‘මට උම්මා එකක් ඕනේ කියලා කිවුවා.. ඊට පස්සේ එකක් නෙමෙයි දෙකක්ම දුන්නා..’ අගමැති සිපගැනීම ගැන පූජා කියයි..

August 13, 2018 at 10:00 am | lanka C news
‘මට උම්මා එකක් ඕනේ කියලා කිවුවා.. ඊට පස්සේ එකක් නෙමෙයි දෙකක්ම දුන්නා..’ අගමැති සිපගැනීම ගැන පූජා කියයි..

පසුගියදා සරසවිය සම්මාන උලෙලේදී හොදම නිලියට හිමි සම්මානය දිනාගත් පූජා උමාශංකර් එම වේදිකාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිප ගැනීම මව්බිම පුවත්පත සමගින් අදහස් පල කර තිබේ.

මම වේදිකාවට යද්දි මගේ වම් පැත්තෙ රන්ජන් අයියා හිටියා. මම ළඟදි රන්ජන් අයියා, චන්න විජේවර්ධන මාස්ටර්, උදාරි, උපේක්ෂා, ශනුද්‍රි, අමිල, පුබුදු, ස්වර්ණා මල්ලවආරච්චි අක්කි, ජීවන් අයියා එක්ක මෙල්බන් ගියා සිනෙතරු රැයක් කියන වැඩසටහනට. එතැනදි හැමෝම එක්ක මම යාළු වුණා. ඉතින් මම වේදිකාවට යන්න කලින් රන්ජන් අයියාගෙන් කිස් එකක් ගත්තා. වේදිකාවෙදි අගමැතිතුමා කිව්වා ‘ෂා ඇඳුම ලස්සනයි’ කියලා. ‘ඉන්නකෝ, මෙහෙම කරනකොට දිලිසෙනවා බලන්නකෝ කියලා මම ඇඳුම කරකවලා පෙන්නුවා. ඇඳුමේ ස්ටෝන් එතකොට ලස්සනට පේනවා. මම ලස්සනයිද ඇහුවම අගමැතිතුමා කිව්වා ‘ ආ……… ඔව් ලස්සනයි’ කියලා. සම්මානය ගනිද්දි මම එතුමට කිව්වා ඔබගේ අතින් සම්මානය ගන්න ලැබීම ගෞරවයක් කියලා.

එතකොට අගමැතිතුමා
මොකද කිව්වේ?

ඔයා එන්න කලින් රන්ජන්ගෙන් කිස් ගත්තනේ. සම්මානය ගන්නවට වඩා ලොකු රන්ජන්ගේ කිස් එකනේ කියලා ඔහු මට හිනාවෙලා කිව්වා. ඊට පස්සේ මම ඔහුගෙන් ඇහුවා ‘සර් මට කිස් එකක් දෙන්න අවසර දෙනවද කියලා. එක කිස් එකක් දුන්නට පස්සේ මට තව එකක් ඕනේ කියලා මම කිව්වා. ඒක තමයි වුණේ.

පූජාට නේද හාදුවක්
ඕන වෙලා තිබුණේ?

ඔව්. මට ඕන නිසා තමයි මම ඉල්ලුවේ. මිනිස්සු හිතනවා මෙයා කොහොමද අගමැතිතුමාගෙන් කිස් එකක් ගත්තේ කියලා. ජීවිතයේ මොනවා හරි ඕනේ නම් ඒක කෙනකුගෙන් ඉල්ලන්න ඕන. ඉල්ලුවොත් විතරයිනේ දෙයක් හම්බවෙන්නේ. ඒ වගේ මම අගමැතිතුමාට කිව්වා මට උම්මා එකක් ඕනේ කියලා. ඊට පස්සේ එකක් නෙමෙයි දෙකක්ම දුන්නා.

එහෙම ඉල්ලන්න පූජා දෙපාරක්
හිතුවේ නැද්ද?

