‍රශ්න කරන්න අවශ්‍යයි.

    අල්ලන්න බෑ.ආදාගේ න්‍යායනේ තියෙන්නේ.කොහෙන් ඇල්ලුවත් ආදා ලිස්සනවනේ.මොකද කට හැකරයි.නියම ආදෙකුට තමයි ධීවර අමාත්‍යාංශය දීලා තියෙන්නේ.

  9. john the baptice says:

    2014 රාජිතට එරෙහිව කල අල්ලස් පැමිණිල්ල යට ගසා 2015 පැමිණිලි විභාග කරන්නේ කෙසේද ?

Main News