මට එරෙහිව අදෘෂ්‍යමාන බලවේගයක්.. යහපාලනය යනු බොරුව ඇත්ත කිරීම නොවෙයි..- රනිල්ගේ කමිටුව රවි පට්ටා ගහයි..

February 8, 2018 at 3:26 am | lanka C news
මට එරෙහිව අදෘෂ්‍යමාන බලවේගයක්.. යහපාලනය යනු බොරුව ඇත්ත කිරීම නොවෙයි..- රනිල්ගේ කමිටුව රවි පට්ටා ගහයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් පත් කරන ලද මාරපන කමිටුව විසින් තමන් සම්බන්දයෙන් ලබා දී ඇත්තේ කැකිල්ලේ තීන්දුවක් යයි හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේ වාර්තාවේද කිසිදු එජාප මන්ත‍්‍රීවරයෙකුට චෝදනා එල්ල කර නැති අවස්ථාවකදී මාරපන කමිටුව විසින් තමන් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කරන්නැයි නිර්දේශ කර තිබීම පුදුම සහගත යයිද ඔහු කියා සිටී.

පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

යහපාලනය යනු බොරුව ඇත්ත කිරීම නොවන බවද නායකයන් දේශපාලන වශයෙන් ඝාතනය කිරීම නොවන බවත් ඔහු කීවේය.

තමනට විරුද්දව කටයුතු කිරීමේ දේශපාලන උවමනාවක් ඇති බව හොදින් පෙනී යන බවත් තමන් විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙ සූදානම් වු විශේෂ ප‍්‍රකාශය කිසියම් අදෘෂ්‍යමාන බලවේගයකින් නැවතුනු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

14,979 Viewers

7 Comments to “මට එරෙහිව අදෘෂ්‍යමාන බලවේගයක්.. යහපාලනය යනු බොරුව ඇත්ත කිරීම නොවෙයි..- රනිල්ගේ කමිටුව රවි පට්ටා ගහයි..”

  1. Gamini says:

    රවියො දැන් කරන්න දෙයක් නෑ….හිරේ යන්න සූදානමින් හිටහන්. එදා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන රාජාලියා හදපු අයගෙන් උඹ විතරයි නේද ඉතුරු….අනෙක් සියලුම දෙනට දුන්න නේද සබ්බුව….ලලිත්…ගාමිණී…ප්‍රේමචන්ද්‍ර ….විජේසේකර කවුරුත් දැන් ජීවතුන් අතර නෑ….
    ධර්මපාලතුමාට රට අතාරල යන්න පාර කපපු ලේක් හවුස් පත්තර කාරයන්ට උඹ මොකෙක්ද?

  2. kamalasirikuruwita says:

    ආණ්ඩුවේ එවුන් දෙපිලවෙලා මේ බැන ගන්නේ අපිව අන්දන්න නේ !!! මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  3. ajit says:

    Muge gani St pauls milagirye OG eke Chairman Lamayek danna 7 laks gannawa

  4. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    ඒ කියන්නේ මෙතුමාට යක්ෂ ප්‍රේත බලපෑම් ඇති බව විය යුතුයි

  5. FATE says:

    UNP, SLFE, JVP, TNA (LTTE), MC all are one organisation controlled by external forces (ROW, CIA, EU) to hit foolish Sinhalese.

    Sinhalese are inherently fools and not united………..

    Foolish sinhalies fate will decide by TNA (LTTE), MC, CIA & RAW using UNP, SLFE(appaya), JVP(Jipsees VP) before long.

  6. UNP Api says:

    Adrushyamaana balawegaya wena kawuruwath noweyi. Lalith……… eyaata karapu dewalwalata den passen enawa. berenna beri wevi. pakshe kaapu gewalayaa..

  7. Ravi says:

    මුන් මොනවද මේ කියන්නේ. මම දේශපාලනයට එන්නත් කලින් හතර වටේට පොල් ල තියපු එකා .
    මිනිස්සු මට නඩු දාල ඒ මිනිස්සු ඒ නඩු දිනලත් මම නෙවෙයි ඒවා ගෙව්වේ. එහෙව් මට නේ මේ දෝෂාරෝපණය කරන්නේ.

Main News