මට එහෙම හිතන්න වෙලාවක් තිබ්බේ නෑ. එයා කිස් එකක් දුන්නේ නැත්නම් මම එයාට කිස් එකක් දෙනවා. මේක දේශපාලන වේදිකාවක් නෙමෙයිනේ. මේක සතුටෙන් ආදරයෙන් පිරුණු සම්මාන උළෙලක්. එතැනදි දේශපාලන වේදිකාවක වගේ ඉන්න ඕනේ නෑනේ. මට දේශපාලනය එක්ක සම්බන්ධතාවක් නෑනේ. මම සම්මාන උළෙලට ගිහින් අත රිදෙනකල් හැමෝටම අත්පුඩි ගැහුවා. මට විසිල් ගහන්න බැරි නිසා මම විසිල් ගැහුවේ නැහැ. නැත්නම් විසිලුත් ගහනවා. එතැන ඉන්න ඕන සතුටෙන්. මම ඒ සතුටෙන් තමයි වේදිකාවට ගියේ. මට දේශපාලනයද කියලා අදාළ නැහැ.

ඒ හාදුව ලිප් කිස් එකක් කියලත්
සමහරු කියන්න අරගෙන?

අනේ නැහැ. අගමැතිතුමා හිතුවේ නැහැ මම කිස් එකක් ඉල්ලයි කියලා. එයා දෙවැනි උම්මා එක ඉක්මනට දුන්නා. ඒක ෆොටෝවලට අරගෙන තිබෙන අෑන්ගල් එකෙන් පේන්නෙ ලිප් කිස් එකක් වගේනේ. එයා මගේ තාත්තා වගේ. සතුටින් මම ඒ සම්මානය ගත්තේ. හදවත සතුටින් තියෙනවා නම් ඒක පෙන්නන්න ඕන. මම ඒ වගේ. අනෙක් අයගේ සතුටින් එතකොට තවත් සතුටු වෙන්න පුළුවන්.

– mawbima

38,005 Viewers

12 Comments to “‘මට උම්මා එකක් ඕනේ කියලා කිවුවා.. ඊට පස්සේ එකක් නෙමෙයි දෙකක්ම දුන්නා..’ අගමැති සිපගැනීම ගැන පූජා කියයි..”

  1. රටට හිතවත් says:

    නෙද්දකින්! මොට්ට ………

  2. Wijebahu says:

    Very nice, this is the way all should be, love, kindness. Fun. Not just critisizing all the time. Please baiyas don’t say anything bad about this. For a change say something good.

    • Aceman says:

      LOL ok, I guess for a couple of seconds, Ranil tried out being straight….is that good enough for you?

      • Wijebahu says:

        Why, did he do with u? Is that how u know he is gay? But anyway dont be shy it is a honor.

        • Aceman says:

          I was talking about him kissing that girl in the pic, not me. That’s what happens to people like you who prefer the back door…it’s what’s always on your mind, and confuses you, I guess.

          Maybe it’s an honor for you certainly not for me.

  3. ගමරාළ says:

    ඔන්න ගෑනියෙක් හින්ද ඉතින් යන්තන් කිස් එකකින් ඉවර උනා. ලපටි කොල්ලෙක් එහෙම උනානන් ඉතින් මොනවෑන් මොනවා වෙයිද කියලා හිතා ගන්ඩත් බෑ.

  4. Wijebahu says:

    ikmanatama angoda palatan oka tadawenna issela.

  5. අබුද්දස්ස කාලේ නාක් විසේ says:

    අබුද්දස්ස කාලේ නාක් විසේ…වනචාරි යුගයට. ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුලි ලු බං. ලජ්ජා බය නැති අගමැති.

  6. John the baptice says:

    නෝනාගෙන් කොසු පාර ලැබෙන්න යන්නේ රනිල්ට අබසරණයි

  7. උම්මා උම්බෑ.... උම්බෑ.... says:

    උම්මා උම්බෑ…. උම්බෑ….මේක ගොන් ගහන තැනක්ද? උම්මා උම්බෑ…. උම්බෑ….

  8. pudumai ubata geniyek gen sapak labunu eka pirimin gen ne nitharama sapa labenne

  9. Jonny the man says:

    Pls give me one……

Main News